you're reading...
දේශපාලනය

යාපනය සරසවිය සිසුන්ට පහරදීම සහ අත්අඩංගුවට ගැනීමට එරෙහිව යාපනයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්

Jaffna _ Protestයාපනය සරසවියේ සිසුන්ට පහර දීම, අත්අඩංගුවට ගැනීම සහ එම සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් අද (04) යාපනය බස් නැවතුම් පළ ඉදිරිපිටදී පැවැත්වුණි.

දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය,මාක්ස්-ලෙනින්වාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ආදී පක්ෂ රාශියකගේ සහභාගීත්වයෙන් පැවති මෙම විරෝධතාවයට විශාල පිරිසක් සහභාගි විය.

ඕමන්තේදී විශේෂ පරීක්ෂාවන්

හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්

හමුදා බුද්ධි අංශ විරෝධතාවය විඩියෝගත කරන ආකාරය

හමුදා බුද්ධි අංශ විරෝධතාවය ඡායාරූපගත කරන ආකාරය

මේ අතර හමුදා බුද්ධි අංශ සාමාජිකයින් විශාල පිරිසක් ද විරෝධතාවය පැවැත්වෙන ස්ථානයේ සිටිනු දක්නට ලැබුණි. ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ විසින් විරෝධතාවය සහභාගි වූ සියල්ලන්ම වීඩියෝ සහ ඡායාරූප ගතකරනු ලැබීය.

අද දිනයේ මෙම විරෝධතාවය පැවැත්වෙන බව ආරක්ෂක අංශ දන්නා නිසාම ඊයේ රාත්‍රියේ සහ අද පාන්දර කොළඹ සිට යාපනය බලා යන වාහන ඕමන්ත හමුදා මුරපලේදී විශේෂ පරීක්ෂා කිරීම් වලට සහ ප්‍රශ්ණ කිරීම් වලට භාජනය වූ බව වාර්තා වෙයි.

මෙම විරෝධතාවය මගින් බලකර සිටියේ අත්අඩංගුවට ගෙන සිටින විශ්ව විද්‍යාල සිසුන් නිදහස් කරන ලෙසත්, දෙමළ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදෙන ලෙසත් , හමුදාව විසින් සිදුකරන දෙමළ ජනයාගේ ඉඩම් කොල්ලය නවත්වන ලෙස සහ මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙසය.

ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට මාස 3 ක රැඳවුම් නියෝගයක්

මේ අතර 29 වැනිදා රාත්‍රියේදී අත්අඩංගුවට ගත සරසවි සිසුන් රඳවා තබාගැනීම සඳහා මාස තුනක රැඳවුම් නියෝගයක් ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

ශිෂ්‍යන්ට පහරදීම දෙමළ ජනයාගේ අනාගතය විනාශ කිරීමක් – ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්

විරෝධතාවය අවසානයේ මාධ්‍ය ඇමතූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසා සිටියේ,

“පසුගිය 27 – 28 දෙදින යාපනය විශ්ව විද්‍යාලයේදී සිදුවූ පහරදීමේ ඉලක්කය, පලමුව අප ඉතා නිවැරදිව හඳුනාගත යුතුයි.මෙම පහර දීමේ ඉලක්ක වී තිබෙන්නේ දේශයක අනාගතය වන උගත් තරුණ පරම්පරාවයි.

සරසවි සිසුන්ට පහර දීම දෙමළ ජාතියේ අනාගතය විනාශ කිරීමක්. මන්ද අධ්‍යාපනය මේ මොහොතේ දෙමළ ජනයාගේ ආයුධයි.”

” මෙම තරුණ ජවය ඉදිරියට පැමිණිම මර්ධනය කිරීම මගින් ඔවුන් දෙමළ ජනයාගේ නිදහස් සටන යොමුවීම වළක්වා දෙමළ ජනයා තවදුරටත් පීඩාවට පත්කිරීම තමයි මෙහි අනෙක් අරමුණ.දෙමළ ජනයා නිදහසේ ජීවත්වීම වැළැක්වීමේ අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා රජයට ඇත.”

“දේශයේ අනාගතය ශිෂ්‍යයන්. ශිෂ්‍ය බලවේගය තමයි අපගේ නිදහස් සටනේ ප්‍රමුඛ බලවේගය. එය අතීතයේ පටන්ම පැවති දෙයක්. මෙම බලවේගය මර්ධනය කිරීම යුද්ධයට පෙරද යුද්ධයෙන් පසුද ශ්‍රී ලංකා රජ්‍ය විසින් සිදුරමින් සිටිනවා. කිසිදු සැකයක් නෑ මෙම මර්ධනය ඉදිරියටත් දියත්වනු නොඅනුමානයි. එයට ආසන්තම උදාහරණය සිසුන්ට පහර දීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම ” යනුවෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයා වැඩිදුරටත් පැවසීය.

මෙම මර්ධනය වහා නැවැත්විය යුතුයි – මාවෙයි සේනාධිරාජා

ඊට අමතරව මෙහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන ලේකම් මාවෙයි සේනාධිරාජා පවසා සිටියේ දිගින් දිගටම දෙමළ ජනයා වෙත එල්ලකරන මර්ධනය වහා නැවත්විය යුතු බවයි.

එසේ නොමැතිව දෙමළ සහ සිංහල ජනතාව අතර සංහිදියාවක් ගොඩනැගිය නොහැකි බවද ඔහු තවදුරටත් පවසා සිටියේය.

දෙමළ ජනයාට ඔවුන්ගේ වීරයන් සැමරීමට ඉඩදිය යුතුයි -නව සමසමාජ පක්ෂය

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නව සමසමාජ පක්ෂයේ සුන්දර්ලිංගම් මහේන්ද්‍රන් ප්‍රකාශ කර සිටියේ දකුණේදී රජ්‍යයට විරුද්ධව කැරළි දෙකක් සිදුවූවා. ඒ1971 දී සහ 1989 දී. එවකදී පැවති රජයන් මේ තරුණ නැගිටීමද හැදින්වූවේ ත්‍රස්ථවාදය ලෙස. නමුත් ඔවුන් සැමරීමට දැන් දකුණේ ඉඩලබාදී තිබෙනවා. එම නිසා උතුරේ යුද්ධයෙන් මියගිය ඔවුන්ගේ ඥාතීන් , වීරවරයන් සැමරීමට උතුරේ ජනයාටද ඉඩ ලබාදිය යුතු බවයි.

තවදුරටත් අදහස් දක්වා සිටි ඔහු සඳහන්කරනු ලැබුවේ දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගනු ලැබීම, උතුරේ සිදුවන හමුදාකරණය, අතුරුදහන්කිරීම, පැහැර ගැනීම වහාම නැවැත්වීමට රජය පියවර ගත යුතු බවත්ය.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්, සුරේෂ ප්‍රේමචන්ද්‍රන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ පළාත් සභාමන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී විය.

Source| lankanewsweb.
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements