you're reading...
දේශපාලනය

යාපනය සරසවි සිසුන් නිදහස් කරන්න යැයි බලකරමින් වව්නියාවේ විරෝධතාවයක්

Student1

ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ සෘජු නියෝග මත ත්‍රස්ථ විමර්ෂණ ඒකකය මගින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන වැලිකන්ඳ හමුදා කඳවුරේ රඳවා සිටින සිසුන් වහාම නිදහස් කරන ලෙසටත්, යාපනය විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව දියත්කරන මර්ධනය නවත්වන ලෙසටත් බලකෙරෙන විරෝධතාවයක් ඊයේ (15) දිනයේදී වව්නියාව නගර මධ්‍යයේදී පැවැත්වුනි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, එම පක්ෂයේ මහ ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ගජේන්ද්‍රන්, දෙමළ ජාතික සංධානයේ මහ ලේකම් මාවෙයි සේනාධිරාජා, ශ්‍රී ධරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, සෙල්වම් අඩික්කලනාදන් යන සහ මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ සෙන්දිවේල්, ප්ලොට් සංවිධානයේ නායක සිද්ධාර්ථන්, නව සමසමාජ පක්ෂ සහ ප්‍රජතාන්ත්‍රවාදී ජනතා පෙරමුණද මෙම විරෝධතාවයට එක්වී සිටියහ.

එහිදී සියලු දෙනා බලකර සිටියේ අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටින සියලු සිසුන් නිදහස් කරන ලෙසයි. ඒ වගේම උතුරේ තරුණයන් කිසිදු හේතුවක් නැතිව අත්අඩංගුවට ගැනීම් නවත්වන ලෙසටත්, දේශාපලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, අතරුදහන්වූවන්ට යුක්තිය ඉටුකරන ලෙස සහ හමුදාව විසින් දෙමළ ජනයාගේ ඉඩම් කොල්ලකෑම නවතන ලෙස විරෝධතාවයේදී බල කෙරුනි.

මෙම විරෝධතාවය අත්අඩංගුවට ගෙන සිටින සිසුන්ගේ දෙමාපියන්, අතුරුදහන් වී සිටින අයගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements