ඉන්දියාවේ, නවදිල්ලි නුවරදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයකට ලක්වීමත් සමග එම මිලේච්ඡ සිදුවීමට එරෙහිව නැගී ආ විරෝධතා රැල්ල නවදිල්ල පාලනයද යම් දෙදරවීමට තරම් ප්‍රබල වූ අතර ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයට දැවැන්ත කළු පැල්ලමක් ද ඇතිකලේය.
එම සිදුවීම කෙතරම් ප්‍රබලදැයි පෙනීයන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මුන් පවා මෙම අභාග්‍යසම්පන්න සිදුවීම සම්බන්ධයෙන් ඇගේ පවුලේ අය හට සිය කණගාටුව ප්‍රකාශ කර සිටියහ.
මෙම සිදුවීමත් සමග නවදිල්ලි නගරයේ සෑම විදියක්ම විරෝධතාකරුවන්ගේ පිරීගිය අතර එහිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම් වලින් විශාල ප්‍රමාණයක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගවටද ගැනුණි. නමුත් විරෝධතාවයේ යෙදුනු පිරිස් සිය විරෝධතානය නොකඩවාම දියත් කරමින් ඉල්ලා සිටියේ ස්ත්‍රී දූෂකයන්ට විරුද්ධව පියවර ගන්නා ලෙසත්, නීති දැඩිකරන ලෙසත්ය.විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ එම තරුණිය දුෂණය කළ අයවලුන් හට මරණ දඩුවම ලබාදෙන ලෙසය.
මෙම සිදුවීම සම්බන්දව වෙනත් මානයේ අදහසක් අරුන්දතී රෝයි විසින් දැක්වීය. බ්‍රිතාන්‍යයේ චැනල් 4 රුපවාහිනිය සමග සම්බන්ධවූ ඇය ප්‍රකාශ කර සිටියේ
“ ඇයි මෙම සිදුවීම ඉන්දියාව තුළ මෙතරම් දැවැන්ත කම්පනයක් ඇති කලේ? මන්ද මේ තුල මතුවන අදහස් තමයි ‘දුප්පතුන් අපරාධකරුවන්’ යන්න. අතරවරයට ලක්වූ තරුණිය ඉහළ මාධ්‍ය පාන්තික තරුණියික්, අපරාධකරුවන් යැයි හඳුන්වන පිරිස එළවළු වෙළෙන්දන්,බස් රියදුරන්, කායවර්ධක උපදේශයකයන් වැනි පහළ පාන්තික පුද්ගලයන්. මෙතරම් දැවැන්ත කම්පනයක් ඉන්දියාව තුළ ඇති කිරීමට මෙම පන්ති පරතරය බලපානු ලැබනවා. හමුදා නිළධාරීන්, පොලිස් නිළධාරීන් වැනි ඉහළ මධ්‍යම පාන්තික කොටස් විසින් සිදුකරන ලිංගික අතරවර සම්බන්ධය ඔවුන්ට කිසිදු දඩුවමක් ලැබෙන්නේ නෑ.”

“මෙම විරෝධතාවයන්ගේ බලපෑමෙන් ඉන්දියාවේ ස්ත්‍රීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිමය රාමුවේ වෙනසක් සිදුවූවත් එයද ඉහළ මධ්‍යම පාන්තික ස්ත්‍රීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි සිදුවන්නේ. ඉන්දියන් හමුදාව මුනිපූර්, ඇසෑම් යන ප්‍රදේශවල ස්ත්‍රීන් දූෂණය ’හමුදාමය අවියක්’ ලෙස භාවිත කරනු ලබනවා. නමුත් ඔවුන්ට නීතියෙන්ම ආරක්ෂාව ලැබෙනවා”
අරුන්දතී විසින් ඉන්දියන් හමුදා විසින් කාෂ්මීර් ඇසෑම් මනිපූර් වැනි ප්‍රදේශවල ස්ත්‍රී දූෂණය හමුදා අවියක් ලෙස භාවිත කිරීම යනුවෙන් සිදුකරන පැහැදිළි කිරීම මගේ ලියමනේ දෙවැනි භාගයට ප්‍රවේශය ලබාගත හැකිය.
ස්ත්‍රී දුෂණය ‘මානුෂික මොහෙයුමේ’ අවියක් ලෙස
ස්ත්‍රී දුෂණය නම් වූ අවිය ලංකාවේ සිදුවූ යුද්ධයේදීද ඉතා මිලේච්ඡ ලෙස භාවිතා කරන ලදී. 30 වසර යුධ ඉතිහාසය තුළ ක්‍රිශාන්ත් කුමාර්ස්වාමි,කෝණේෂ්වරී සහ ඉසිප්‍රියාගේ සිද්ධීන් හැරෙන්නට උතුරේදී ස්ත්‍රීන් දුෂණය කිරීමේ අවිය ශ්‍රී ලංකා හමුදාව විසින් භාවිත කළ ආකාරය සම්බන්ධව පුවත් එළියට පැමිණියේ ඉතා අවම ලෙසිනි.
1996 ජුනි මාසයේදී අම්පාරේදී පොලිස් නිළධාරීන් දස දෙනෙකු විසින් දූෂණය කර යෝනිය තුළට අත්බෝම්බයක් දමා පුපුරවා හැර අමානුෂික ලෙස මරා දැමූ තෙදරු මවක් වන කෝනේශ්වරීගේ සිදුවීම පවා දකුණ එතරම් සලිත කලේ නැත.
විශේෂයෙන් දෙමළ මාධ්‍යවේදිනියක් වූ ඉසිප්‍රියා දූෂණය කර ශ්‍රී ලංකා හමුදාව විසින් මරාදැමූ බවට රූපමය සාක්ෂි පවා අණාවරණය වෙද්දී අවම තරමින් ලංකාවේ කිසිදු කාන්තා සංවිධානයක්වත් එම තරුණියට ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකළ අපරාධය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුනොකිරීමට තරම් පරිස්සම්වුනි.
ඉන්දියානු තරුණිය සම්බන්ධයෙන් දිනපතා පුවත් පළකරන සියලු සිංහල පුවත්පත් ඉසිප්‍රියා සම්බන්ධයෙන් පළකළ එකම පුවත වූයේ ඇය සම්බන්ධව ශ්‍රී ලංකා ආරක්ෂක අමාතංශය විසින් සිදුකළ ප්‍රකාශයයි.
“ චැනල් 4’ වාර්තා චිත්‍රපටය මගින් මාධ්‍යවේදිනියක ලෙස පෙන්වා දෙන ලද ‘ඉසිප්‍රියා’ නැමැති කාන්තාව කොටි සන්නද්ධ අශයේ සාමාජිකාවක් බව ආරක්‍ෂක අංශ හඳුනාගෙන තිබේ. කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් රැසකට ‘ඉසිප්‍රියා’ සම්බන්ධ වී ඇති ආකාරය සහ ඒවායේ ඡායාරූප මේ වන විට ආරක්‍ෂක අමාත්‍යාංශයට ලැබී ඇත. මෙම කාන්තාව 1982 වසරේ යාපනයේදී උපත ලබා ඇති අතර ඇය කොටි සංවිධානයට බැඳී කොටි හඬ සහ කොටි රූපවාහිනි සේවයේ නිල නිවේදිකාව වශයෙන් කටයුතු කර ඇතැයි අනාවරණය වී ඇත.” ( දිණමින – 2011 ජූනි 11)
අප මදකට දිණමින පුවත්පත ඇය සම්බන්ධව පවසන සියල්ලම නිවැරදියැයි මොහොතකට උපකල්පණය කරමු. ප්‍රශ්ණය ඇය දුෂණය කර මරා දැමීමට ශ්‍රී ලංකා හමුදාවට ඇති අයිතිය කුමක්ද යන්නයි.
ඉන්දියානු තරුණිය සම්බන්ධයෙන් ලංකාවේ ලිපි ලියන,විරෝධතාවයේ යෙදෙන කාන්තා සංවිධාන , සමාජ ක්‍රියාකාරීන්ගේ අසන්නට තිබෙන ප්‍රශ්ණය උතුරේ දෙමළ ස්ත්‍රීන් සහ ඉන්දීය තරුණිය බෙදනු ලබන බෙදුම් රේඛාව කුමක්ද යන්නයි.
අරුන්දතී රෝයි චැනල් 4 සමඟ පැවසූ ලෙසම ඉන්දීය හමුදා කාෂ්මීර් මනිපූර් , ඇසෑම් ප්‍රදේශවලදී ‘ ස්ත්‍රී දූෂණය ‘ සිය අයුධයක් ලෙස භාවිත කරද්දී ශ්‍රී ලංකා හමුදාව උතුරේ දීද එය එලෙසම භාවිත කළහ.
දෙමළ මාධ්‍යවේදිනියක් වූ ඉසිප්‍රියා දුෂණය කර ඝාතනය කිරීම සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන කමිටුව (CPJ) පවා ප්‍රකාශ කර සිටිද්දී මෙරට මාධ්‍ය සංවිධාන නිහඬව සිටී.
විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදාව අතර යුද්ධයේ අවසන් කාලසීමාවේදී ශ්‍රී ලංකා හමුදාව වෙත බාරවූ විශාල දෙමළ තරුණියන් සහ කාන්තාවන් ප්‍රමාණයක් විවිධාකාරයේ ලිංගික හිංසනයන්ට ලක්වූහ.
යුද්ධය අවසනයේ හමුදාව වෙත බාරවූ විමුක්ති කොටි සමාජිකාවන් 2000- 3000 අතර ප්‍රමාණයකට සිදුවූයේ කුමක්ද ඔවුන් කුමන තැනක රඳවා සිටින්නේද යන්න තවමත් අණාවරණය වී නොමැත. නමුත් ශ්‍රී ලංකා රජය පවසා සිටින්යේ ඔවුන් භාරයේ සිටියේ 600 පමණක් බවයි.
අන්තර්ජාතික අර්බුද කණ්ඩායම (International Crisis Group) විසින් 2010 වර්ෂයේදී නිකුත් කරන ලද වාර්තාවේ ලංකාව සම්බන්ධ පරිච්ඡේදයේ දැක්වෙන්නේ අවතැන් කඳවුරුවලදී කාන්තාවන් විශාල ප්‍රමාණයක් දුෂණයට සහ විවිධ ලිංගික අතවරයන්ට ලක්ව ඇති බවයි.
” ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනගහණය පාලනය කිරීමේ අරමුණින් සැලසුම් සහගතව දෙමළ කාන්තාවන් දුෂණය කරමින් ඝාතනය කරනු ලබනවා. ස්ත්‍රී දුෂණ ශ්‍රී ලංකා හමුදාව විසින් ඔවුන්ගේ ප්‍රධාන අවියක් ලෙස භාවිත කරනු ලබනවා “ ආසියානු මානව හිමිකම් කොමිසම
වන්නියේ සේවය කරන වෛද්‍යවරයෙන් ටැමිල් නෙට් වෙබ් අඩවිය (Tamilnet) සමඟ පවසා සිටියේ උතුරේ කාන්තාවන් දෙවතාවකදී විවිධ ලිංගික අතවරයන්ට මුහුණ දීමට සිදුවන බවත් ඉන් පළමු වැන්න අවතැන් කඳවුරු වල සිටියදී සහ දෙවැන්න ඔවුන් ආරක්ෂක අංශ කියනා පරිදි නිදහස් කිරීමෙන් පසුවද බවයි.
හිටපු විමුක්ති කොටි සංවිධානයේ සමාජිකාවන් ඇතුළු විශාල තරුණියන් ප්‍රමාණයක් හමුදා සාමාජිකයන් අතින් ගැබ්ගෙන ඇති බවත් ” ගොඩක් සිදුවීම්වලට කුමක් කියන්නේද කියාවත් මට හිතාගන්න බෑ. වන්නියේ කාන්තාවන් සඳහා කිසිදු සුරක්ෂිත භාවයක් නෑ.” ඔහු තවදුරටත් පවසා ඇත.
රටින් පිටත අන්තර්වාර දෙමළ ඊළාම් රජය විසින් නිකුත්කල වාර්තාවක දැක්වුනේ උතුරේ සහ නැගෙනහිර වැන්ඳඹුවන් 90,000 කට විවිධ ලිංගික බලහත්කාකම් සහ අතවර හමුදාවෙන් සිදුවී ඇති බවයි. යුද්ධයෙන් පසු කාලසිමාව තුල උතුරේ කාන්තාවන්ට මුහුණ දිමට සිදුව ඇති ලිංගික අතවරයන් වැඩිවි ඇති බව පවසමින්, ‘උතුරේ දමිළ කාන්තාවන් එකතුව’ අමෙරිකානු රාජය ලේකම් හිලරි ක්ලින්ටන් පසුගිය මැයි මාසයේදී ලිපියක් පවා ඉදිරිපත් කෙරුණි.
ශ්‍රී ලංකා හමුදාව සෑම අවස්ථාවලදීම ස්ත්‍රී දූෂණය ලිංගික වඳහිංසා සිදුකිරීම සිය අවි ලැයිස්තුවේ ඉහළින්ම තබාගත් බවට ඕනෑතම් සාක්ෂි දකුණෙන්ද තිබේ.
දකුණේ සමාජය කම්පනයට පත්කළ ‘ප්‍රේමවතී මනම්පේරී ඝාතනය’ ශ්‍රී ලංකා හමුදාවේ ලිංගික වඳහිංසාවන්ට හොද උදාහරණයකි. එලෙසම එම 71 සහ 88-89 දී ජනතා විමුක්ති පෙරමුණේ තරුණ නැගිටීම් වලදී දහස් ගණනක් දකුණේ තරුණියන් දූෂණයට සහ ලිංගික වඳහිංසාවන්ට ලක්විය.
පසුකාලීනව සිංහල ජනයාගේ වීරයෙකු බවට පත්වූ කර්නල් මුතාලිෆ් නම් හමුදා නිළධාරියා (එවකදී ඔහු මේජරවරයෙකි) 88-89 අවදියේදී කොළඹ විශ්ව විද්‍යාලය සහ බොරැල්ල ප්‍රදේශයේ සිනමා ශාලාවක් තුළ පවත්වාගෙන ගෙනගිය වඳකඳවුර හි සිය ගණනක් තරුණියන් විවිධ ලිංගික වඳබන්ධනයන්ට ලක් කිරීමට වගකිව යුත්තෙක් බව එවක ඉතිහාසය හැදෑරීමේදී පෙනීයයි.
‘උතුරේ හමුදා ස්ත්‍රී දුෂණ සාධකය’ මඟහැර යැම
ලංකාවේ කාන්තාවන්ට එරෙහිව සිදුවන විවිධ ලිංගික වඳබන්ධයන්ට එරෙහිව දකුණේ සමාජය පෙළගැසීමේදී ‘උතුරේ හමුදා ස්ත්‍රී දුෂණ සාධකය’ මගහැරි යා නොහැකි සාධකයක් බවට පත්වී තිබේ.
උතුරේ ස්ත්‍රියට හමුදාව වෙතින් සිදුවන විවිධ ලිංගික වඳබන්ධනයන් එරෙහිව දකුණේ කාන්තාවන් පොළනොගැසෙන තුරු දකුණේ ස්ත්‍රියට එරෙහිව නැවත වටයකින් හමුදාව සිය භායානකම අවිය භාවිත කිරීමේ අභියෝගය පවතිනු ඇත.
ඉන්දීය තරුණිය දූෂණය කිරීම අප කියවා ගත යුත්තේ එම සරල සහයෝගය දැක්වීමකින් නොව අතීතය පුරා ස්ත්‍රී දුෂණය සිය අවියක් ලෙස භාවිත කිරීමට එරෙහිව වඩා පුළුල් කථිකාවක් ආරම්භකර ගැනීමය. එහිදී නැවත අවධාණය කරනු ලබන්නේ උතුරේ හමුදා ස්ත්‍රී දුෂණ සාධකය මගහැර එම සංවාදය ගොඩනැගිය නොහැකි බවයි.
රාමසාමි මාලන්



Discussion
No comments yet.