you're reading...
දේශපාලනය

අධි ආරක්‍ෂිත කලාපයට එරෙහි TNA පෙත්සම් වසර 10කට පසු විභාගයට

සංස්කාරක මණ්ඩල සටහන – 2003 දී ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගන්නේ වසර 10 කට පසුවය. දෙමළ ජනයාට ශ්‍රී ලංකාව තුළ යුක්තිය කෙතරම් දුරට යන්නට වෙනනම් සාක්ෂි කුමටද?

අධි ආරක්ෂිත කලාප පිළිබඳ පෙත්සමක් විභාගයට ගැනීමට වසර 10 ක් ගතවුනිනම්, දෙමළ ජනඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් හෝ ශ්‍රී ලංකාවෙ අධිකරණයෙන් යුක්තිය දෙමළ ජනයට නොලෙබන බවට ඉතා පැහැදිලිය.

————————————————————————————————————————————————————

පලාලි අධි ආරක්‍ෂිත කලාපය තුල යලි පදිංචි වීම සඳහා අවසර දෙන මෙන් ඉල්ලා ඉදිරිපත් කොට තිබූ පෙත්සම් දෙකක් වසර දහයකට පසුව යලි විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය පළව තිබේ.

අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රි-පුද්ගල විනිසුරු මඬුල්ලක් එම තීන්දුවට එළඹ  නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතාවයන් නොතකා හරිමිනි.

අධි ආරක්‍ෂිත කලාපවලින් ඉවත්කළ ජනතාවගෙන් සියයට හතළිහක් දැනටමත් යලි පදිංචි කොට ඇති අතර නැවත පදිංචි කිරීම් දිගටම සිදුවන බැවින් පෙත්සම විභාගයට ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවට නීතිපතිවරයා නියෝජනය කළ රජයේ නීතිඥවරයා තර්ක කළේය.

එහෙත් පලාලි ප්‍රදේශය අධි ආරක්‍ෂිත කලාපයක් ලෙසින් නම් කරමින් කිසිදු ගැසට් නිවේදනයක් මෙතෙක් නිකුත් වී නොමැති බව පෙත්සම්කරුවන්ගේ නීතිවේදියා පෙන්වා දුන්නේය.

එම ප්‍රදේශවල පදිංචිව සිටි 30,000 කට අධික පිරිසක් තවමත් අවතැන්ව සිටින බවද පැවසූ ඔහු, මෙම “නීති විරෝධී” අධි ආරක්‍ෂිත කලාපය නිසා ප්‍රදේශයේ කෘෂි කර්මාන්තයේ නිරතව සිටි සියයට හැටක පිරිසකට සහ ධීවර කර්මාන්තයෙන් යැපුණු සියයට තිහැක පිරිසකට සිය ජීවනෝපාය අහිමිව අතරමංව සිටින බවද සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු මත බැලූ බැල්මටම මූලික හිමිකම් කඩවීමක් සිදුවී ඇති දක්නට ලැබෙන හෙයින් පෙත්සම් විශාග කිරීමට තීන්දු කළ අධිකරණය පෙත්සම් විභාගය ලබන මාර්තු මස 11 වෙනි දිනට කැඳවීමට තීන්දු කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාධිරාජා සහ තවත් ගොවීන් පිරිසක් විසිනුයි 2003 වසරේදී මෙම පෙත්සම් ගොනුකොට තිබිණි.

Source | BBC

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements