you're reading...
හමුදාකරණය

ගෝඨාභය රාජපක්ෂ යාපනේ සරසවි සිසුන් නිදහස් කරන්න බෑ කියයි

Image

ඊනියා ත්‍රස්ත මර්ධන පනත යටතේ අත්අත්ඩංගුවට ගෙන වැලිකන්ඳ හමුදා කඳවුරේ රැඳවුම් භාරයට යොමුකර තිබෙන යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් නිදහස් කරන ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ පරිපාලනය සහ ආචාර්යවරුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

එම මණ්ඩලයේ ප්‍රධානියා වන යාපනය විශ්වවිද්‍යාලයේ උපකුළපතිනී වසන්ති අරසරත්නම් හට ආරක්ෂක ලේකම්වරයා පුද්ගලිකවම ප්‍රකාශ කර ඇත්තේ ඉක්මනින් හෝ කාගේවත් බලපෑම් වලට සිසුන් නිදහස් නොකරන බවත්, එම තීරණය ගන්නේ තමන්ට අවශ්‍ය මොහොතේදී බව යැයි අප ආරංචිමාර්ග සඳහන් කරයි.

යාපනයේ ශිෂය මර්ධනය තවදුරටත් ක්‍රියාත්මක වෙමන් පවතී.

මේ අතර රජයේ ආරක්ෂක අංශ විසින් පසුගිය කාලය තුලදී උතුරේ පමණක් තරුණයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් අත් අඩංගවට ගෙන ඇති බවත්, අත්තනෝමතික ලෙස දෙමළ තරුණයන් අත්අඩංගුවට ගැනීමට වහාම නැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර රාජපක්ෂ රජයට අවධාරණය කර සිටී.

කිසිදු පරික්ෂණයකින් තොරව හිතුමනාපෙට රජයේ ආරක්ෂක අංශ විසින් උතුරේ ජීවත්වන තරුණයින් අත් අඩංගුවට ගැනීම වැරදි ක්‍රියාවක් බවත්, එය ප්‍රජාත්‍රන්වාදී නොවන මෙන්ම එම තරුණයන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

50ක් අත්අඩංගුවේ

මෙම අත් අඩංගුවට පත් 50 දෙනා අතරේ එකම පවුලේ සාමාජිකයින්ද සිටිති.බොහෝ තරුණයන් අත් අඩංගුවට ගත් පසු අවම තරමින් ඒ සම්බන්ධය ඔවුන්ගේ පවුල්වලට දැනුම් දී නොමැත.

යුද්ධය අවසන් වි වසර 04 ක් ගතවී තිබුන ද මෙතෙක් උතුරේ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුවුන බවට තොරතුරු ලැබී නොමැති බවත් එවැනි මෙවැනි වාතාවරණයක් තුලදී උතුරේ ජීවත්වන තරුණ තරුණියන් අත් අඩංගුවට ගෙන වද හිංසා පැමිණ වීම තුලින් ඔවුන්ට තවත් යුද්ධයකට පෙළඹවීමට රජය උත්සහ කරන බව පෙනී යන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

අත් අඩංගුවට ගෙන සිටින සියලුම තරුණ තරුණියන් නිදහස් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවද සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

Source : lankanewsweb | Photo Courtesy : JDS
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements