you're reading...
දේශපාලනය

සිංහල දෙමළ සමගියට ගෝඨාභය බාධාවක් – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ක්‍රියාකලාපය දෙමළ හා සිංහල ජනතාව අතර පවතින යම්තරමක හෝ සංහිදියාව තවදුරටත් දුර්වලවනු ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

මෑතකදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකල 13 වැනි ව්‍යවස්තාව අහෝසි කළයුතු බව ප්‍රකාශ කිරීම ලදෙමළ ජනතාවට ප්‍රශ්ණ නැතැයි ප්‍රකාශ කිරීම, උතුරේ හමුදා කඳවුරු කිසිවක් ඉවත්කර ගන්නේ නැතැයි ආදී වශයෙන් අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ සීමාව ඉක්මවා යමින් දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්ණය සම්බන්ධයෙන් අත්නෝමතික ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධව සිය අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

‘ඇත්තෙන්ම ඔහුගේ හැසිරීම එක්තාර ආකාරයක නාටකයක්. ඔහු එහි රඟපාන්නේ රට තුළ කුමක් සිදුවන්නේද යන්න නොදන්නා ලෙස. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ජාතීන්ගෙන් නිදහස් ලැබූ දා සිටම දෙමළ ජාතියට විවිධ අඩම්තේට්ටම නොසලකා හැරීම් සිදුවුනා.

දෙමළ ජනතාවට නොවිසඳුනු සුවිශේෂී ප්‍රශ්ණ රාශියක් තිබෙන බව සියල්ලන්ම දන්නා කාරණයක්. එය මෙතෙක් ලංකාවේ පත්වූ සියලු ජනාධිපතිවරු, අගමැතිවුරු පවා පිළිගත් කාරණයක්. මේ ප්‍රශ්ණ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ප්‍රමුඛ ප්‍රශ්ණය. දෙමළ ජනයාට තමන්ගේ දේශපාලන අයිතිය අවශ්‍යයි. ඒ සඳහා අවංක දේශපාලන විසදුමක් අවශ්‍යයයි. ආරක්‍ෂක ලේකම්වරයාගේ හිතුවක්කාර ක්‍රියාකලාපය සහ ප්‍රකාශ දෙමළ හා සිංහල ජනතාව ජනතාව තවදුරටත් ඇත් කරනයවා’  යයිද හෙතෙම සඳහන් කරයි.

දෙමළ හා සිංහල ජනතාවට යළි කිසිදිනෙක එක්ව එක රටක වාසය කළ නො හැකි තත්ත්වයක් ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්මාණය කරමින් සිටින බවත් යමක් ප්‍රකාශ කිරීමට ප්‍රථම තමා ප්‍රකාශ කරන්නේ කුමක්දැයි විමසිලිමත් වියයුතු යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Source | Lanka News Web

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements