you're reading...
දේශපාලනය

ජර්මන්, කුර්දිෂ් සංවිධාන සම්මේලනය විසින් යාපනය සිසුන් අත්අඩංගුවට ගැනීම හෙළාදකී.

SL_forces_attack_Univ_students_02

ජර්මනියේ, කුර්දිෂ් සංවිධාන සම්මේලනය විසින් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අත් අඩංගුවට ගැනීම හෙළා දකිමින්, යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් වෙත සිය සහෝදරත්වයේ සහයෝගය පළකරමින් ජර්මන් භාෂාවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

” වසර 60ත් අධික කාලයක් තිස්සේ දෙමළ ජනයා පීඩනයට පත්කරමින් ඔවුන්ගේ භාෂාව, සංස්කෘතිය මෙන්ම නිජභූමිය ද විනාශ කරමින් සිටිති. දෙමළ ජාතිය විනාශ කිරීමට වසර ගණනාවක් තිස්සේ විවිධ පාර්ශවයන් සහයෝගය ලබාදෙමින් සිටින බව ” පෙන්වා දෙන එම නිවේදනය මගින් අවධාරණය කර සිටින්නේ ” ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර වාදී මානුෂීය බලවේගයන් එක්ව දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට සහයෝගය දැක්විය යුතුයි ” යනුවෙනි.

ජර්මනියේ ක්‍රියාත්මක කුර්දිශ් සංවිධානයන් හි සම්මේලනය ( Yek Kom ) වන අප නිහඬ නොවී දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට අපගේ සහයෝගය ලබා දෙන්නෙමු. ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කල යුතු අතර එය වර්ධනය කල යුතුය. විවිධ සංස්කෘතීන් සහ භාෂාවන් සංකලනය කිරීම මගින් එක් ජාතියක් නොහොත් එහි පරම්පරාව අනන්‍යතාවයක් නොමැති ජාතියක් බවට පත්වනු ඇත. දෙමළ ජාතිය වෙත සිදුවන විනාශය දැක, නොදුටු ආකාරයෙන් සිටීමෙන් සිදුවනුයේ එම ජාතියට සිදුකරන විනාශය පිළිගැනීමකි. මෙය මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි.

ශ්‍රී ලංකා රජය විසින් සිසුන් සහ දෙමළ ජනතාව වෙත සිදුකරන ප්‍රචණ්ඩත්වයන් අප දැඩි ලෙස හෙළා දකින අතර, රජය දෙමළ ජනතාවගේ ඉල්ලීම් පිළිගත යුතු බව අප අවධාරණය කර සිටින්නෙමු. කුර්දිෂ් සංවිධාන සම්මේලන සහ ඊළාම් දෙමළ ජනතා සංසදය පසුගිය කාළයේදී ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව විමුක්ති සටනට අනුව බොහෝ වැඩකටයුතු සිදුකරන ලදී.

පසුගිය වසර වලදී කුර්දිෂ් ජනතාවගේ විමුක්තිය සඳහා වූ සටන් වලට ඊළාම් දෙමළ සංසදය ඒකාබද්ධ වී සහයෝගය ලබාදෙන ලදී. ඒ ආකාරයටම සිසුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් ජර්මනියේ Düsseldorf නගරයේදී පැවැත්වූ විරෝධතාවය කුර්දිෂ් තරුණයින් සහ ජර්මන් දෙමළ තරුණයින්ගේ සංවිධාන ඒකාබද්ධව පවත්වන ලදී. සුළු ජාතීන් බවට පත්කර ඇති සියළු ජනතාව ජාත්‍යන්තර වශයෙන් ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements