you're reading...
දේශපාලනය

ගෝඨාභය රාජපක්ෂගේ Defence.lk මන්නාරම් රඳගුරුතුමන්ට එරෙහිව අවලාද ව්‍යාපාරයක් අරඹයි.

Image

රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වන Defence.lk නම් වෙබ් අඩවිය, මන්නාමර් රඳගුරු රායප්පු ජෝසප් හිමිපාණන්ට එරෙහිව අවලාද ව්‍යාපාරයක් ආරම්භකර ඇත.

කතෝලිකයන්ගේ මෙන්ම මානව ගරුත්වය අගයන සියලු ජනයාගේ නොමඳ ගෞරවයට පාත්‍රවී සිටින මන්නාරම් රඳගුරු රායප්පු ජෝසප් හිමිපාණන් එලෙස එම වෙබ් අඩවියේ අවලාදයන් සහ මඩ ප්‍රහාරයන් හි නිරන්තර ඉලක්කයක් වී ඇත්තේ වන්නිය තුළ ජීවත්වන සියලු ජනයාගේ ප්‍රශ්ණවලට එතුමන් සෑම විටකම මැදිහත් වන හෙයිනි.

අගරඳගුරුතුමන් ඉලක්කකර ගනිමින් රාජ්‍ය ආරක්ෂක අමාතංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවන Defence.lk වෙබි අඩවිය අගරඳගුරුතුමන් මෑතක සිට අඟරඳගුරුතුමන් ඉලක්ක කරගනිමින් දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට විශේෂම හේතුව වී ඇත්තේ එතුමන් ශ්‍රී ලංකා රජය විසින්ම පිහිටවූ උගත් පාඩම් හා සංහිදියා කොමිසම මන්නනාරම් ප්‍රදේශයේ සාක්ෂි විමසීමේදී සිදුකළ ප්‍රකාශයයි.

එතුමන් එම කොමිසිම ඉදිරියේ පවසා සිටියේ ” වන්නි ප‍්‍රදේශයේ වැසියන් 146,000කට අධික පිරිසක් පිළිබඳව යුද්ධයෙන් පසුව කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි ද මුලතිව් හා කිලිනොච්චි දිසාපතිවරුන්ට අනුව, 2008 ඔක්තෝබර් මාසය වන විට එම දිස්ති‍්‍රක්ක දෙකෙහි මුළු ජනගහණය 429,059ක් වූ නමුත්, යුද්ධයෙන් පසුව රජයේ පාලන ප‍්‍රදේශයන්ට පැමිණ ඇත්තේ 282,380 දෙනෙකු පමණක් ” බවයි

මෙය ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ සිදුකළ දෙමළ වර්ග සංහාරය පිළිබඳ ප්‍රබල සාක්ෂියකි. එතුමන් දිගින් දිගටම ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ මේ ජනයාට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙසයි.

මන්නාරම් රදගුරු රායප්පු ජෝසප් හිමිපාණන් විසින් මෑතකදී ඕස්ට්‍රේලියානු බලධාරින් වෙත යවන ලද ලිපියකින් සඳහන් කර සිටියේ නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යන දමිළ ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට නොඑවන ලෙසයි. එසේ ආපසු එවන ලද පුද්ගලයින්ගෙන් ශ්‍රී ලංකාවේ පොලීසිය හා යුද හමුදාව නොයෙක් ප්‍රශ්ණ කිරීම් කරන බවද ඔවුනට විවිධ තාඩන පීඩන කරන බවත් ඒ අනුව එසේ ආපසු එවන පුද්ගලයින්ගේ ජීවිත අනතුරුදායක තත්වයක තිබෙන බවත් එහි සදහන් කර තිබීම යළිත් වතාවක් එතුමන්ට එරෙහිව ආරක්ෂක ලේකම්වරයාගේ වෙබි අඩවිය මගින් අභූත චෝදනා නගමින් අවලාද ව්‍යාපාරයක් දියත් කරන්නට හේතුවී ඇත.

මේ සම්බන්ධව අදහස් දැක්වූ මන්නාරමේ කතෝලික පූජකවරයෙකු පවසා සිටියේ ලෝකයම දන්නවා ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනයාට කුමක්ද කලේ කියා. එය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කරන ලද වාර්තාවෙන් මෙන්ම එක්ස ත්ජාතීන්ගේ සංවිධානය ලංකාව විශයෙහි අසාර්ථක වූ බව දැක්වෙන අභ්‍යන්තර වාර්තාවේද සඳහන් වී තිබෙනවා.

එම නිසා අප පුදුම වියයුතු හෝ අපගේ ක්‍රියාකාරකම් අඩපණ කරගත යුතු නෑ , ආරක්ෂක ලේකම්වරයාගේ වෙබ් අඩවිය මන්නාරම් රඳගුරුතුමන්ට එරෙහිව අවලාද නැගීම සම්බන්ධව. ඔවුන් දන්නවා ඔවුන් කලේ කුමක්ද කියා. අපි මේ ජනයා සමග කල්ගත කරන්නේ. ඒනිසා අපත් දන්නවා ඔවුන් කුමක්ද කලේ කියා. එම නිසා වැනි බාල ක්‍රියා සම්බන්ධව වැඩිය කළබල වියයුතු නෑ යනුවෙන් එම පූජකතුමන් වැඩිදුරටත් පැවසීය

Source : Lankanewsweb
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements