you're reading...
අදහස්

‘වන්නියේ නිදහස’ තවම බොහෝ දුරය

GUNPOWER

2012 සැප්තැම්බර් මාසයේ අග භාගයේ දී අභ්‍යන්තරව විතැන්වූ සරණාගතයින් සඳහා පවත්වා ගෙන ගිය මැණික් ෆාම් නම් කඳවුර වසා දමන ලදී, එය පිහිටා තිබුණේ රටෙහි උතුරුකරයේ වව්නියා නගරයේ ය. වව්නියාව යුද්ධයේ අවසාන භාගයේ දරුණුතම හානි ලද වන්නි කලාපයේ එක් දිස්ත‍්‍රික්කයකි. යුද්ධාවසානයෙන් පසු එළඹි මාසයන්හි මෙම කඳවුරෙහි 300,000 පමණ ජනයා රඳවා සිටියහ. මූලික පහසුකම් පවා නැතිව, අව්වැසි යනාදියට මුහුණ දෙමින් ඔවුන් සිටියේ කටුකම්බි වැටෙන් එපිට අනාගතයක් ගැන අවිනිශ්චිත බවිනි. 2010 මුල් භාගයේ සිට, ඒ වන විට රුඳවුම් කඳවුරු ලෙස ලොව පුරා අපකීර්තියක් අත්කර ගනිමින් තිබූ මැණික් ෆාම් කඳවුරෙහි රුඳවියන්ට ආපසු නිවෙස් බලා යාමට අවසර දීමට ශ‍්‍රී ලංකාණ්ඩුව ආරම්භ කළේ ය. දීර්ඝ වසර ගණනාවක් පුරා වාර්ගික වෛරයන්ගෙන් සහ ඝාතනයන්ගෙන් විනාශයට පත් රට සීඝ‍්‍රයෙන් සාමන්‍ය තත්ත්වයට ගෙන ඒම ආරම්භයක් ලෙස රජය මෙම පියවර වර්ණනා කළේ ය. එනමුත් මෙම ප‍්‍රශ්ණයට සංවේදී වූ ශ‍්‍රී ලාංකික ජනමාධ්‍යකරුවෝ එම පිරිස්හි ආපසු යෑම ගවේෂනය කරමින් මෙම සරණාගතයනට ආපසු යෑමට තැනක් ඉතිරි වී නැති බව පෙන්වා දුන්හ. යුද්ධයේ අවසාන අදියරයන්හි දී සිදුව තිබූ විනාශයන්ගෙන් පසු ජිවිතය ගොඩ නැඟීමට අවශ්‍ය සම්පත් ඔවුන් සතුව තිබුනේ නැත. එමෙන්ම ජාතික ආරක්ෂක පිළිවෙතක් ලෙස උතුරෙහි සහ නැගෙනහිරෙහි දියත් කර තිබූ උග‍්‍ර මිලිටරිකරණය හමුවෙහි තමන් ජිවත්ව සිටි ඉඩ කඩම් කොහිදැයි පැහැදිලි අදහසක් ඇති කර ගැනීමට ඔව්හු අසමත්ව සිටියහ.

2012 සැප්තැම්බරය වන විට මැණික් ෆාම් කඳවුරෙහි සිටියේ 1,200ට නොඅඩු සරණාගත පිරිසකි. කඳවුර වසා දැමීම වැදගත් පියවරක් යැයි රජය වර්ණනා කළේ ය. එසේ නමුත් පැතිර පවත්නා අවිශ්වාසයේ පසුබිම මැද එය සැළකුණේ හුදෙක් ඔක්තෝබරය අවසානයේ දී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකාව සම්බන්ධ සර්ව වාරික සමාලෝචනයට සූදානමක් වශයෙන් මතුපිට වර්ණ ගැන්වීමක් ලෙස ය. පශ්චාත් යුද්ධ මාසයන්හි දී උපරිම වශයෙන් ව්‍යාප්ත වූ මෙම සරණාගත කඳවුර සීඝ‍්‍රයෙන් අවම තත්ත්වයකට ගෙන ඒමෙන් ලද ප‍්‍රචාරක වාසිය හැරුණ විට යළි පදංචි කරවන ලද ජනයාගේ ජිවිත ගුණාත්මක කරනු පිණිස ශ‍්‍රී ලංකාණ්ඩුවෙන් ලබා දෙන සහතික තවමත් ඇත්තේ ප‍්‍රශ්නයක් ලෙස ය.

මැණික් ෆාම් කඳවුර වසා දමන බවට ශ‍්‍රී ලංකාණ්ඩුව නිවේදනය කළ වහාම සිලෝන් ටුඬේ පුවත්පතෙහි වාර්තාකාර කණ්ඩායමක් පශ්චාත් යුද්ධ යළි පදිංචි කිරීමේ අවසාන දවස් වාර්තා ගත කිරීම පිණිස වන්නියට ගියහ. උග‍්‍ර මිලිටරි බාධා මැද මැණික් ෆාම් කඳවුරු වැසියන් යළි පදිංචි කරන ලද ස්ථාන කරා යාමට සමත් වූ ඔවුනට එම ජනයාගේ අවිනිශ්චිතභාවය ගැන බොහෝ කරුණූ දක්නට ලැබුණි. ඔවුන් ලියූ වාර්තාව මෙසේ ද සඳහන් කළේ ය: ‘‘ ශ‍්‍රී ලංකාවේ යුද්ධයෙන් විතැන් වූ ජනයා ගැන තොරතුරු හෙළිදරව් කර ගැනීම බියජනක ක‍්‍රියාවක් බවට පත් විය හැකි ය,’’ මැණික් ෆාම් කඳවුර වසා දැමීම පිළිබඳ වාර්තා කිරීමේ කාර්ය යෙහි ලා මුහණ දුන් බාධක ඔවුන් විසින් ම වාර්තා කළේ මෙසේ ය:

‘‘ මුලතිව් දිස්ත‍්‍රික්කයෙහි සීනියාමෝත්තෙයි යැයි කියන අප‍්‍රසිද්ධ බිම් කඩෙහි සිදුවන්නේ කුමක් ද යන්න තදින් ආරක්ෂා කැරෙන රහසකි. විවිධ රජයේ ආයතන ඒ ගැන විවිධ අර්ථ කථන දෙයිි. බොහෝ විට අසන්නට ලැබෙන්නේ ඉතා බලවත් ආයතනයක් වන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිඛිත අවසරයක් නැතොත් කිසිදු තොරතුරු ලබා දීම බලධාරීන්ට තහනම් බවය.

අපට සුහද සැළකීමක් ලැබෙනු ඇතැ යි අප තුළ අපේක්ෂාවක් තිබුණේ නැත. එසේ නමුත් මෙම යළි පදංචි කිරීමේ නව මූලිකත්වය අවම වශයෙන් කලක් යනතුරු හෝ රහසිගත මෙහෙයුමක් ලෙස පවතින බව අපට ඒත්තු ගන්වන ලදී. සුභ සාධක කඳවුර ඇතුළත කිසිවකුට නැරඹීමට තරම් කිසිවක් නැතැයි ද අප ‘ ඕනෑවට වඩා කුතුහලයක් ඇති කර ගත යුතු නැතැයි’ ද රළු පරළු ලෙසම අපට දන්වන ලදී. යුද හමුදාව විසින් පහසුකම් සළසනු ලබන එය, තවමත් නිමවා අවසන් නැති බවට බොහෝ සාක්ෂි පෙනෙනන්ට තිබුණි.

‘‘ මෙහේ බලන්න දෙයක් නැහැ, වෙනහක යන්න. ගිහිල්ල ප‍්‍රභාකරන්ගේ නාන තටාකය බලන්න ’’ යැයි කියා රාජකාරියේ යෙදී සිටි එක් කනිෂ්ඨ නිලධාරියකු අපට කීවේ ය. එම මෙහෙයුම කැරෙන ආකාරය යළි පදංචි කරවීමේ ක‍්‍රියාවළියෙහි පාරදෘශ්‍ය බව සහ වගවීම පිළිබඳ උඩඟු කතාන්තරවලට සහමුලින් ම වෙනස් ය. එමතු ද නොව ‘‘ දැන් සරණාගතයින් නැහැ, ඕනම තැනක ගිහින් බලන්න පුලූවන්‘‘ යැයි යනුවෙන් කොළඹදී අප ලද සහතික කිරීම්වලට ද වඩා වෙනස් එකකි.

සීනියාමෝත්තෙයි කරා ගිය ගමනත් එහි තොරතුරු තහංචියත් විසින් පෙන්වාලන්නේ මෙය පශ්චාත් යුද්ධ අවධිය වන නමුත් යුද්ධාවසානයට සම්බන්ධ බොහෝ කරුණු විමර්ශනය කිරීම තවමත් තහංචියක් බවයි. එබැවින් සීනියාමෝත්තෙයි කතාන්තරය සාකච්ජාවට කාරණයක් නොවේ. නව ‘‘ සුභ සාධක’’ ගම්මානයට ඇතුළුවීම අපට තහනම් කළ විට එය පුදුමයක් වුයේ නැත. යළි පදිංචි කරවන ලද පිරිස් විශ්වාසයට ගන්නේ නම් එහි ඇති සුභ සාධනයක් නැත. ජලය නැත. විදුලිිය නැත. පිසූ ආහාර ද නැත. බදාදා ඇද වැටුණුු වර්ශාව නිසා ප‍්‍රමාණවත් තරම් කූඩාරම් නොතිබු එහි සරණාගත පිරිස් තෙතබරි වූහ. ‘‘

යළි පදිංචි කිරීම් පිළිබඳ ආණ්ඩුවේ කතාන්තරය පිරික්සා බැලීම පිණිස වන්නිය බලා ගිය ලංකා ස්ටෑන්ඩඞ් වෙබ් අඩවියේ වාර්තාකාරියක විසින් ද මෙවැනි ම වාර්තාවක් පළ කරන ලදී:

‘‘ මුලතිව්හි ආරක්ෂක සේනා මූලස්ථානය ආසන්නයේ පිහිටි සූරියපුරම් කඳවුර හමුදා ඛණ්්ඩයක් විසින් රැුකවල්ලා ඇති අතර ඇත්ත තත්ත්වය හෙළිවේයැයි බියෙන් මාධ්‍යයට සරණාගතයින් හමුවීමට තහනම් කර තිබේ….. 2012 සැප්තැම්බර් 26 වන බදාදා සරණාගතයින් ‘යළි පඳිංචි කිරීමේ’ වැඩ සටහනෙහි සාර්ථකත්වය වාර්තා කරනු පිණිස නන්දිකඩාල්හි සූරියපුරම් කඳවුරට ගිය ලංකා ස්ටෑන්ඩර්ඞ් කණ්ඩායම හමුදාව විසින් අතරමඟ නතර කරන ලදී. මුලතිව් දිසා ලේකම් කාර්යාලයෙන් හෝ මුලතිව් ආරක්ෂක හමුදා මූලස්ථානයේ සිවිල් කටයුතු කාර්යාලයෙන් හෝ අවසරයක් නැත්නම් අපට ඉදිරියට යාමට ඉඩ දිය නොහැකි යයි අප නතර කළ හමුදා පිරිස පැවසූහ… බදාදා සහ බ‍්‍රහස්පතින්දා මුලතිව්හි සිටි මට සහ මගේ ජායාරූප ශිල්පියාට නන්දිකඩාල්හි සූරියපුරම් කඳවුරට ඇතුළු වීමට හමුදා නිලධාරීන් අවසර දුන්නේ නැත. මේ වනාහි ඔවුන්ගේ ගම්බිම්හි යළි පදිංචි කරවන බව ආණ්ඩුව ප‍්‍රකාශ කළ ද මැණික් ෆාම් කඳවුරේ සිටි අවසන් සරණාගත පිරිස ගෙන එන ලද කඳවුර ය. ඔවුන් අප නතර කළා පමණක් නොව ඔවුන්ට විරුද්ධව කිසිවක් නොලියන ලෙස තර්ජනය ද කළහ. ..තාවකාලික කඳවුර තුළ සිටි එක් හමුදා නිලධාරියෙක් වහාම පිටව යන ලෙස මට කෑ ගැසූ අතර කඳවුරට විරුද්ධව හෝ සරණාගත දුක්ගැනවිලි පිළිබඳව කිසිවක් නොලියන ලෙසත් ‘ ‘මගේ වැඩක් බලා ගන්නා ලෙසත්’ තර්ජනය කළේ ය.’’

පශ්චාත් යුද්ධ පුනරුත්ථාපනය ගැන වාර්තා කිරිමේ යහපත් අදහසින් යුතුව ඉදිරිපත් වුවද ආරක්ෂක හමුදාවන්ගෙන් සහ අනෙක් ආයතන කෙරෙන් ඍජු බාධා කිරීම් එළඹෙන බව විශ්වාස කිරීමට ඇති තරම් කරුණූ තිබේ. මේ වනාහී එල්.එල්.ආර්.සී. නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය අසමත්වනු ඇති වැදගත් ක්ෂේත‍්‍රයකි. ජනමාධ්‍යවේදීන්ට එල්ල කරනු ලැබ ඇති ප‍්‍රහාර සම්බන්ධයෙන් එල්.එල්.ආර්.සී. ය සිය කරුණූ විමසීම් පැවැත්වෙන අතරතුරදී ම, දෙමළ දිනපතා පුවත්පතක් වන උදයන්හි ප‍්‍රවෘත්ති කර්තෘ කුහනාදන්ට එල්ල කරන ලද මරණීය ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිය උගහට ප‍්‍රකාශ කළෝ ය. 2011 ජූලි 29 දින සැන්දෑවෙහි සිය නිවස බලා යමින් සිටිය දී නාඳුනන දෙනෛකු විසින් යකඩ පොලූවලින් පහර දෙනු ලදුව පනස් නව හැවිරිදි කුහනාදන් මියයනු පිණිස දමා ගොස් තිබුණි. මරණාසන්නව වැතිරී සිටි ඔහු බේරා ගැනුනේ මගියකු ඔහු දැකීමෙන් පසුව යාපනයේ මහ රෝහලට ඇතුල් කොට ජීවිතාරක්ෂක යන්ත‍්‍රයකට සවි කිරීමෙන් පසුව ය.

 IFJ ශ‍්‍රී ලංකා තත්ත්ව වාර්තාව

Photo Courtesy : JDS
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements