you're reading...
හමුදාකරණය

යාපනය සරසවි සිසුන් ත්‍රස්ථ විමර්ශණ ඒකකයේ රඳවාගෙන ප්‍රශ්ණ කරති; තවත් සිසුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

Studentපසුගිය 29 වැනිදා රාත්‍රියේදී කෝපායි පොලීසිය යැයි කියමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ඇතුළු සිසුන් සිව්දෙනා කොළඹ ත්‍රස්ථ විමර්ශණ ඒකක මූලස්ථානයේ රඳවා තබාගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අද (02) දහවල් පවසා සිටියේය.

රඳවා තබාගන්න බලය තිබෙනවා .- පොලීසිය

ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ 29 වැනිදා මධ්‍යම රාත්‍රියේදී වන අතර දැන් වනවිට පැය 48 ත් අධික කාලයක් ඉක්ම ගොස් ඇති නමුත් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට ඉදිරිපත් නොකර රඳවා තබාගෙන සිටිති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ එසේ තබාගැනීමට ත්‍රස්ථ මර්ධන පනත මගින් පොලීසියට බලය ඇති බවයි.

අද දහවල් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා විසින් සිසුන් ත්‍රස්ථ විමර්ශණ ඒකකයේ රඳවා තබාගෙන සිටින බව පවසා සිටින තෙක් කිසිදු රජයේ බළධාරියෙකු හෝ වෙනත් කිසිවකු ඔවුන් රඳවා තබා සිටින්නේ කොතැනක ද යන්න ඔවුන්ගේ ඥාතීන්ට හෝ මාධ්‍යයට පවසා සිටියේ නැත.

(උරම්බිරි) වෛද්‍ය පීඨයේ ගනේෂමූර්ති සුදර්ශණන් (22), මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ( කාන්දර්මඩම් )දර්ශාණන් පරමලිංගම් (24), ශ්‍රාස්ත්‍රපීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති (පුදුකුඩිඉරිප්පු)කගසුන්දරස්වාමි ජෙනමීජයන් (24) , (යාපනය) විද්‍යාපීඨයේ ශන්මුගම් සොලමන් (24) යන සිසුන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටිති.

යාපනයදී අත්අඩංගුවට ගත් සිසුන් කොළඹ ත්‍රස්ත විමර්ශණ ඒකකයට රැගෙන ආ බව අප (Lanka news web) ඊයේ රාත්‍රියේම හෙළිදරව් කර සිටියෙමු.

තවත් සිසුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

නොවැම්බර් 27 වැනිදා යාපනය සරසවියේ නේවාසිකාගාරයන් තුළට බලහත්කාරයෙන් ඇතුළු වී සිසුන්ට පහර දීමට එරෙහිව 28 වැනිදා විරෝධතාවයේ ඉදිරි පෙළ මෙහෙයවීම් කටයුතු සිදුකළ ශිෂ්‍යයන්ගේ නාමලේඛණයක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් සකසා ඇති අතර එම සිදුවීමට අදාළ සියළු ඡායාරූප ද ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් ලබාගෙන තිබේ.

මේවනිවිට යාපනය විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශයේ ආරක්ෂක හමුදා රැකවළුන් විශාල පිරිසක් රඳවා තිබෙන අතර හමුදා බුද්ධි අංශ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පසුපස ද පැමිණෙමින් සිටිති.

සිසුන්ට පහර දීමට විරෝධය පාමින් යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් විරෝධතාවයක නිරත විය.

TNA – TNPF ඒකාබද්ධ විරෝධතාවයක්

මුලින්ම දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජාතික ජනතා පෙරමුණ දෙසැම්බර් 3 වැනිදා සහ 04 වැනිදා වෙන වෙනම පැවැත්වීමට සූදානම් වූ විරෝධතා ව්‍යාපාරයන් පක්ෂ දෙකම එකතුව ඒකාබද්ධ විරෝධතාවක් ලෙස දෙසැම්බර් 4 වැනිදා පවත්වන බව අද පැවති මාධ්‍ය හමුවකදී සී.වී.කේ සිවඥානම් පවසා සිටියේය.

යාපනය සරසවියේ ශිෂ්‍යයන්ට පහර දීමට එරෙහිව විරෝධය දැක්වීමට පක්ෂ බේදයකින් තොරව එක්වන ලෙස ඔහු සියලු පක්ෂ වලට සහ දේශපාලන කණ්ඩායම් වලට ආරාධනා කර සිටියේය.

Source ; lankanewsweb | Photo Courtesy; தமிழ்ச் செல்வன்
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements