you're reading...
දේශපාලනය

උතුරේ වාර්ගික සංහාරයෙන් පසු අධ්‍යාපන සංහාරය; දෙමළ පාසල් වෙත ප්‍රතිපාදන වෙන් නොකරයි

Image

යුද්ධය නිසාවෙන් උතුරු පළාතෙහි පාසල් සියගණනක් නිසිලෙස ක්‍රියාත්මක නොවූ අතරතුර උතුරු පළාත් එම පාසල් පිළිසකර කිරීමට නගාසිටුවීමට ප්‍රතිපාදන යෙදවීමකින් තොරව උතුරු පාළාත් ආණ්ඩුකාරවරයාගේ ඒකාධිකාරී නියෝගය මත රුපියල් මිලියන 400ක මුදලක් වන්නියෙහි පදිංචිකළ සිංහල ප්‍රදේශයන්හි පාසල්වලට හා මුස්ලිම් පාසල්වල පුනරුත්ථාපනය සඳහා යොදවා ඇත. උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා අමාත්‍යංශය යටතේ මෙම මුදල් වෙන්කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් චෝදනාකර සිටී

පසුගිය නොවැම්බර් මස අගභාගයේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙහි නිළධාරීන් අතර පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවත් වන්නියේ සිංහල සහ මුස්ලිම් පාසල් පිළිසකර කිරීමට අදාළ ටෙන්ඩර් කැඳවීමේ දැන්වීම උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙහි ලේකම් විසින් පුවත්පත්වල පලකර ඇතැයි ද සිවශක්ති ආනන්දන් වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම ක්‍රියාව යුද්ධයෙන් විනාශයට පත්වූ දෙමළ ජනතාවගේ අධ්‍යාපන කටයුතු තවදුරටත් කඩාකප්පල් කිරීමේ ක්‍රියාවක් බව මන්ත්‍රීවරයා තවදුරටත් පවසා සිටියේය.

වර්ග සංහාරයෙන් පසු තවදුරටත් අධ්‍යාපනයේ ඉඩ ප්‍රස්ථා ඈහිරීම

මේ සම්බන්ධව අදහස් දැක්වූ දමිළ බුද්ධිමතෙකු අප සමග පැවසූයේ 2009 මැයි මාසයේ දෙමළ වර්ග සංහාරයෙන් පසු දෙමළ ජාතිය නැවත අවදිකිරීමට එසෙත් නැතිනම් ඕනෑම පීඩිත ජාතියකට සිය අවිය වන්නේ අධ්‍යාපනයයි.

විශේෂයෙන් මේවනවිට යාපනයේ සරසවි සිසුන් සහ පාසල් සිසුන් මර්ධනය ඔස්සේ පෙනීයන්නේ රජය සිය දෙවැනි ව්‍යාපෘතිය ආරම්භකර ඇති බවයි.

පළමු ව්‍යාපෘතිය 100,000ට අධික වර්ග සංහාරයකින් අවසන් විය. එය මේ සියවසේ සිදුවූ විශාලතම ජනඝාතනය වේ.

උතුරේ දෙමළ ජනයාගේ අධ්‍යාපන අයිතීන් කප්පාදු කිරීමෙන් කොලඹ රජය බලාපොරොත්තු වන්නේ ආර්ථිකව සංස්කෘතිකව පාලනය කරන්නටය.

රජය දෙමළ ජනයාගේ ආධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් නොකළ ද උතුරේ තැබෑරුම් දිනපතා අලුතින් විවෘත වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Source : Lankanewsweb | Photo Courtesy : Q. Sakamaki
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements