you're reading...
සම්මුඛ සාකච්ඡා

අපට අපගේ අයිතීන් අවශ්‍යයි – යාපනය සරසවියේ ශිෂ්‍ය නායකයෙක්

ඊයේ (28) දිනයේදී හමුදාව සහ පොලීසිය එක්ව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් වෙත දෙවන වරටත් පහර දෙන ලදී. මෙම පහර දීම සම්බන්ධව අප යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකුයෙකු සමග කතා කලෙමු. ආරක් ෂක හේතූන් මත ඔහුගේ නම ප්‍රසිද්ධ නොකරන්න යන්න ඔහුගේ පළමු ඉල්ලීම විය. එම ඉල්ලීම එලෙසම ඉටුකරමින් අප ඔහු සමඟ කතාව ඇරඹුවෙමු.

Q – හමුදාව විසින් යාපනය සරසවිය තුළට පැමිණ වරක් පහර දුන්නා. නැවත වරක් ඔබලාගේ සාමකාමී විරෝධතාවය පහර දුන්නා. යාපනය සරසවියේ මොකද්ද ඇත්තටම සිදුවුයේ ?

නොවැම්බර් 27 වැනිදා හදිසියේම යාපනය විශ්ව විද්‍යාලයේ කාන්තා සහ පිරිමි නේවසිකාගාරයන් කඩාවැදුනු හමුදාව සිසුන්ට ඉතා අමානුෂික ලෙස පහර දුන්නා.එපමණක් නොවෙයි නේවාසිකාගාරයේ බොහෝ දොර ජනෙල් වීදුරු සියල්ල ඔවුන් කඩා බිඳ දැමුවා. ඉන්පසුව ඔවුන් විශ්වවිද්‍යලයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිගේ සහ ලේකම්ගේ කාර්යාලයන් වෙතද දොරවල් කඩා බලහත්කාරයෙන් ඇතුළු වූවා. ඒවායේ තිබූ ශිෂ්‍ය සංගමයේ ලියකිවිලි ඔවුන් රැගෙන ගිය අතර එහි තිබූ වටිනා බඩුබාහිරාදියට ඔවුන් පහර දී විනාශ කරනු ලැබුවා.

ඉන්පසුව නෙවැම්බර් 28 වැනිදා සිසුන් වෙත එල්ලකරන ලද ප්‍රහාරය විරෝධය දැක්වීමට අප සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබුවා.

සිසුන් පහර දී සහ විශ්වවිද්‍යාලයේ විනාශ කිරීමට එරෙහිව අපගේ විරෝධතාවය දැක්වීමට අපට අයිතියක් කිබෙනවා. එය අපගේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතියක්.

විරෝධතාවය සංවිධානය කරනු ලැබුවේ විශ්ව විද්‍යාලය ඉදිරිපිට.නමුත් පොලීසය එම ස්ථානයට පැමිණ කිසිදු ආකාරයක දැනුම් දීමකින් තොරව සිසුන්ට නැවත ඉතා අමානුෂික අන්දමින් පහර දෙනු ලැබුවා. එම පහර දීමට හමුදාවද සහභාගී වූවා.

එම පහර දීමෙන් සිසුන් 10 දෙනෙක් තුවාල ලබා රෝහල ගතකළ අතර 4 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

Q – හමුදා බුද්ධි අංශත් සිසුන්ට පහර දුන්නාද?

ඔව්, නිළ ඇදුම් ඇද සිට හමුදාව සහ පොලීසිය සිසුන්ට පහර දීම අරම්භ කරා. ඉන්පසුව සිවිල් ඇදුමින් සැරසුනු බුද්ධි අංශත් එම පහර දීමට සෘජුව මැදිහත් වූවා.

එම සිදුවීමේ ඡායාරූප බැලුවොත් ඔබට පෙනෙයි සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි අංශ සාමාජිකයන් සිසුන්ට පහර දෙනවා.

Q – පාර්ලිමේන්තු මන්ත්‍රී සරවනබවන් හට ආරක්ෂක අංශ පහර දුන් බව මාධ්‍ය වාර්තාකර තිබුණා. එය සත්‍යක්ද?

මම දුටුවේ නෑ. මොනද මම සිටියේ සිසුන් අතර. නමුත් මටත් ආරංචි වුනා ඔහුට ආරක්ෂක අංශ පහර දී ඇති බව.

Q – ශ්‍රී ලංකා ආරක්ෂ අංශ සිසුන් වෙත දෙවතාවක් පහර දෙනු ලැබුවා. ඔබ සිසුන් සමඟ කතාකරනු ලැබුවාද? කුමක්ද ඔවුන්ගේ හැගීම?

ඔව්, මම බොහෝ අපේ සහෝදර සිසුන් සමග කතාකරනු ලැබුවා. ඔවුන් භීතියට පත්වී සිටිනවා. හමුදාව හෝ පොලිසිය විසින් විශ්ව විද්‍යාලයෙන් පිටතදී කුමක් හෝ සිදුකරයි කියා.

Q – යාපනය සරසවියේ ශිෂ්‍ය නායකයන් පසුපස බුද්ධි අංශ පැමිණෙන බව මාධ්‍ය වාර්තාකර තිබුණා. ශිෂ්‍ය නායකයන් වෙත බුද්ධි අංශ තර්ජන තිබෙනවාද?

ඔව් එය සත්‍යක්, ශිෂ්‍ය සංගමයේ ලේකම් සහ සභාපති ගැන බුද්ධි අංශ පැමිණ සිසුන්ගෙන් ප්‍රශ්ණ කර තිබෙනවා.

Q – ඔබලා මේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධව දෙමළ දේශපාලන පක්ෂ සමග හෝ නියෝජිතයන් සාකච්ඡා කරනු ලැබුවාද?

නෑ. නමුත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ගජේන්ද්‍රන් වෙත සිදුවූ සිදුවීම දන්වා සිටියා.

අපට දන්වා තිබෙනවා ඔවුන් මෙම පහර දීමට විරෝධය පෑමට දෙසැම්බර් 03 සහ දෙමළ ජාතික සන්ධානය 04 යන දින තුළ විරෝධතාවයන් සංවිධානය කර ඇති බව.

Q – යාපනය සරසවියේ සිසුන්ට පහර දීම සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යල බලමණ්ඩලය (අන්තරය) ඔබලා සමග සාකච්ඡා කලාද?

තවම අන්තරේ කිසිවෙක් සාකච්ඡා කලේ නෑ. නමුත් අන්තරයට සම්බන්ධ එක් අයෙක් පමණ් අපට දුරකතන ඇමතුමක් ලබා දුන්නා. ඔහු දෙමළ සහෝදරයෙක්.

Q – ඔබගේ ආරක්ෂාව කොහොමද?

තවම කිසිවෙකු මට කෙලින්ම තර්ජනය කර නෑ. නමුත් ඔවුන් මගේ නිවසට මෝටර් බයිසිකල්වලින් පැමිණ අවට ගැවසී මා නිවසේ සිටිනවා ද යන්න පිළිබඳ විමසා ඇති බව මට දැනගන්න ලැබුණා.

මට බියක් දැනෙන්නේ නෑ. මන්ද අප වරදක් කර නැති නිසා. නමුත් මට මගේ පවුලේ උදවියගේ ආරක්ෂාව ගැන සිතීමට සිදුවී තිබෙනවා.

Q – මේ සියල්ල අවසානයේ ඔබට කුමක්ද දැනෙන්නේ දෙමළ ජාතිකයෙකු ලෙස?

අපි ජාතියක් ලෙස ඉතා අමාරු අවධියක් පසුකරමින් සිටින්නේ. අප ඉල්ලා සිටින්නේ අපගේ අයිතීන්. අපට අපගේ අයිතීන් අවශ්‍යයි. අප සාමකාමී මාර්ගයන් ඔස්සේ ඒ වෙනුවෙන් සටන් කරනු ලැබනවා.

කොළඹ රජයන් අපව කැරළිකරුවන් ලෙස හඳුන්වනවා. නමුත් මම නැවත කියන්නේ අපගේ ජනතාවට ඔවුන්ගේ අයිතීන් ලබාදිය යුතුයි.

සංවාද සටහන – රාමසාමි මාලන් | Source : Lankanewsweb | Photo Courtesy : Tamilnet

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements