you're reading...
දේශපාලනය

විදෙස් ගත දෙමළ තරුණ ප්‍රජාව යාපනය සරසවි සිසුන් වෙනුවෙන් ඉදිරියට පැමිණෙමින් සිටිනවා – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

Suresh Premachandranශ්‍රී ලංකා හමුදාව විසින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් මර්ධනය සහ දෙමළ ජනයාට එරෙහිව සිදුවන ප්‍රජාතාන්ත්‍රික නොවන ක්‍රියාකාරකම් නතර කිරීමට මැදිහත්වන ලෙස බලකරමින් බටහිර රාජ්‍යයන්ට බලපෑම් කිරීමට එම රටවල ඉගෙනුම ලබන දෙමළ තරුණ ප්‍රජාව පෙරට එමින් සිටින බව ටැමිල් නෙට් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙනමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඊළාම් ජනතා විප්ලවාදී විමුක්ති පෙමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසා සිටියේය.

විශේෂයෙන්ම එක්සත් රාජධානියේ සහ කැනඩාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරා ප්‍රජාව දැන් කොළඹ රජය විසින් ගෙනගිය ව්‍යාපෘතියේ යථාර්තය වටහා ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා සිටින ලදී.

යාපනය සරසවි සිසුන්ට පහර දීමට එරෙහිව බටහිර රටවල දෙමළ ශිෂ්‍ය සංගම් සිය හඬ අවදිකර ඇති බවත් ඔහු පැවසීය.

එම සම්මුඛ සාකච්ඡාවේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසා සිටියේ සෑම ජනකොට්ඨාෂයකටම යුද්ධයේදී මියගිය තම නෑදෑ හිතමිතුරන් අනුස්මරණය කිරීමේ අයිතියක් ඇති බවයි.

දෙමළ ජනයාට සිය විරුවන් සැමරීමේ අයිතියක් තිබෙනවා

ශ්‍රී ලංකා හමුදාව තමන්ගේ මියගිය සාමාජිකයන් සැමරීමට උත්සවයක් පවත්වනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ මියගිය සාමාජිකයන් සමරනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

දශක තුනකටත් වැඩි යුද්ධයෙන් 300,000 ක පමණ දෙමළ ජනතාවක් මියගොස් තිබෙනවා. එම නිසා දෙමළ ජනයාට අයිතියක් තිබෙනවා එම මියගිය වීරයන්, තමන්ගේ ආදරණීයයන් සැරීමට.

යුද්ධයෙන් මියගිය විරුවන් සැමරීමේ සාමකාමී අනුස්මරණය කඩාකප්පල් කරමින්, හමුදාව විසින් බලහත්කාරයෙන් යාපනය සරසවියේ නේවාසිකා ගාරයන්ට ඇතුල් වෙලා සිසුන්ට පහර දුන්නා. ඔවුන් ශිෂ්‍යාවන්ටත් පහර දුන්නා.එම පහරදීමෙන් ශිෂ්‍ය යන් 10 දෙනෙකු තුවාල ලැබුවා.

එපමණක් නොවෙයි එම පහරදීම විරෝධය පළකිරීම සඳහා සිසුන් සංවිධානය කළ සාමකාමී විරෝධතා ව්‍යාපාරයටත් හමුදාව සහ පොලීසිය එක්ව නැවත පහර දුන්නා.

ශිෂ්‍ය නායකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් 3 දෙනෙකු හට ත්‍රස්ත මර්ධන පනත යටතේ මාස තුනක රැඳවුම් නියෝග නිකුත් කර ඇති බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.

උතුරේ උග්‍ර හමුදාකරණයක්

ශ්‍රී ලංකා හමුදාවේ අනුකණ්ඩ 20 ට (200,000 හමුදා බටපිරිසක්) තිබෙන අතර ඉන් 15 රඳවා ඇත්තේ උතුරු පළාතේ වන අතර උතුරු පළාතේ ජනගහණය 500,000 කි. එයින් එම පළාතේ ඇති උග්‍රහමුදාකරණය සිතාගත හැකිබව ඔහු පවා සිටියේය

Source | lankanewsweb
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements