you're reading...
දේශපාලනය

ප්‍රංශයේ දෙමළ දේශපාලන ක්‍රියාධරයෙකු ඝාතනය කරයි

Nadarajah Mathinthiran

දෙමළ දේශපාලන ක්‍රියාධරයෙකු වන නඩරාජ් මතීන්දිරන් නොහොත් පාරිතී ඊයේ සවස (08) වැනිදා අභිරහස් ලෙස ඝාතනය කර තිබේ. ඝාතනය වන විට 50 හැවිරිදි වියේ පසුවූ පාරිතී 90 දශකයේ මැද භාගයේදී විමුක්ති කොටි සංවිධානයේ ඉවත් වී 2003 වසරේ සිට ප්‍රංශය මූලික කරගනිමින් දෙමළ සම්බන්ධීකාරක කමිටුව පිහිටුවා එය සමගින් දෙමළ ජනයාගේ දේශපාලන අරගලය සමගින් සෘජුව කටයුතු කලේය.

නිදහස් දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ප්‍රදීප්, පාරිතී මරාදැමීම සම්බන්ධව ටැමින් නෙට් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණේ, මෙම ඝාතනය ශ්‍රී ලංකා ආරක්ෂක අංශ උවමනාවට සිදුකළ දෙයක් බවයි. ” මෙම ඝාතනය සිදුවී ඇති ආකාරය බැලුවාම අපට පැහැදිලී මෙය ආරක්ෂක අංශය විසින් දෙමළ ඩයස්පෝරා දේශපාලන ක්‍රියාධරයන් දඩයම් කිරීම ආරම්භකර ඇති බව”

ප්‍රංශ පොලීසිය මෙම ඝාතනය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නඩරාජ් මතීන්දිරන් ඊයේ සිය සංවිධානය වූ දෙමළ සම්බන්ධීකරණ කමිටු (TCC) කාර්යාලයෙන් පිටවගොස් ඇත්තේ රාත්‍රී 9.00ට පමණ අතර ඔහු මරාදැමීමට 3වතාවක් වෙඩි තබා ඇති බව මෘත ශරීරයේ වන සලකුණු වලින් පැහැදිළිවෙයි.

TCC කාර්යාලය ආසනයේ බස්නැවතුම් පෙලක් අසල දී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවත්, ඝාතකයා පාරිතී ට වෙඩිතබා ඇත්තේ පාරේ අනෙක් පැත්තේ සිටය. මේ පිළිබඳ පරීක්ෂණ දක්වන ප්‍රංශ පොලීසියේ අදහස වී ඇත්තේ මෙම ඝාතකය ඉතා සැලසුම් සහගත ඝාතනයක් බවයි.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements