you're reading...
හමුදාකරණය

හමුදවට බඳවාගත් දෙමළ තරුණියන් 21 දෙනෙකු හඳිසියේම කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරයි.

Image

ශ්‍රී ලංකා හමුදාව විසින් සෘජුව සහ වක්‍රව බලපෑම් කරමින් හමුදාවට බඳවා ගත් දෙමළ තරුණියන් 100 දෙනාගෙන් 21 දෙනෙකු දැඩි මානසික ව්‍යාකූල තත්ත්වයකට පත්වීම හේතුවෙන් පසුගිය අඟහරුවාදා රාත්‍රී 11 පමණ කිලිනොච්චිය රෝහලට වෙත ඇතුලත් කර ඇත.

රෝහල අවට ශ්‍රී ලංකා හමුදාවේ 30 කට අධික පිරිසක් රැකවල්ලා සිටින අතර මුලදී රෝහල් ගත කර තරුණියන් බැලීමට කිසිවෙකුටත් අවසර නොමැත. ඔවුන්ගේ දෙමාපියන්ට හෝ ඔවුන් බැලීමට අවසර දී නොමැත. මෙම අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් රෝහල වෙත පැමිණ ඇති අතර එම තරුණියන් බැලීමට යාමට සැරසුනද ඔහුටද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අවසර නොදුන් බව මන්ත්‍රීවරයා අප සමග පැවසීය.

හමුදා පුහුණු කිරීමේදී ඔවුන්ට සිදුවූ වඳහිංසා සහ විවිධාකාරයේ බියවැද්දී නිසාවෙන් එම තරුණියන් සියලු දෙනා රෝහල ගතකර සිටින තරුණියන් සියලු දෙනා දැඩි මානසික භීතියකට පත්ව සිටින බව වන්නියෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.

මෙම තරුණියන්ව රාත්‍රීකාලයේදී දැඩිව භීතියට පත්කර ඇතැයි ද එම වාර්තා තවදුරටත් සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් රෝහල් අධ්‍යක්ෂක ​වෛද්‍ය කාර්තිජෙයින් අමතා එම තරුණියන්ගේ තත්ත්වය දැනගැනීමට උත්සහ කළද ඔහු පවසා ඇත්තේ එම තරුණියන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස හමුදාව විසින් තමන්ට නියෝග කර ඇති බවයි.

කෙසේනමුත් අවසානයේ සිය දියණියන් බැලීමට දෙමාපියන්ට අවසර ලබා දී ඇති අතර අප එම එක් පියෙකුගෙන් එම තරුණියන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් විමසුවෙමු.

ඔවුන් දැඩිව භීතියට පත්ව සිටිනවා- හමුදාව කිසිවක් කියන්නේ නෑ

ඔහු පවසා සිටියේ “ඔවුන් යමක් නිසා දැඩි භීතියට පත්වී සිටින බව ඉතා පැහැදිලියි. ඉතා වේගයෙන් හිස වනමින් දත් විලිස්සමින් භීතියෙන් සිහිනැතිව යනවා.”

“අප මේ සම්බන්ධව හමුදා නිළධාරීන්ගේ කරුණු විමසීමට උත්සහ කළා, නමත් ඒ කිසිවෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වුනා.”

කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම් ප්‍ර​දේශය් පිහිටා තිබෙන පුහුණු කඳවුරක් තුළ මෙම තරුණියන්ට හමුදා පුහුණුව ලබාදෙමින් පැවතුනි. බඳවා ගන්නා අවස්තාවේදී එම තරුණියන් හට පවසා ඇත්තේ ඔවුන් බඳවා ගන්නේ කාර්යාලීය වැඩ සඳහා පමණ් බවයි. එසේම පුහුණු කාලය අතරතුර ඉරිදා දිනයේදී දෙමාපියන්ට ඔවුන් බැලීමට අවස්ථාව ලබාදෙන බවත් පවසා තිබේ. නමුත් පසුගිය ඉරිදා දිනයේදී සිය දියණියන් බැලීමට ගිය දෙමාපියන්ට ඔවුන් මුණගැසීමට අවස්ථාව ලබාදී නොමැත.

මෙසේ බඳවාගත් තරුණියන්ගේ 10 දෙනෙකු මේවනවිට පුහුණුව අතරතුර පලාගොස් ඇති අතර තවත් 8 දෙනෙක දැනට සතියක පමණ සිට දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වී තිබේ. ඔවුන් භීතියෙන් හඩාවැළපී ඇත.

පසුගිය දිනකදී එම හමුදා පුහුණු කඳවුරට යකදුරෙකු ගෙන්නවා එම තරුණියන්ගේ භීතිය හැරීමට විශේෂ වතාවත්ද පවත්වා ඇති අති බව වාර්තා වෙයි.

රාත්‍රී කාලයේදී එම තරුණියන්ට හමුදා සොල්ලාදුවන් විසින් ලිංගික අතවරද සිදුකර ඇති බවද නිල නොවන ආංචිමාර්ග සඳහන් කරයි .

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements