you're reading...
හමුදාකරණය

ත්‍රස්ත මර්ධන පනත යළිත් උතුරේ ජනය මර්ධයට; තවත්10යක් අත්අඩංගුවට

Well come Jaffnaත්‍රස්ත මර්ධන පනත යොදාගනිමි උතුරේ තරුණයන් කිසිදු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම නැවත ආරම්භවී තිබේ. ඊයේ (04) රාත්‍රියේදී පමණක් මෙලෙස 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම් සඳහා කිසිදු හේතුකාරණාවක් දක්වා නොමැති අතර ආයුධ සන්නද්ධව හමුදාවේ කියාගෙන පැමිණි පිරිස් ප්‍රශ්ණ කිරීමට අවශ්‍ය බව කියමින් මෙම තරුණයන් අත්අඩංගුවට ගත් බව ඔවුන්ගේ ඥාතීන් පවසා සිටිති.

අත්අඩංගුවට ගෙන ඇති ​තරුණයන් අතුරින් බොහෝදෙනෙකු උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචිකරුවන් වනඅතර ඔවුන්ගෙන් වැඩිදෙනෙක් පුනුරුත්තාපනය ලබා පැමිණි විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් වේ. අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පලෙයි ප්‍රදේශයේ ආපන ශාලා හිමිකරුවකද උරුම්පිරායි සෙල්වපුරම් ප්‍රදේශයෙහි  සිව්දරු පියකු වන සින්නතම්බි රාමදාස්, දෙදරු පියකුවන සෙල්වරාසා සෙන්දිල්දාස් යන දෙදෙනා වෙයි.

උරුම්පිරායි ප්‍රදේශ​යේදී ප්‍රශ්ණ කිරීමට බව කියමින් අත්අඩංගුවට ගත් තරුණයන්  දෙදෙනෙකු සම්බන්ධය තවමත් කිසිදු තොරතුරක් නොමැති ඔවුන්ගේ ඥාතීන් පවසා සිටියහ.

උතුරේ ජනයා භීතියට පත්වෙයි

ඊයේ දිනයේදී යාපනය පොලිස් වසමේදී සිව්දෙනෙකු සහා  කෝපායි පොලිස් වසමේදී පස් දෙනෙකු මෙලෙස අත්තඩංගුවට ගෙන වව්නියාව ත්‍රස්ත විමර්ෂණ කාර්යාලයට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේද 29 වැනිදා රාත්‍රියේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අත්අඩංගුවට ගත් ලෙසම මෙම පිරිසද අත්අඩංගුවට ගෙන ඇත්තේ 1979 අංක 48 දරණ ත්‍රස්ත මර්ධන පනතට අනුවය.

එම පනත යටතේ  අධිකරණයක් වෙත ඉදිරිපත් නොකර දින 99 දක්වා රඳවා තබාගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය  ආරක්ෂක ලේකම්වරයාට හිමිවන වන අතර යුද්ධය පැවති සමයේදීද දෙමළ ජාතිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම පනත යොදාගනිමිනි.

අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන්ට මාස 3ක රැඳවුම් නියෝගයක් නිකුත් කෙරුණි. මේ අතර ඊයේ රාත්‍රිය වන විට තරුණයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව තොරතුරු හෙළිකිරීමට ඔවුන්ගේ ඥාතීන් පවා භීතියට පත්වී සිටින අතර  එයට හේතුය හමුදාව තවදුරත් තමන්ගෙන් පලිගනීවියැයි බියෙනි

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements