you're reading...
යුධ අපරාධ

‘යුද්ධයෙන් පසු ‘ උතුරේ 106,000 ක් අතුරුදහන් – ප්‍රාන්සිස් හැරිසන්

MISSING

ශ්‍රී ලංකා රජය සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය අතර පැවති යුද්ධය අවසන්වීමෙන් පසුව විමුක්ති කොටි සංවිධානයේ පාලනයේ පැවති ප්‍රදේශයන්ගේ ජීවත් වූ 106,000 ක ජනතාව අතුරුදහන් වී ඇති බවත් එම ජනයාට සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළයුතු බවත් බීබීසී සේවයේ ශ්‍රී ලංකාවේ හිටපු වාර්තාකාරිණියක් වන ප්‍රාන්සිස් හැරිසන් පවසා සිටී.

2000 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ බීබීසී වාර්තාකාරිණිය ලෙස සේවය කළ ඇය පවසා සිටින්නේ ලෝක බැංකු විසින් නිකුත් කර ඇති ජනගහන වර්තාව පරිශීලනය කිරීමේදී මෙම කරනු ඉතා පැහැදිළිව සනාථ වන බවයි.

අතුරුදහන් වී ඇත්තේ ‘යුද්ධයෙන් පසුව’

මෙම සංඛ්‍යාවට රැඳවුම්භායන් හී සිටි පුද්ගලයන් ( විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන්) සහ ජීවිත ආරක්ෂාව පතා මෙරටින් පළාගිය පුද්ගලයන් ද අතුරුදහන්වී ඇති 106,000 ට ඇතුළත් වන්නේ නැති බවත් ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධව පැහැදිළි කල යුතු බවත් ප්‍රාන්සිස් හැරිසන් පවසා සිටියේ ඉන්දියාවේ චෙන්නායි නුවරදී ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය හා එක්වෙමිනි.

ලෝක බැංකු ජන හා සංඛ්‍යාලේඛනයන්හි මුලතිව්,කිලිනොච්චි,වව්නියාව,මන්නාරම ප්‍රදේශයන්ගේ ජනහගහණය පිළිබඳ නීරීක්ෂණය කිරීමේදී මෙම 106,000 ජනතාවක් අතුරුදහක් වී ඇත්තේ ‘යුද්ධයෙන් පසුව බව පැහැදිළිවන බව ඇය තවදුරටත් පවසා සිටින්නීය.

“Still Counting the Dead”

ප්‍රාන්සිස් හැරිසන් විසින් “Still Counting the Dead” නමින් ශ්‍රී ලංකාවේදී සිදුවූ දෙමළ වර්ග සංහාරය පිළිබඳ පොතක් රචනා කළ අතර එහි දෙමළ පර්වර්ථනය ඉතාම ඉක්මනින් එළිදැක්වීමට නියමිතය.

දැනට ජීවතුන්අතර සිටින හිටපු දෙමළ විමුක්ති සටන්කාමීන් , උතුරේ සේවයකළ හෙදියක් , කන්‍යා සොහොයුරියක් සහ ගුරුවරියක් ඇතුළු එම සංහාරයේ ජීවමාන සාක්ෂිරුවන්ගේ අත්දැකීම් ආශ්‍රයෙන් එම කෘතිය රචනා කර තිබේ.

මන්නාරම් රඳගුරුතුමන්ගේ උගත් පාඩම් හා සංහිදාය සාක්ෂිය

මීට පෙර මන්නාරම් රඳගුරු රායප්පු ජෝසප් හිමිපාණන්ද උගත් පාඩම් හා සංහිදියා කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා සිටියේ ” වන්නි ප‍්‍රදේශයේ වැසියන් 146,000කට අධික පිරිසක් පිළිබඳව යුද්ධයෙන් පසුව කිසිදු තොරතුරක් දැනගන්නට නැතැයි ද මුලතිව් හා කිලිනොච්චි දිසාපතිවරුන්ට අනුව, 2008 ඔක්තෝබර් මාසය වන විට එම දිස්ති‍්‍රක්ක දෙකෙහි මුළු ජනගහණය 429,059ක් වූ නමුත්, යුද්ධයෙන් පසුව රජයේ පාලන ප‍්‍රදේශයන්ට පැමිණ ඇත්තේ 282,380 දෙනෙකු පමණක් ” බවයි.

එම ප්‍රකාශයද දෙමළ වර්ග සංහාරය සම්බන්ධව ප්‍රබල සාක්ෂියකි.උතුරේ තවමත් නොනවතී දෙමළ ජනයා තවමත් අතුරුදහන් වෙයි. ඒ අනුව මෙම සංඛ්‍යාව තවත් ඉහළ යාහැකි බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසා සිටිති.

Source : Lankanewsweb | Photo Courtesy : Honore De Balzac
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements