you're reading...
මානව හිමිකම්

මාංචු පිට:රැඳවුම් භාරයට ගැනීම හා ජාතික ආරක්ෂාව

Image

ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටීන් සමග දිර්ඝ කාලයක් පවත්වා ගෙන ගිය යුද්ධය 2009 දි ශී‍්‍ර ලංකා රජය විසින් ජයග‍්‍රහණය කරන ලදී. නමුත් යුද්ධ ගැටුම් පැවති යුගයේ පාවිච්චි කළ අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීම හා රඳවා තබා ගැනීමේ පුරුද්ද තවදුරටත් පවත්වා ගෙන යයි.

ව්‍යවස්ථානුකුල වගන්ති, නෛතික විධිවිධාන හා රෙගුලාසි මගින් පුද්ගලයන් අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීමෙන් හා නඩු විභාග නොකර සිටිම වළක්වා ඇත. නමුත් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කරන ත‍්‍රස්තවාදය වැළැක්විමේ පණත හා හදිසි නීති රෙගුලාසි මඟින් මානව අයිතිවාසිකම් හා නීතියේ ආධිපත්‍ය උල්ලංඝණය කරන අතර ආරක්ෂක හමුදා අතිවිශාල රැකවරණයක් භුක්ති විදිති.

පසුගිය දශක තුන තුළ, ශී‍්‍ර ලංකා බලධාරීන් නීතියට පරිබාහිරව ක්‍රියාකරමින් පොදුවේ යුක්තිය පසිඳලීමෙහි කි‍්‍රයා පටිපාටිය අඩංගු විධිවිධාන නොසලකා හරිමින් ඒවා උල්ලංඝණකරන ලදී. එසේ කරන ලද්දේ බොහෝ විට සාක්ෂි හෝ වරෙන්තු එකතුවකින් තොරව සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට හා චෝදනා ඉදිරිපත් කිරිමකින් හෝ නඩු පැවරීමකින් තොරව රඳවා තබා ගත්තේ ආරක්ෂක නීති රීති හා රෙගුලාසි වල ආධාරයෙනි. මෙම ආරක්ෂක ආධිපත්‍ය, දශක ගණනාවක් තිස්සේම ප‍්‍රතිපත්ති සම්පාදකයින්ටත්, පොලීස් හා ආරක්ෂ හමුදා හා සිවිල් සේවකයින්ටත් පමණක් නොව සාමාන්‍ය මහජනතාවට ද දෛනික ජිවිතයේ අංගයක් බවට පත් වූයේ ය. එමඟින් යුක්තිය පිළිබඳ සංකල්ප හා නෛතික කි‍්‍රයාපටිපාටි හකුලා දමන ලද අතර, හා නීතිය කි‍්‍රයාත්මක කිරිම පිළිබඳ මහජන විශ්වාසය සෝදා පාළුවට ලක් කරන ලදී. එමඟින් විධායකය සංවරණයට ලක් කිරීම අඩපණ කළ අතර, අත් අඩංගුවට ගැනිම් හා රඳවා තබා ගැනිම් ඉහළ නැගුනි. රඳවා තබා ගැනිම් හා තොරතුරු දැන ගැනිම පිණිස අධිකරණයේ පිහිට පැතීම වළක්වාලීම වර්ධනය විය. මේ සියල්ලෙහි වන දිය ගෙවන්නට සිදු වුයේ මානව හිමිකම්වලටය.

ආයුධ සන්නද්ධ අරගලය නිමාවීමත් සමගම මෙම භාවිතයන් ද නිමා(අඩු තරමින් අවම විමක්වත්) වනු ඇතැයි අපේක්ෂා කළ නමුත් එසේ සිදුනොවිම කණගාටුවට කරුණකි. අවම ශී‍්‍ර ලංකා බලධාරීන් සැකකරුවන්ට අවම ආරක්ෂාවක්වත් සහතික නොකරමින් ඔවුන් අත්අඩංගුවට ගැනිම හා රඳවා තබා ගැනීම් දිගටම සිදු කරයි. ශී‍්‍ර ලංකා නීතියට අනුව වැඩිදුරටත් විමර්ශන කටයුතු කිරිම පිණිස, රැඳවියන් සිර මැදිරියෙන් එළියට රැගෙන යාමට පොලීසියට බලය තිබේ. නමුත් එය රැඳවියන් වධහිංසාවන්ට භාජනය කිරිමට හා අත් අඩංගුවේ දි ඝාතනය කිරිමට ඉඩ දෙන පුරුද්දකි. රැඳවියන්ට සිය ඥාතීන් හා මිත‍්‍රයින් සමඟ සංදේශනයට ඉඩ දෙනු නොලැබේ. පුද්ගලික නිවාස, කඳවුරු බවට පරිවර්තනය කළ පාසැල්, පරිපාලන හා ගබඩා වැනි නිල නොවන රැඳවුම් මධ්‍යස්ථානයන් හි මෙම සැකකරුවන රඳවා ගන්නා අතර, එහිදි ඔවුහු වධහිංසාවන්ට භාජනය කරනු ලැබේ. ශී‍්‍ර ලංකාවේ මෙම අත්තනෝමතික රඳවා තබා ගැනීමේ පුරුද්ද නිසා වධහිංසා පැමිණවීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම, අධිකරණ බාහ්‍ය ඝාතන අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ තබා ගැනිම පුරුද්ද නිසා ඇති වි තිබේ. ශී‍්‍ර ලංකාවේ ආයුධ සන්නද්ධ අරගලයත් සමගම වර්ධනය වු වරදින් නිදොස් කීරිමේ සංස්කෘතිය මඟින් නීතියේ ආධිපත්‍ය යටපත් කරන අතර, යුක්තිය පසඳලීම වළක්වයි.

මෙම වාර්තාව විසින් ආයුධ සන්නද්ධ අරගලය නිමා විමෙන් පසුත් අඛණ්ඩව වර්ධනය වන මානව හිමිකම් උල්ලංඝණය කිරිමේ එක් ක‍්‍රමයක් වන නීතියෙන් නියම කර ඇති කාර්ය පටිපාටිය අනනුකූලව රඳවා ගැනීම පිළිබඳ පුරුද්ද අනාවරණය කරයි. ශී‍්‍ර ලංකා බලධාරීන්මෙම පුරුද්ද වහාම අත්හළ යුතු අතර, රැඳවියන් සම්බන්ධයෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝණයන් වහාම විමර්ශනය කොට වගකිව යුත්තන් අධිකරණය ඉදිරියට ගෙන ආ යුතු අතර, අන්තර් ජාතික මානව හිමිකම් නීතියට ප‍්‍රතිවිරුද්ධ නීති අවලංගු කිරීම හෝ සංශෝධනය කිරීම කළ යුතුයැයි අපි නිර්දේශ කරන්නෙමු.

සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න

උපුටා ගැනීම – ඇම්නස්ටි ඉන්ටර්නැෂනල්

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements