you're reading...
යුධ අපරාධ

බාලචන්ද්‍රන් ඝාතනය ‘යුධ අපරාධයක්’

විමුක්ති කොටි නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයා වන 12 හැවිරිදි බාලචන්ද්‍රන් මරාදැමීම දරුණු ගණයේ අපරාධයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසා සිටි.මන්ත්‍රීවරයා එසේ පවසා සිටියේ ඊයේ පාර්ලිමේන්තුව කල්තබන අවස්තාවේදී අදහස් දක්වමිනි.

එහිදී මන්ත්‍රීවරයා කරුණු දක්වා සිටියේ කේපී රාජපක්ෂ රජයට අහිංසකයෙක් වන්නේ නම්, විමුක්ති කොටි නායකයාගේ 12 හැවිරිදි පුත්‍රයා අහිංසකයෙකු නොවූයේ ඇයිද යන්නයි. බාලචන්ද්‍රන් ඝාතනය කිරීම දරුණු ගණයේ අපරාධයක් බව ඔහු පවසා සිටියේය.

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත්‍රයා වන බාලචන්ද්‍රන් ප්‍රභාකරන් යුද හමුදාවට භාරවීමෙන් පසු මරා දැමූවේ ගෝඨාභය රාජපක‍ෂ මහතාගේ ඍජු උපදෙස් පිට එවකට 53 වැනි බලසේනාංකාධිපති ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත බව මීට පෙර  Lanka news web වෙබ් අඩවිය  කරන ලදී.

බාලචන්ද්‍රන් ඝාතනය කළේ ගෝඨාභයගේ උපදෙස් පිට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයි

2009 වසරේ මැයි 19 වැනි දින උදෑසන 7.30ට පමණ බාලචන්ද්‍රන් ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී හමුදාවට භාරවී ඇත්තේ 4 වැනි විජයබා පාබල රෙජිමේන්තුවේ සැරයන් මුතුබණ්ඩාගේ නායකත්වයෙන් යුතු 08 දෙනෙකුගෙන් යුත් හමුදා භට කණ්ඩායමකට ය.

තම පියා වන කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් හමුදා වෙඩි පහරින් මිය ගිය බවත්, ඔහුගේ සිරුර නන්දිකඩාල් කලපුවේ කඩොලාන පඳුරු අතර සඟවා ඇති බවත් ප්‍රභාකරන්ගේ පුත්‍රයා හමුදා සෙබළුන් වෙත පවසා තිබේ. ඒ අනුව සැරයන් මුතුබණ්ඩා සහ ඔහු අයත් 4 වන විජයබා පාබල රෙජිමේන්තුවේ ”සී” කණ්ඩයේ ලූතිනන් නාලක වෙත දැනුම් දී තිබේ. ඉන්පසු ලූතිනන් නාලක සහ ”සී” කාණ්ඩයේ තවත් නිලධාරියෙකු වන කිරින්ද සහ සැරයන් විජේසිංහ නැමැත්තන්ගේ නායකත්වයෙන් යුතු තවත් කණ්ඩායමක් සමග ඒ මොහොත වන විට නන්දිකඩාල් කලපුවේ සෝදිසි මෙහෙයුමක නිරතව සිට ඇත.

ලූතිනන් නාලක විසින් ප්‍රභාකරන්ගේ පුත්‍රයා යැයි කියා ගන්නා කෙනෙකු ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක‍ෂකයින් දෙදෙනෙකු සමඟ හමුදා භාරයට පත් වී ඇති බව 4වන විජයබා පාබල රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරි ලූතිනන් කර්නල් රෝහිත අලූවිහාරේ වෙත දැනුම් දී ඇත. එවිට ලූතිනන් කර්නල් අලූවිහාරේ ඔහු අයත් 681 වන බලසේනාවේ බල සේනාධිපති ලෙස කටයුතු කළ ලූතිනන් කර්නල් ලලන්ත ගමගේ මගින් අදාළ සිදුවීම් 53වන සේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් එවකට බ්‍රිගේඩියර් කමල් ගුණරත්න වෙත දැනුම් දී ඇත. බ්‍රිගේඩියර් කමල් ගුණරත්නගෙන් ලද උපදෙස් අනුව ලූතිනන් නාලක ඇතුළු කණ්ඩායම සමඟ බාලචන්ද්‍රන් නන්දිකඩාල් කලපුවේ කඩොලාන කැලයට රැගෙන ගොස් ප්‍රභාකරන්ගේ සිරුර හමුදාවට පෙන්වා තිබේ.

අනතුරුව බාලචන්ද්‍රන්ව පෞද්ගලිකව කර්නල් ලලන්ත ගමගේ විසින් නන්දිකඩාල් කලපුවේදී භාරගෙන ඔහුව මේජර් ජෙනරල් කමල් ගුණරත්න වෙත රැගෙන ගොස් ඇත. මේජර් ජෙනරල් කමල් ගුණරත්න විසින් පෞද්ගලිකව ඔහුගෙන් ප්‍රශ්න කොට ඇති අතර, බාලචන්ද්‍රන් පවසා ඇත්තේ පෙරදින රාත්‍රියේදී හමුදාව සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී තම පියා මිය ගිය බවය. ඉන්පසුව පියාගේ සිරුර කලපුවේ කඩොලාන ගස් අතර සඟවා සටනින් පසුව ජීවතුන් අතර සිටි පෞද්ගලික ආරක‍ෂකයින් දෙදෙනෙකු සමඟ පැමිණ කලපුවේ සිටි හමුදා සෙබළුන්ට භාර වූ බවය.

තම මව සහ සොයුරිය වෙනම ද තමන් සහ පියා වෙනම ද වශයෙන් බෝට්ටු දෙකක නැගී කලපුව තරණය කිරීමට පැමිණි බවත්, ඉන්පසු වෙඩි හුවමාරුවක් ඇති වූ අතර මව සහ සොයුරියට සිදුවූ දෙයක් නොදන්නා බව බාලචන්ද්‍රන් හෙළි කර ඇත. පියා සහ තමා ඉතිරිව සිටි පෞද්ගලික ආරක‍ෂකයන් සමඟ එක් වී සටන් කළද දෙදෙනෙකු හැර අනෙක් සියලූ දෙනාම පියා සමඟ මරුමුවට පත් වූ බව බාලචන්ද්‍රන් හෙළි කර ඇත.

මේජර් ජෙනරල් කමල් ගුණරත්න විසින් බාලචන්ද්‍රන්ගෙන් ප්‍රශ්න කොට දැනගත් මේ සියලූ තොරතුරු ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂ මහතාගේ ජංගම දුරකතනයට අමතා ඔහු වෙත දැනුම් දී ඇති අතර,එම සියලූ තොරතුරු ආරක‍ෂක ලේකම්වරයා විසින් කරුණාඅම්මාන් වෙත දැනුම් දී ඇත.

කරුණාඅම්මාන් ආරක‍ෂක ලේකම්වරයාට පවසා ඇත්තේ ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් අනාගතයේදී එල්ටීටීඊ නායකත්වයට පත් වීමට ඉඩ ඇති බවත්, ඔහු කුඩා දරුවකු නිසා උසාවිය මගින් පවා නිදහස් කිරීම සිදුවිය හැකි බවත්, එබැවින් ඔහු මරා දැමීමට සුදුසු බවත්ය. ඒ අනුව මේජර් ජෙනරල් කමල් ගුණරත්න ඇමතූ ආරක‍ෂක ලේකම් ගෝඨාභය රාජපක‍ෂ මහතා මේජර් ජෙනරල්ගේ පෞද්ගලික අධීක‍්ෂණය යටතේ බාලචන්ද්‍රගේ වෙඩි තබා ඝාතනය කොට සිරුර විනාශ කරන ලෙස නියෝග කොට ඇත.

Source | Lankanewsweb

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements