you're reading...
යුධ අපරාධ

යුධ අපරාධ 01 – ”මම භාර වුවෙමි”

Image 

ශී‍්‍ර ලංකික දාවිඩ ප‍්‍රභවයක් සහිත විදේශ පුරවැසිභාවයක් හිමි ශාන්තන්, 2011 ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සම්මඛ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. ශාන්තන් ගේ උපන් ගම යාපනය දිස්ති‍්‍රක්කයේ පේදුරු තුඩුවය. 2005 සුනාමියෙන් පසු ඔහු අනාථ නිවාසයක ස්වේච්ඡා සේවකයෙක් වශයෙන් ශී‍්‍ර ලංකාවට පැමිණියේය. ඔහු එල්.ටි.ටි.ඊ. ය විසින් බඳවා  ගෙන කර්නල් තනතුරක පිණිස පුහුණු කරන ලද්දේය.

2009 ඔහු තුවාල ලබනතෙක් විවිධ සටන් පෙරමුණු වල සටන් කළේය. 2009 මැයි මාසයේ දී ඔහු භාර විය. කඳවුරු ගණනාවක රඳවනු ලැබු ඔහුට කිහිප අවස්ථාවකදීම වධ හිංසා පමුණුවන ලද්දේය. ඔහු විදේශීය රටක පුරවැසියෙක් නිසා එම තානාපති කාර්යාලයේ බල කිරීම මත අවසානයේ දී ඔහු කොළඔට රැගෙන එන ලදී.

ශාන්තන් ට විරුද්ධව ඉදිරිපත් කරන ලද චෝදනාව වුයේ ආයුධ පුහුණුව ලැබීමය. ඔහු ගේ තානාපති කාර්යාලය ඉදිරිපත් කළ නීතිඥවරයෙකු ඔහු වෙනුවෙන පෙනී සිටි අතර, 2010 අපි‍්‍රයෙල් 6 වන දින ඔහු මහාධිකරණය විසින් නිදහස් කරන ලදී. 2010 අපි‍්‍රයෙල් 11 වන දින තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ ශී‍්‍ර ලංකාවෙන් නික ම ගියේය.

” මැයි 18 වන දින මම සිටියේ නන්දිකාඩාල් කලපුවේx ළමයින් හා වැඩිහිටි අය විශාල ප‍්‍රමාණයක් එහි සිටියා. බොහෝ දෙනෙක් මිය ගියා. සමහරු පීනන්න බැරි වුනත් කලපුවට බැහැලා පීනන්න උත්සාහ කළා. වෙඩි තැබිමෙන් බේරෙන්න ඔවුන් ඒ මේ අත දිව ගියා. මම  සිවිල් වැසියන් සමග ගොස් බාර වුනා.

” ශාන්තන් ප්‍රථමයෙන්ම මිල්ටරි පොලීසිය විසින් රඳවා ගනු ලැබුවාx ඔහු හිතන්නේ ඒ 57 වන සේනාංකයෙන් කියලා. ඔහු ගෙන් ප‍්‍රශ්න කළ අතර, අල්ලස් දීමෙන් පසු ඔහු පළා ගියා.  මට බැටන් පොල්ලකින් පහර දෙනු ලැබුවා. කම්බි කපන කතුරකින් මට පහර දුන්නා. මේ ඔක්කෝම කළේ ප‍්‍රශ්න කිරිම පිණිසයි. ඔවුන්ට දැන ගන්නට ඕනෑ කළේ එල්.ටි.ටි.ඊ නායකයා ඉන්නේ කොහෙද කියලා. කෝ එල්.ටි.ටි.ඊ නායකයා? වෙන කවුද එල්. ටි.ටි.ඊ. නායකයෝ ඉන්නේ? ඔවුන් කොහාට ද පැනලා ගියේ? තමන් ගේ තනතුර මොකක්ද වගේ ප‍්‍රශ්න මගෙන් ඇහුව්වා.

 පලා ගිය මම ඕමන්තෙයි වලට ගියාම එහිදී මිනිස්සු මාව හඳුනා ගෙන මම එල්.ටි.ටි.ඊ නායකයෙක් ක ියලා පෙන්නුවා. ආයෙත් මාව අත්අඩංගුවට අර ගෙන ප‍්‍රශ්න කරන්න පටන් ගත්තා.”

“ඒක කුඩා ගොඩනැඟිල්ලක්. මම හිතන්නේ කාමර හතරයි තියෙන්නේ. යුද්ධ හමුදාවේ බුද්ධි අංශය මගෙන් ප්‍රශ්න කළා. ඔවුන් ළඟ පිස්තෝල තිබුනා. ඒවාට උන්ඩ පුරවලා මගේ කටේ ඔබනවා වෙඩි තියන්න. ඔවුන් ළඟ පුංචි බ්ලේඞ් තල තිබුනා. ඒවායින් මගේ අත් කැපුවා.

ඔවුන් මගේ පුරුෂ ලිංගය කපා දමන බවට තර්ජනය කළා. මාව දවස් ගණනාවක් රඳවා ගෙන එකම ප‍්‍රශ්න නිතරම අහනවා. දින කිහිපයකට පසු මාව ඕමන්තේ පාසැලකට යවනු ලැබුවා. එතන තව සටන්කාමීන් 15 දෙනෙක් විතර හිටියා. ඒක පරණ පාසැල් ගොඩනැඟිල්ලක්x. එතන 3,000 ක් විතර හිටියා. එතන ප‍්‍රශ්න ගොඩක් තිබුනා.

අපි පේළියට වාඩි වෙන්න ඕනෑ. ඊට පස්සේ හමුදා භටයෝ අපිට පයින් පහර දෙන්න පටන් ගන්නවා. ඔවුන් රතු නිල් ඇදුමක් ඇඳ ගෙන හිටියේ. ප‍්‍රධාන පරීක්ෂක නිතරම වෙනස් වුන හින්ද අපි කවුරුන් භාරයේ හිටියා ද කියලා හරියටම කියන්න බෑ. මෙතන දී ? දහයෙන් පස්සේ අපිව වධකාරගාරයකට ගෙනි යනවා. මගේ අත් දෙක පුටුවකට ගැට ගහනවා. ඊට පස්සේ ඇඟ හැමතැනටම අතින් පයින් සමහර වේලාවට බැටන් එකකින් පහර දෙමින් කූණු හරපෙන් බනිනවා.

” සති දෙකකට පස්සේ අන්තර් ජාතික රතු කුරුස සංවිධානයෙන් පැමිණියා. ඊට පස්සේ මාව වධකාගාරයට ගෙන ගියේ සතියකට වරයි. වධකයෝ නිතරම මත්පැන් සමහර විට ගංජා බීලයි ඉන්නේ. මං මුහුණ දුන් තර්ජන වලට තවත් බොහෝ දෙනෙක් මුහුණ දී සිටියා. මේ 53තත්වය නිසා අපි තනි වුනා. බුද්ධි අංශයේ මගේ ඉතා හොඳ යාළුවෙක් එතන හිටියා.එයාව හොඳටම වධ හිංසාවලට ලක් කර තිබුනා. ලේ පේරා ගෙන එන කොට හඳුනා ගන්න බැරි  වුනා. නමුත් අපි ඔහුව මඟ හැරියා. අපි ඔක්කෝටම ඕනෑ වෙලා තිබුනේ තම තමන් බේරෙන ක‍්‍රමයක් හොයා ගන්නයි.

” ඒ ස්ථානය ඉතාමත් සවුත්තු තැනක්. එක් පංති කාමරයක 60 දෙනෙක් රඳවා තිබුනා. නිදා ගත්තේ නිකං සිමෙන්ති පොළවේ. අපිට කෑම ලැබුනේ තුන් දෙනෙකුට එක් පැකට් එක ගානේ ඒවා පරණ පිළුණු වෙච්ච කෑම. ඊට පස්සේ මාව වවුනියා මධ්‍ය මහා විද්‍යාලයට ගෙන ගියා. මෙතන 600ක් විතර හිටියා. ඒක  හැඳින්වුනේ ”පුනරුත්ථානපන කඳවුරක්” වශයෙන්. මෙතන තරමක් හොඳයි. මෙතන අපි කෑම උයා ගන්න ඕනෑ. නමුත් තිබුනේ එළවළු විතරය. මෙතනත් වතුර හා වැසිකිලි පිළිබඳ ප‍්‍රශ්න තිබුනා. සතියකට දෙපාරක් එක් කෙනෙකුට වතුර ලීටර පහ ගනනේ දුන්නා. එකෙන් ඔක්කෝම වැඩ ටික ඒ කියන්නේ සේදිලි, වැසිකිලි, උයන්න හා බීමත් කර ගන්න වුනා.

” මෙතන දී උදෙන්ම නැගිලා නාන්න ඕනෑ. ඊට පස්සේ අපි පේළියට ඉන්න ඕනෑ. හමුදාවෙන් ඊට පස්සේ පෙරෙට්ටුවක් ගන්නවා. කවුරු හරි අතුරුදහන් වේලා තිබුනොත් අපිට ගුටි කන්න වෙනවා. ඊට පස්සේ සොල්දාදුවෝ අපි බලහත්කාරයෙන් ශී‍්‍ර ලංකා කොඩිය ඔසවා  ජාතික ගීය ගයන්න කියනවා. ඊට පස්සේ අපි ආයෙත් පංති කාමරයට යවනවා මුළු දවසම
එක ඇතුලේ ඉන්න ඕනෑ. අපිට කියවන්න පොතක් පතක් වත් තිබුනේ නෑ. ” මෙතනදීත් අපිට යම් ප‍්‍රමාණයකට වධ හිංසාවලට මුහුණ දෙන්න වුනා. නිතරම එල්.ටි.ටි.ඊ. එක පිළිබඳව ප්‍රශ්න අහනවා. රාත‍්‍රීයට අපි නිදා ගෙන ඉන්න කොට සොල්දාදුවෝ ඇවිත් අපිට පයින් ගහනවා. මාස හතරකට පස්සේ මාව බලන්න අමුත්තන්ට අවසර දී තිබුනා.  අන්තීමේදී තානාපති කාර්යාල නිලධාරීන්ට මාව බලන්න අවසර දී තිබුනා. ඔවුන් මට පුවත් පතක් ගෙනවිත් තිබුනා.

මාව තවදුරටත් වධ හිංසාවලට ගොදුරු වුනා. ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ බුද්ධි අංශය මට නිතරම අවවාද කළා මට වධ හිංසාවලට ලක් කළ බව රහසක්  වශයෙන් තබා ගන්නා ලෙසට. නැත්නම් මා මරා දමන බවට තර්ජනය කළා. තායනාපති නිලධාරීන්ට මීට පෙර මාව බලන්න එන්න බැරි වුනේ ඔවුන්ට ගෝඨාභය රාජපක්ෂ  ආරක්ෂක ලේකම් අවසර නොදුන්න නිසා යැයි කිව්වා.

” මාව බලන්න අම්මාවත් කැඳවා ගෙන ඇවිත් තිබුනා. එයාට මාත් එක්ක කථා කරන්න ඉඩ දුන්නේ විනාඩි 10ක් පමණයි. මම අම්මාව දැක්කේ සෑහෙන කාලයකට පස්සේ. ඒ නිසා මේ මුණ ගැසීම අපි දෙන්නාටම සතුටුදායක හමුවිමක් වුනා. එයා දැන ගෙන හිටියේ නැහ මම ජීවතුන් අතර  ඉන්නවාද මළා ද කියලා. නමුත් මට මුහුණ දෙන්නට සිදු වු අත්දැකිම් ගැන මම මොකුත් කව්වේ නැහ. මම
තමයි පවුලේ වැඩිමහල් පුතා. අම්මා මාව බලන්න එනකොටත් හුඟක් දුර්වල වෙලා හිටියේ මේවා එයාට දරා ගන්න බෑ.” 2010 මාර්තු 17 වන දින ශාන්තන් කොළඔ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ අපකිර්තීමත් හතර වන තට්ටුවට ගෙන ගියේයx ” කොළඔට එන්න සිදු විම අවාසනාවක් ඇත්තටම අවාසනාවක් .

මේක සම්පුර්ණයෙන්ම වධකාගාරයක්. මෙතන විදුලි පුටුවක් තියෙනවා. මට ඒක ගැන හිතන්නවත් බෑ. ඔබ දන්නවා ඇති ඔවුන් අතර, කියමනක් තියෙනවා…දෙවන තට්ටුව විමර්ශන… හතරවන තට්ටුව වධ හිංසා… හය වන තට්ටුව පරලොව.

” මට මෙතන ඉන්න සිද්ධ වුනේ දින කිහිපයයි. තානාපති කාර්යාලයෙන් ආවා. ආණ්ඩ ුව මාව  කොළඔට ගෙන ආ බවක් තානාපති කාර්යාලයට දැනුම් දී තිබුනේ නෑ. මම එතනට ආපු ආගන්තුකයෙක් අතේ තානාපති කාර්යාලයට පණිවුඩයක් යැව්වා. තානාපති කාර්යාලය නීතිඥවරයෙකු මඟින් අධිකණයේ නඩුවක් පැවරුවා.ඒ නඩුව දවස් දෙකෙන් ඉවර කළා. අපි‍්‍රයෙල් 6 වන දින මහා අධිකණය මාව නිදහස් කළා. “

ඊට දින හතරකට පසු ශාන්තන් දිවයිනෙන් බැහැර ගියේය.

 – උපුටා ගැනීම ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ වාර්තාවෙන් – 

Advertisements

Discussion

2 thoughts on “යුධ අපරාධ 01 – ”මම භාර වුවෙමි”

  1. srilankan army 1 aywa alla gattahamaa LTTE 1 mokada kale kiyala shanthan danwada danne naaaa??poddak ahala baluwoth hondaii….ethakota manwa himikam ewun uda balagena balum gahuwadaaa….

    Posted by deva | December 13, 2012, 7:37 am

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements