you're reading...
හමුදාකරණය

උතුරේ හමුදාකරණය තවදුරටත්; වව්නියාවේ තවත් ස්ථීර හමුදා කඳවුරු ඉදිකරති.

 Srilanka army

කනකරායන්කුලම්, පුලියන්කුලම් ප්‍රදේශවල යුධ හමුදාවට හා පොලීසියට ස්ථීර කඳවුරු ඉදිකර ගැනීම සඳහා ඉඩම් ලබාදීමට, වවුනියාව දිස්ත්‍රික්ක ඉඩම් සංවර්ධන කමිටුව විසින් අනුමැතිය ලබාදී තිබේ.

පසුගිය ඉරිදා වවුනියාව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිච්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, පුලියන්කුලම් ප්‍රදේශයෙන් පොලීසියට අක්කර 5ක ඉඩමක්ද, යුධ හමුදාවේ 27වැනි බළ සේනාවට අක්කර 5ක ඉඩමක් ද ලබාදීමට එහිදී තීරණය කර තිබේ.

මේ අතර කනකරායන්කුලම් ප්‍රදේශයෙන් පොලීසියට අක්කර 2ක් හා 56 වැනි බළ සේනාවට අක්කර 7ක්ද වෙන්කරදී තිබේ.

තවද, පුලියන්කුලම්හි අක්කර භාගයක් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවටද, කට්කුලම් හංදියේ අක්කර භාගයක් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයටද, නයිනාමඩු ප්‍රදේශයේ අක්කරයක් පශු වෛද්‍ය මධ්‍යස්ථානයටද, පුලියන්කුලම් ඒ 9 මාර්ගයේ අක්කර 11ක ඉඩමක් පාසල් ඉදිකිරීමටද, නයිනාමඩු ප්‍රදේශයේ අක්කර 5ක ඉඩමක් ආයුර්වේද රෝහලටද, මුත්තුමාරි නගර ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් සංස්කෘතික මධ්‍යස්ථානයටද, නෙඩුන්කේනි ප්‍රදේශයේ අක්කර භාගයක් ප්‍රාදේශීය රෝහලටද, මන්නංකුලම් කොල්ලාරු ප්‍රදේශයේ පර්චස් 20ක ඉඩමක් සමූපකාර සමිතියටද, පරසංකුලම්හි අක්කර 35ක ඉඩමක් ඉන්දිය නිවාස ව්‍යාපෘතියටද, මුදලියාර්කුලම් හි අක්කර 15ක්ද කට්කුලම්හි අක්කර 42ක්ද තාන්ඩිකුලම්හි අක්කර 120ක්ද ගොවිතැන් කටයුතු සඳහා වෙන්කර තිබේ.

මෙම රැස්වීමට දිස්ත්‍රික්ක ඉඩම් ලබාදීමේ සැලසුම් කමිටුවේ ලේකම් එස්. මුරලිදරන් මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද සහභාගිවී තිබේ.

හමුදාකරණය තවදුටත්

ළමුන් සහ යුධ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුසිල වාර්ෂික වාර්ථාව (annual report to the Security Council ) මගින් ද උතුරේ පවතින්නේ දැඩි හමුදා පාලනයක් බව පැහැදිළිවම සඳහන් කර තිබුණි.

යාපනය අද්ධවීපයේදී පුද්ගලයන් 8 දෙකෙකුට 1 කෙනෙක් වන හමුදා භටපිරිස් සංඛ්‍යාව අඩුකරන බව ආරක්ෂක අමාත්‍යංශය මගින් ප‍්‍රකාශ කළද එවැනි දෙයක් තවමත් සිදුවී නොමැත. වන්නියේ හමුදාකරණය ඉතාම දැඩි වී ඇති අතර එහි පුද්ගලයන් 3 දෙනෙක් හට 1 හමුදා සෙබලෙකු බැගින් තවමත් රඳවා තිබේ.

මෙම තත්ත්වය දෙමළ ජනයාගේ සාමාන්‍ය ජීවිතයට දැඩි බාධාවක් බව දෙමළ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන මගින් පෙන්වා දුන්නද රාජපක්ෂ රජය තවදුරටත් උතුර හමුදා ග්‍රහණයට නතුකර ගනිමින් සිටිති.

Source : Lankanewsweb 
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements