you're reading...
අදහස්

ඉඩ දීපල්ලා අපටත් ජීවත් වෙන්න…..

ඔවුහු ලේ වගුරුවා, අනාගත හීන තුරුළු කොට ගෙන මාතෘභූමිය තුළදීම මියැදුණහ.”දෙමළාට කෙළවුණා යැයි” කියා උදම් අනමින් හෙළුවෙන් හුන් සිංහලයන් බෙරි වුණු  කිරිබත බුදින්නට පටන්ගත්තේය.කිරිබත් කා දෑත් පිසදාගත් පසු ආශ්චර්යය තුළ බොහෝ උන් සිතුවේ ප්‍රශ්නය නිමා වූවා යැයි කියාය.නැත ! ප්‍රශ්නය වඩාත් උග්‍ර වූයේ එතැන් පටන්ය.


ජාත්‍යන්තරය ඉදිරියේ සතර අභිනයට අමතරව තවත් අභිනයක්ද යොදාගනිමින්(එය නාට්‍ය ශාස්ත්‍රෙයේ නැත,ඇත්තේ මහින්ද ශාස්ත්‍රයේය.එනම්,පච වාචික අභිනයයි.) රංගනයේ යෙදී “ජාතීන්ගේ සංහිඳියාව” පිළිබඳව මරසි කතා පවසන්නේ සිංහල “පර්සි”ය.

ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව, ජාතිමාමකත්වය සම්බන්ධව ලෝකයට පවා ආදර්ශ දීමට උපන් හපන් දේශයක(ලාංකිකයන් සියක් වරක් මිශ්‍ර වී ඇති බව උනුන් දන්නේ නැත.)වත්මන් නියමුවන් උතුරේ තවදුරටත් “හමුදා නීතිය” තර කරමින් අහිංසක දෙමළාට තග පෙන්වමින් සිටින්නේය.දකුණේ මුර දේවතාවන් උතුරේදී “අමු යක්ෂයන්” වූ අයුරු උතුරුකර වැසියන්ට මතක් කර දීමට අටුවා ටීකා අවැසි නැත.වත්මන් මේ මොහොතේදී ද දෙමළ ජනයාගේ සියලුම අයිතිවාසිකම් හමුදා පාලනයක් මගින් අවහිර කර ඇත්තේය.

එයින් පොලිසියද පීඩාවට පත්ව සිටින්නේය.දකුණු ඉන්දීය සිනමා පටයකදී පීචං වන මෙගා පොලීසියේ “බඩී හැඩය” ශ්‍රී ලංකා පොලීසියයි.හමුදා ආධිපත්‍යය ඉදිරියේ පොලිසියද ස්වකීය අංගජාත ගලවා දමා ඇත.

උතුරට බලෙන් නාමිකව වසන්තය ඔබ්බවා පාලකයන් “පුෂ්පය විකසිත වීමට ප්‍රථමයෙන්”එය පුප්පවන්නේය.එවිට ජනිත වන්නේ තාවකාලික සුවඳකි.නැවතත් සුළු මොහොතකින් පුෂ්පය මිලාන වී පැරණි ඉරණමම අත්වන්නේය.

ජාතීන්ගේ ස්වයං නීර්ණ අයිතිය නිවැරදිව පිළිගන්නවා වෙනුවට “සමාජවාදීන් යැයි කියා ඇණ ගසාගෙන බුදු Talks වමාරන” දකුණේ පුහු මන්ද බුද්ධිකයන් දැන් අන්ද මන්ද වී සිටින්නේය.බර අවි යොදා ගනිමින් සිවිල් සංහාරය සිදු කිරීමට පිඹුරුපත් සැකසූ උනුන් දැන් කිඹුල් කඳුළු හෙළුවාට පලක් වන්නේ නැත.”එක අහසක් යට” පියාසලන්නට දෙමළාටද අතවනන අනෙක් සහෝදරයන් දෙමළුන් සමූල ඝාතනය කිරීමට අණ දුන් සෙන්පතියාගේ විජයග්‍රහණය වෙනුවෙන් කලෙකදී”සට්ටංරාළලා” වූ බව නොරහසකි.තව දුරටත් සුපැහැදිලි “ස්වයං විවේචනයන් ” එම කණ්ඩායමට තිබිය යුතුය.

නිවැරදි මාවත ඇත්තේ ඉන් ඔබ්බටයි.දකුණට සේම උතුරේ ජනයාටද  දේශපාලන නිදහසක් පැවතිය යුතුය.චින්තනයේ හා භාෂණයේ නිදහස කතිකාවට ලක් කිරිමට ප්‍රථමයෙන් අභියෝගයට ලක්ව ඇත්තේ “ජීවත් වීමේ නිදහසයි.” සැබෑම සංහිඳියාව ඇත්තේ එකී ජීවත් වීම සහතික කිරීම තුළය.අධිපතිවාදී ධනේෂ්වර රෙජීමයකට එය කිසිසේත්ම කළ නොහැක්කේය.ඉදින්,සැබෑ සතුරන් සේම මිතුරන්ද හඳුනාගෙන පැරණි ගිවිසුම පසෙකලා “අලුත් ගිවිසුම” ලිවීමට සමාජ බයිබලයේ නව විකල්ප පිටු සූදානමිනි.මේ ගෙවි යන්නේ සංක්‍රාන්තියයි…….

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements