you're reading...
මානව හිමිකම්

යාපනය සරසවි සිසුන් නිදහස් කරන්න!!! කිලනොච්චියේදී විරෝධතා

Kilinochi Protests

ලෝක මානව හිමිකම් දිනය වන අද (10) දිනයේදී අත්අඩංගුවට ගෙන සිටින යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් නිදහස් කරන ලෙසත්,දෙමළ ජනයාගේ මානව හිමිකම් තහවුරු කරන ලෙසත් බලකරමින් විරෝධතාවයක් අද කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවතුණි.

දෙමළ ජාතික ජනතා පෙරමුණ, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ ,මාක්ස් – ලෙනින්වාදී පක්ෂය,නව සම සමාජ පක්ෂය යන පක්ෂ සහ අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වූහ.

යාපනය සරසවි සිසුන් නිදහස් කරන්න

මෙහිදී රජය වෙත බලකර සිටියේ ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන, රඳවාගෙන සිටින යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් නිදහස් කරන ලෙසයි.

ඒ වගේම දෙමළ ජනයාගේ මානව හිමිකම් තහවුරු කරන ලෙසද මෙම විරෝධතාවය මගින් ඉල්ලා සිටියහ.

අද පැවති විරෝධතාවය සම්බන්ධව අප සමග අදහස් දැක්වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කර සිටියේ අද කිලිනොච්චියේ පැවති විරෝධතාවයෙන් අප අවධාරණය කර සිටියේ දැනට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් නිදහස් කරන ලෙස සහ මේ මොහොත වනවිට උතුරේ ක්‍රියාත්මක වන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නතර කරන ලෙසයි.

නැවත පුනරුක්තාපනය වී පැමිණි හිටපු එල්ටීටීඊ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම සිදුවෙනවා ඒ වගේම තවමත් සිදුවන අතුරුදහන් කිරීම් සහ පසුගිය කාලයේ අතුරුදහන් කරන ලද පුද්ගයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස අප රජයට බලකර සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඊළාම් ජනතා විප්ලවාදී විමුක්ති පෙමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර , දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම් යන අයද සහභාගී වූහ.

Source : Lankanewsweb | 
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements