you're reading...
හමුදාකරණය

යාපනය සරසවියේ සිසුවියන් 4 දෙනෙක්ට බාරවන ලෙස නියෝග; දිගින් දිගටම හමුදාවෙන් තර්ජන

Image

ශ්‍රී ලංකා ආරක්ෂක අමාතංශ ලේකම්ගේ නියෝග මත ඊනියා ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් යාපනය සරසිවියේ සිසුන් අත්අඩංගුව ගැනීමේ නවතම දිගුව ලෙස වි සිසුවියන් සිව්දෙනෙකුට බාරවෙන්නයි නියෝගකර ඔවුන් විසින් නියෝගකර තිබේ.

නිවස්වලට ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අදාළ පොලිස් ස්ථාන හරහා සිසුවියන්ගේ නිවෙන් වෙත එම බාරවන ලෙස වරෙන්තු යවා ඇත. වවුනියාවෙහි සිසුවියන් දෙදෙනෙකුටද මුල්ලතීව් හා කිලිනොච්චිය ප්‍රදේශවල සිසුවියන් දෙදෙනෙකුට මෙලෙස වරෙන්තු නිකුත්කර ඇත.

මේ අතර එම සිසුවියන්ව දෙමවිපියන් සමඟ ගොස් බාරවන ලෙස සරසවි පරිපාලනය විසින් බලපෑම් කරමින් සිටියත් ශිෂ්‍ය සංගමය පවසා සිටින්නේ සරසවි ආචාර්‍යවරුන් ඉදිරිපිට එම සිසුවියන්ගේ ආරක්‍ෂාව තහවුරු කර භාරවිය යුතු බවයි.

යාපනය සරසවිය යළි ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ රජයට දැඩි උවමනාවක් වෙයි. ඒ ජාත්‍යන්තර සංවිධාන හා අන්තර් ජාතික ශිෂ්‍ය සංවිධන ​මේ වෙනුවෙන් සිය හඬ අවදිකර ඇති බැවිනි .
දකුණේ ශිෂ්‍ය ව්‍යාපාරය තවමත් මේ සම්බන්ධව සිදුකර ඇත්තේ එකම එක ප්‍රකාශයක් පමණි.

හමුදාවෙන් සිසුන්ට තවදුරටත් තර්ජන

ඊයේ (13) වඩමරාච්චිය නැගෙනහිර ප්‍රදේශයෙහි නිවස්වලට ගිය හමුදාව සරසවි සිසුන්ට අධ්‍යපාන කටයුතුවල සහභාගිවන්නයි අවධාරණය කර තිබේ. ඇතැම් ප්‍රදේශවල සිසුන්ව වාහනවලින් කඳවුරුවලට රැගෙනගොස් නැවත දේශන වලට සහභාගී වන ලෙස අවධාරණය කර ඇත.

මේ අතර වන්නි ප්‍රදේශයේදී සිසුන්ට හමුදාව විසින් තර්ජනය කළ සිද්ධියන් වාර්තාවී ඇතැයි ආරක්ෂණ හේතුන් මත නව හෙළිනොකළ යාපනය සරසවි ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශකයෙක් වන්නි පෝස්ට් සමඟ පවසා සිටියේය.

යාපනයේ සියලු තීරණ ගන්නේ හමුදාව

එම ප්‍රකාශකය තවදුරටත් පවසා සිටියේ කවුරු හරි කියනවානම් යාපනය ප්‍රදේශය ප්‍රජාතන්ත්‍රවාදය පවතිනය කියලා අපි කියනවා එය 100% බොරු කියලා. අපේ ශිෂ්‍ය නායකයින් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිනවා. තවත් සිසුවිය 4 දෙනෙක්ට බාරවීමට නියෝගකර තිබෙනවා.

පසුගිය 27 වැනිදා සිට මේ දක්වා හමුදව විසින් විටින විට අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින සහ නිදහස් කළ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 45 කට අධිකයි. ඒ අතර පාසල් සිසුන් 2ක්ද වෙනවා.

සිසුන් නිදහස් කරගන්න සරසවි පරිපාලනයට ඇයි හමුදා නිළධාරීන් සමග සාකච්ඡා කරන්න වෙලා තියෙන්නේ. කෝ රාජ්‍ය පරිපාලන නිළධාරීන්.උතුරේ සියලු සිවිල් තීරණය පවා ගන්නේ හමුදාව විසින්. එම නිසා අපි කියන්නේ මෙයට හමුදාපාලනයක්. කිසිදු ආකාරයක සිවිල් ස්භාවයක් මේවනවිට උතුරු පළාත තුළ නෑ.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements