you're reading...
හමුදාකරණය

ත්‍රස්ත විමර්ෂණ ඒකකය තවත් සිසුවෙකු පැහැර ගනී; යාපනයේ දරුණු ශිෂ්‍ය මර්ධනයක්

Image

ශ්‍රී ලංකා හමුදාව සහ පොලීසිය යාපනය විශ්වවිද්‍යාලයට ආසන්න කල්ලඩි හන්දි​යේ රැඳීසිටින අයුරු

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සෘජු නියෝගමත ක්‍රියාත්මක වන ඊනියා ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අරුණාචලම් ධිෂොක්රාජ් නැමති 18 හැවිරිදි තරුණයා පැහැර ගෙන ගියබව ඔවුන් විසින්ම සනාථ කර තිබේ.

මීට දින කීපයකට වැල්වැටිතුරේ දී අතුරුදහන් වූ මෙම තරුණයාගේ නිවසට ඊයේ (8) දිනයේදී දුරකථන ඇමතුමක් ත්‍රස්තවිමර්ෂණ ඒකකය විසින් ලබා දී ඔහුගේ දෙමාපියන්ට පවසා ඇත්තේ අරුණාචලම් ධිෂොක්රාජ් තමන් භාරයේ සිටින බවයි.

වැල්වැටිතුරෙයි පදිංචි ප්‍රසාද් සිවවස්මු නම් තරුණයා ද විදෙස් ගතවීම සඳහා කොළඹ පැමිණි පසු කොළඹදී ඔහු අතුරුදහන් වී ඇත.

රැකියාවක් සඳහා අරාබි රටකට යෑමට ඔහු මෙසේ කොළඹට පැමිණ ඇති අතර ඉන්පසුව ඔහු අතුරුදහන් වී ඇතැයි ප්‍රසාද්ගේ සොහොයුරිය විසින් වැල්වෙටිතුරෙයි පොලීසිය වෙත පැමිණිල්ලක්  ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා ආරක්ෂණ අංශ විසින් යාපනය සරසවියේ සිසුන්ට තවදුරටත් තර්ජනය කරමින් සිටින අතර යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය පසුගිය සිකුරාදා දැනුම් දුන්නේ ඔවුන් විසින් සිදුකරන පන්ති වර්ජනය තමන්ගේ ස​හෝදර සිසුන් නිදහස් කරන තුරු දිගටම ක්‍රියාත්මක කරන බවයි.

පැහැරගත් සිසුවා ත්‍රස්ත විමර්ෂණය භාරයේ

ත්‍රස්තවිමර්ෂණ ඒකක විසින් වැල්වැටිතුරෙයි හිදී පැහැර ගත් ශිෂ්‍යා වැල්වැ​ටිතුරෙයි සිදම්බරා විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන අතර යාපනය ශිෂ්‍ය ප්‍රජාවට එරෙහිව ක්‍රියාත්මක වන දැවැන්ත මර්ධන කෙතරම්දැයි ඒ ඔස්සේ සිතාගත හැකිබව යාපනයේ වැසියන් පවසති.

දකුණේ ඊනියා මාධ්‍ය

යාපනයේ දරුණු ගණයේ ශිෂ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක වෙද්දී දකුණේ ඊනියා මාධ්‍ය යාපනය ශිෂ්‍යයන් ත්‍රස්තවාදීන් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරති.

Source : lankanewsweb  | Photo Courtesy : Tamilnet 
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements