you're reading...
මානව හිමිකම්

ගංවතුරින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ලක්ෂ ගණනක් අවතැන්

Foold

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණය නිසාවෙන් ඇතිවී ඇති ජලගැල්මෙන් මේවනවිට මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් අවතැන් වී ඇති පවුල් සංඛ්‍යාව 34753ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.

චිත්තාන්ඩි,නෞද්‍රමුල්ලායි,ඉලයෙන්කෙනි,තලවායි,එරාවුර්,කොම්මාතුරෙයි,මුරකොට්ටාජනයි,දේවපුරම්,කොප්පාවෙලි,ඊරාලකුලම්,පෙරියවට්ටන්,පූලක්කාඩු,පොන්ඩුකච්චානයි,අයුක්කු,සන්තිවේලී, මයිලවට්ටන් යන ගම්මාන ජලගැල්මෙන් දැඩි හානි සිදුවී ඇති ගම්මාන වෙයි.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවී තිබෙන ස්භාවික ව්‍යසනය මඩකලපුව දිස්ත්‍රික්කයේ ගම්මාන 15 වෙත බලපා තිබෙන අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ පවුල් 34,753 ක පුද්ගලයන් 135,464 අවතැන් වී ඇති බවයි.

මෙම ජලැගැල්මෙන් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පමණක් නිවාස 157 සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 607 කට දැඩි හානි සිදුවී තිබේ. මේවනවිට අවතැන් වී සිටින ජනයා තාවකාලික කඳවුරු 17 ක ලැගුම්ලා සිටිති.

මයිලවට්ටන් ප්‍රදේශයෙන් එක් පුද්ගලයෙක් ජලැගැල්මට හසුව මියගොස් ඇති බවත් ඒ පිළිබඳ තවමත් හරිහැටි තොරතුරු වාර්තා නොවන බව අප වාර්තාකරුවන් සඳහන් කරයි. මේ අතර මයිලවට්ටන් ප්‍රදේශයේ ජලගැල්මට මැදිව සිටි පුද්ගලයන් 103 දෙනෙකු බෝට්ටු මගින් ආරක්ෂිත ස්ථානකරා රැගෙන ගිය බව දිස්ත්‍රික් ලේකම් යූ.උදය ශ්‍රීධර් පවසා සිටියේය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේස්වරන් පැමිණ මෙම ස්භාවික ව්‍යසනයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ අවතැන් වී සිටින ජනයාගේ සුවදුක් විමසීය.

ඔහු විදෙස් ගත දමිළ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ජලගැලීමේන් අවතැන් වී සිටින දෙමළ ජනයාට උදව් කරන ලෙසයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ හින්දු සංගමය අමතා එම ආධාර සිදුකරන ලෙසද ඔහු වැඩිදුටත් පවසා සිටියේය.

තරුණ හින්දු සංගමය  – 0094652228273, 0094652228018, 0094776034559, 0094653656608

Fax number – 0094652228273

Email ID- btdymha@gmail.com / yoheswaran.mp@gmail.com

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements