you're reading...
යුධ අපරාධ

කිලිනොච්චියේ තවත් 20ක් අතුරුදහන්

පසුගිය බඳදා කිලිනොච්චියේ පැවති මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාලයේ ජංගම සේවයට යුද්ධයේ අවසාන කාලසීමාවේ සිදුවූ අතුරුදහන් කරවීම් පිළිබඳ පැමිණිලි 20 ක් ඉදිරිපත් විය.

පසුගිය ඔක්තෝම්බර් 03 වැනිදා මානව හිමිකම් කොමිසමේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයේ ජංගම සේවය කිලිනොච්චිය,ප්‍රදේශීය වෛද්‍ය කාර්යාල සංකීර්ණයේදී ක්‍රියාත්මන වෙයි.

යුද්ධයේ අවසන් පරිච්ඡේදයේදී අතුරුදහන් වී ඇති අතර තවමත් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවට 20 දෙනෙකුගේ පමණ ඔවුන්ගේ ඥාතීන් විසින් මානව හිමිකම් වෙත පැමිණිලි කර තිබේ.

මෙම ජංගම සේවයට පැමිණිලි අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි 23 ලැබී ඇති අතර රජයේ නිළධාරීන් සහ හමුදාව විසින් සිදුකරන උතුරේ ඉඩම් කොල්ලය සම්බන්ධව ද පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාල සම්බන්ධීකාරක කනගරාජ් පවසා සිටියේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ අතුරුදහන් කිරීම් සම්බන්ධ වාර්තාවක් පෙන්වා දෙන්නේ සැලසුම් සහගත ලෙස බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධව ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයේ පසුවන බව යි. 1999 වර්ෂයේ නිකුත් කරන ලද එම වාර්තාවට අනුව පුද්ගලයන් 16,384 අතුරුදහන් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම අතින් ලොව දෙවැනි වන්නේ ඉරාකයට පමණි. මෙලෙස අතුරුදහන් වන පුද්ගලයන් බහුතරයක් දැඩි වධ බන්ධනයන්වලට ලක්වන බව ද එම වාර්තාව මගින් පෙන්වා දෙයි.

මීට අමතරව මෙම අතුරුදහන් කිරීම්වලින් බහුතරයක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මගින් සිදුකරනු ලැබූ ඒවා බවට තොරතුරු ලැබී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.

Source | Lankanewsweb

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements