you're reading...
දේශපාලනය

ඊනියා ත්‍රස්ත විමර්ෂණයෙන් යාපනය සිසුන් නිදහස් කරගැනීමට සන්ධානයක්

Jaffna _ Protest

ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ අත්තඩංගුවට පත්වී සිටින යාපනය සරසවි සිසුන්ගේ නිදහස වෙනුවෙන් “සරසවි සිසුන්ව නිදහස් කරගැනීම සඳහාවූ සන්ධානය“ සියලු කණ්ඩායම් හා පක්ෂ එකට එක්වී අරගලයට බැසීමට තීරණය කර ඇතැයි දෙමළ ජාතික ජනතා පෙරමුණයෙහි නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඊයේ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා ආරක්ෂ අංශ විසින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදීම සහ ඔවුන්ව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම උදෙසා පැවති මෙම මාධ්‍ය හමුවට නව වාමාංශික පෙරමුණයෙහි නායක වික්‍රමබාහු කරුණාරත්න, දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික ජනතා පෙරමුණයෙහි නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සත්තිවේල් පියතුමන්, සි බාස්කර් යන අය සහභාගී විය.

මේ අතර අත්තඩංගුවට පත්වූ යාපනය සරසවි සිසුන්ගේ නිදහස වෙනුවෙන් එළඹෙන 10වැනි දා කිලිනොච්චියේදීද 14වැනිදා වවුනියාවේදීද උද්ඝෝශන මාලාවක් පැවැත්වීමට සූදානම්කර ඇතැයිද ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවසා සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසා සිටියේ
” උතුරේ තරුණයන් ද කැරළි ගැසුවේ විමුක්ති අභිලාෂයක් සහිතව. එහි යම් යම් අඩුපාඩු සහිතව වුවත් එය විමුක්ති අභිලාෂයක්. නොවැම්බර් 26 වැනිදා කියන්නේ මියගිය අය සමරණ විශේෂ දිනයක්. දකුනේ සිංහල තරුණයන්ට තිබෙන අයිතිය උතුරේ දෙමළ තරුණයන්ට නැද්ද? සිංහලයන් 60,000 ක් පමණ මැරුණා. 150,000 පමණ දෙමළ ජනතාව මැරිලා තිබෙනවා.
එවිට එම මියගිය අය සැමරීම සම්බන්ධ ඇයි උතුරේ තරුණයන්ට මෙතරම් හිංසාවක් සිදුකලේ?

මේ ආණ්ඩුව කිසිදු වඟවිභාගයකින් තොරව අගවිනිශ්‍යකාරතුමිය කියන ලෙසම මේ රටේ අවනීතය රජයන නිසා තමයි මේලෙස හැසිරෙන්නේ. සිංහල තරුණයන්ට එක විඳිහකට සලකලා,ඔවුන්ට විශාල නිදහසක් ලබාදීලා විරු සැමරුම් කරන්න නමුත් උතුරේ තරුණය මර්ධනය කර බවයි.

එයින් පෙනෙන්නේ මෙම රජය දෙමළ ජනයාගේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කප්පාදුකරන ඔවුන් මර්ධනය කරන සහ දෙමළජනයාගේ අයිතීන් ලබාදීමට විරුද්ධව කටයුතු කරන රජයක් බව වික්‍රමබාහු කරුණරත්න තවදුරටත් පැවසීය.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements