you're reading...
සාමාන්‍ය පුවත්

– ඔහු ඝාතනය කර වසර 12 යි –

nimalarajan

විකල්ප මාධ්‍ය වෙත පවා ඔහුව අමතක කර ඇත. විශේෂයෙන් ඔහු ලිපි සැපයූ රාවය පුවත්පතට පවා මෙවැනි මාධ්‍යවේදියෙකු සිටියාද කියාවත් මතක නැත.උතුර දකුණ සාමයේ පාලම් තනනන්ට වෙරදරන කණ්ඩායම් වලටද උතුර දකණු සංහිදියාවේ මානුෂික බැදීමක් වූ නිමලරාජන් මරාදාම වසර 12 ගතවූ බවත් මතක නැත.

2000 වර්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය ගෙන යන සමයේ අනුරුද්ධ රත්වත්තේ ආරක්ෂක ඇමතිවහුන් සමයේ  ඔක්තෝමබර් 19 වැනිදින ඇදිරි නීතිය පනවා තිබූ රැයේදී අධිආරක්ෂිත කලාපයක් ලෙස නම්කර තිබූ ප්‍රදේශයක් තුළදීම ආයුධ සන්නද්ධව පැමිණි හමුදාවේද රජයේද සහය ලබන  ඝාතකයෝ  නිමරාජන්ව නිවස තුළදීම වෙඩිතබා මරාදැමූහ. වෙඩි තැබුවා පමණක් නොව ඔහු රැදීසිට කාමරය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකෙරුණි. එම ප්‍රහාරයෙන් නිමලරාජන්ගේ මව සහ දරුවාද තුවාල ලැබීය.

ඔහුව මෙසේ ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ ඔහු දිගින් දිගටම යාපනයේ සිද්ධවෙමින් පැවති ක්‍රියාධාමයේ සත්‍ය මාධ්‍ය වෙත හෙළිකර සිටීමයි. නිමලරාජන් ඝාතනය කරන්නට මෙහොතකට පෙර බීබීසී සේවයට ඔහු විසින්   වාර්තාකර තිබූ තොරතුරු විකාශණය වී ඇත. ඉන් ටිකවේලාවකින් පසු රජයේ ආශිර්වාදය ලබන ඝාතකයන් ඔහු සොයා පැමිණි ඇත.

ඔහුගේ නිවස පිහිටා තිබෙන් ආසන්නයේ හමුදා මූරපෙළවල් කීපයක්ම පිහිටා තිබුණි. ඊටත් අමතරව එම මුළු ප්‍රදේශයම අධිආරක්ෂිත කලාපයකි. මෙවැනි පසුබිමක් යටතේ ඔහුව ඝාතනය කරන්න හමුදාවේ ආධාර නොමැතිව කිසිවෙකුට පැමිණිය නොහැකි අතර ඝාතනයක් සිදුකර පලා යාද නොහැකිය.   මෙය හමුදාවේ අනුදැනුම මත සිදුවූ ඝාතනයක් බවට බොහෝ සාධක තිබුණි.එවක යාපනය භාර හමුදා ආඥාපති වූයේ සරත් ​ෆොන්සේකාය.

නිමරරාජන් ඝාතනය තවත් එක් ජනමාධ්‍යවේදියෙකු   ඝාතනය කිරීමක් පමණක් නොව රාජ්‍ය මර්ධනය කෙතරම් මිලේඡ්දැයි පැහැදිළිවන ඝාතනයක් විය.

අදවන විට  නිමලරාජන් ඝාතනය කර වසර 12 ක් ගතවී ඇත. කොළඹ රජයන් කිසිවක් නිමලරාජන් ඝාතන​ය කළ ඝාතකයන් නීතිය ඉදිරිය පැමිණවීමට හෝ ඒ පිළිබඳ නිසිපරිදි  පරීක්ෂණ කටයුතු හෝ පැවැත්වීමට උස්සුක වූයේ නැත.

මෙම ඝාතනය වගකිය යුතු තැනැත්තා එවක රජයේදී සහයකයෙකු වූ අතර මෙවක රජයේ සහයකයෙකු වෙයි.

දෙමළ ජනතාව දහස් ගණනක් ඝාතනය කර ඉන්පසුව සංහිදියා ගැන කථා සංදර්ශණ පවත්වන  කොළම සිංහල අධිපතිවාදී රජයන් නිමලරාජන්ගේ බිරදට සහ ඒ දරුවන්ට වසර 12 ක් ගතවී ඇතැත් යුක්තිය ඉටුකර ඇද්ද?

එයින් කියවෙන්නේ කොළඹ රජයන් යටතේ දෙමළ ජනයාට යුක්තිය කෙදිනකවත් ඉටුනොවන බව නොවේද?

Advertisements

Discussion

One thought on “– ඔහු ඝාතනය කර වසර 12 යි –

  1. Hi, this is a comment.
    To delete a comment, just log in, and view the posts’ comments, there you will have the option to edit or delete them.

    Posted by Mr WordPress | October 19, 2012, 7:19 am

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements