you're reading...
සම්මුඛ සාකච්ඡා

” දෙමළ ජාතික විමුක්ති අරගලය දෙමළ ස්වයංනීර්ණ අයිතිය පදනම් කර ගත්ත අරගලයක්, ඒ ගැන දෙගිඩියාවක් නැහැ” – මහේෂ් කුමාර

Image

මහේෂ් කුමාර. කවියෙක්, වේදිකා නාට්‍යවේදියෙක් වන මහේෂ් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  පූර්ණ කාල දේශපාලන ක්‍රියාධරයෙකි. විකල්ප කලා භාවිතාවක යෙදෙන මහේෂ් 2009 වර්ෂයේදී “කවිය කම්බස්” නමින් කව්‍ය ග්‍රන්ථයක් එළිදැක්වූ ඔහු 2011 වර්ෂයේදී “MOTHER” නමින් මොනලොක් වර්ගයේ පරිවර්තන නාට්‍යක්ද නිශ්පාදනය කලේය.

 මහේෂ් කුමාර, දෙමළ ජාතික විමුක්ති අරගලය සම්බන්ධව VanniPost සමග අදහස් දැක්වූ අයුරු 

VanniPost- දෙමළ ජනතාවගේ ජාතික විමුක්ති අරගලය සන්නද්ධව යටපත් කරලා තිබෙනවා. අනෙක් පැත්තෙන් දහස්ගණනක් දෙමළ ජනයා ඝාතනය වී තිබෙනවා. ඒ වගේම​ මේ මොහොත වෙද්දී තවත් දහස් ගණනක් දෙමළ ජනයා උතුරේ විවිධ පීඩනයන්ට ලක් වෙලා සහ වෙමින් සිටිනවා. කලාකරුවෙක්,කවියක් විදිහට ඔබ කොහොමද මේ මොහොත විග්‍රහ කරන්නේ ?

පළවෙනි කාරණය ලංකාවෙ මම නියෝජනය වන සහ ඊට බැහැරව තියෙන සහ දෙමළ ස්වයංනීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් වලට පවා මේ මොහොත උදා වීමේ වගකීමෙන් ගැලවෙන්න බැහැ. මේ මොහොතට අපි සියළු දෙනාම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනේ.

මේ පවතින මොහොතේදී දකුණේ වාම ව්‍යාපාරයටත් දෙමළ ජාතීන්ගේ ස්වයංනීර්ණ අයිතිය උදෙසා වන ක‍්‍රියාකාරී ව්‍යාපාරයන්ටත් පොදු සමාජ ව්‍යාපාරයන්ටත් ඉතාම අවාසි සහගත කොන්දේසි මාලාවක් තුළ තියෙන තත්වයක් තමයි මම දකින්නෙ.

VanniPost– ඔබ එක්තරා දේශපාලන ව්‍යාපාරයක පූර්ණකාලීන සාමාජිකයෙක් ඔබ දෙමළ ජනයාගේ ජාතික විමුක්ති අරගලය දකින්නේ කෙසේද?

ඒක දෙමළ ජනතාවගේ ස්වයංනීර්ණ අයිතිය පදනම් කර ගත්ත අරගලයක්,ඒ ගැන දෙගිඩියාවක් නැහැ.

Vannipost- ඒ ඔබගේ පුද්ගලික මතයද? ව්‍යාපාරයේ මතයද?

මේ මොහොතේ මා නියෝජනය කරන ව්‍යාපාරයේ මතය ප‍්‍රකාශයට පත් කරලා නැහැ. මට ඒ ගැන පුද්ගලික අදහසක් තියෙනවා. නමුත් දෙමළ ජනතාවගේ අරගලය සම්බන්ධයෙන් වත් ස්වයංනීර්ණය සම්බන්ධවත් මම නියෝජනය කරන ව්‍යාපාරයේ මතය තවම පළ කරලා නැහැ.

Vannipost – එයට හේතුව ?

දෙමළ ජනතාවගේ ස්වයංනීර්ණ අයිතිය පිළිබද මට තියෙන්න පුළුවන් අදහසක්. ඔබ ඇහුවොත් මට ඒ අරගලයට පක්‍ෂයි කියන්නත් පුළුවන්. ඒත් එතනින් එහාට මට කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒවත් එක්ක ඊට පක්‍ෂයි කියන එක ඉතාම සරල කාරණාවක් මට.

VanniPost- එතකොට ව්‍යාපාරයට අදහසක් නැද්ද?

ව්‍යාපරය මේ වෙලාවෙ තවම අදහසක් ප‍්‍රකාශ කරලා නැත්තෙ, මේ සම්බන්ධ මෙවැනි විවිධ පුද්ගයන්ගෙ අදහස් අතර සාකච්ඡාවක් සිද්ධ වෙමින් පවතින නිසා අපි කැමති වුනත් නැතත් ,ව්‍යාපාරයක් තීරණ ගන්නකොට සාතිශය බහුතරයකගේ තීරණය මත තීරණ ගන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් ව්‍යාපාරය ෆැසිස්ට් අන්තයට යන්නෙ. එතකොට තමන් දරන අදහස කෙතරම් නිවැරදියි කියලා තමන් හිතුවත්, අපිට බැරි උනොත් එහෙම ව්‍යාපාරයක් තුළට ඒ අදහස තහවුරු කර ගැනීමට සිද්ධ වෙන්නෙ සාතිශය බහුතරයේ අදහසට අනුව ක‍්‍රියාකාරී වෙන එක.

ඒ අතරෙ ඒ පුද්ගලයාට ව්‍යාපාරයත් සමග ඉතා දීර්ඝකාලීන මතවාදී අරගලයක් තියෙනවා තමා නිවැරදියි කියලා හිතන දිශාවට (දෙමළ ජනතාවගේ අයිතිය පිළිබද මගේ ප‍්‍රවේෂය නිවැරදිම ප‍්‍රවේෂය කියන තැන මම නැහැ. මගේ ප‍්‍රවේෂයක් තියෙනවා මම විශ්වාස කරනවා ඒක නිවැරදියි කියලා. නමුත් ඒක නිවැරදිද කියලා භෞතික ක‍්‍රියාවලියකදිනෙ ඔප්පු කරන්නෙ) එතකොට එවැනි පුද්ගලයෙකුට ව්‍යාපාරයක් තුළ කරන්න තියෙන්නෙ අරගලය තමයි, තමා නිවැරදියි කියලා හිතන අදහස වෙනුවෙන් ව්‍යාපාරය තුළ දිගින් දිගටම අරගල කරන එක.

VanniPost – ඔබ ස්වයංනීර්ණ අයිතිය පිළිගන්නවාද? කොන්දේසි තියෙනවාද ?

පිළිගන්නවා, කොන්දේසි අවශ්‍ය නැහැ

VanniPost- කවිය කම්බස් කළ මහේෂ් කුමාර, පවතින අධිපති මතවාදය තුළ “දෙමළා කම්බස් වීම” ඇයි ඔබගේ නිර්මාණ තුළ දකින්නෙ නැත්තෙ ?

කවිය කම්බස් කෘතියට පස්සෙ මං සීමා වුනේ නැහැ. බොහෝ කවියො කිරිබත් කෑව. එක ගැන මං කවියක් ලිව්වා මං කියන්නෙ නැහැ ,කවි ලිවීමෙන් මගේ කාර්යය ඉවර කෙරුවා කියලා. නිමලරූබන්ගෙ සිදු වීම පිළිබදව මම උදය කුමාර රණතුංග සහෝදරයා සහ නිමලරූබන් කියන දෙදෙනා ගැනම සදහන් වන කවියක් ලිව්වා.

VanniPost = දෙමළ ජාතික අරගලය සන්නද්ධව යටපත් කිරීමට පෙර ඇයි මේ භාවිතය පිළිඹිඹු වුනේ නැත්තෙ ?

එතකොට මම හිටියෙ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කථිකාව තුළ. ඒ දැනුමේ සීමාව තුළ ලියවෙන්නෙ නැහැ

VanniPost – අපි ගෙවමින් ඉන්නෙ ඉතා බැරැරුම් මොහොතක් ඔබ යෝජනා කරන්නෙ කුමක්ද මේ අවස්ථාව ජය  ගැනීමට ?

ඒ සදහා පීඩිත පන්තීන් වාර්ගික ජාතිකත්ව හෝ ජාතික වශයෙන් බෙදීම පසුගාමී ලක්‍ෂණයක්. ඒක නිෂ්චිතයි. යම්කිසි පීඩිත පන්තියක යම්කිසි ජාතියක් නියෝජනය කරන පිරිසකගේ වෙන්වීමේ අයිතිය මං මේ කියන එකෙන් නිශේධනය වෙන්නෙ නැහැ. ඒ නිසා එය ඉතා සංකීර්ණයි. මෙන්න මේ දෙගොල්ලො අතර මතවාදීව සිදු වන ඒකාබද්දතාවයක් තුළ තමා මේ දේ සිද්ධ වෙන්න ඕනෙ. ඒකෙන් මං කොයි වෙලාවෙවත් කියන්නෙ නැහැ භෞමික ඒකාබද්ධතාවයක් කියලා. ඒ වගේම මං යෝජනා කරන්නෙ නැහැ, භෞමිකව වෙන්වීම මේකට පිළිතුර කියලා.

ම​ගේ යෝජනාව වෙන්නේ තමයි පාන්තික වශයෙන් මතවාදීව ඒකාබද්ධ වීම. ඒ තුළට භෞමිකව වෙන්වුනත් කමක් නැහැ. භෞමිකව එකට හිටියත් කමක් නැහැ

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements