you're reading...
සාමාන්‍ය පුවත්

යාපනය සරසවියේ මර්ධනය තවදුරටත්; ආචාර්යවරු ‘ත්‍රස්ත විමර්ෂණයට’ කැඳවයි.

JUTA

මේවනවිට යාපනයේ ශිෂ්‍ය මර්ධන උග්‍රවී තිබෙන අතර දැන් එය ආචාර්යවරුන් වෙතද පැමිණෙමින් සිටී. ත්‍රස්ත විමර්ශණ ඒකකය යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ (JUTA) සාමාජිකයන් වන කතිකාචාර්ය ඒ. රාජකුමරන් දුරකථනය අමතා වව්නියාව ත්‍රස්ථ විමර්ශණ කාර්යාලයට එන ලෙස නියෝග කර තිබේ. යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සිසුන්ගේ ආයිතිවාසිකම් වෙනුවෙන් නිර්න්තරයෙන් පෙනී සිටින අතර මේවනවිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින තම සහෝදර සිසුන් සිව්දෙනා නිදහස් කරන ලෙස බලකරමින් සිසුන් විසින් පවත්වාගෙන යනු ලබන දේශණ වර්ජනයට ආචාර්යවරුන්ගේ සංගමයේ සහය ලැබී තිබේ.

වව්නායාව ත්‍රස්තවිමර්ෂණ කාර්යාලය ක්‍රියාත්මක් වන්නේ ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු නියෝග මතය.

කතිකාචාර්ය ඒ. රාජකුමරන්ට ත්‍රස්ත විමර්ෂණ ඒකකය පවසා ඇත්තේ පසුගිය නොවැම්බර් 26 සහ 27 දෙදනතුළ යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවූ සිදුවීම සම්බන්ධව කටඋත්තරයක් ගැනීමට අවශ්‍ය බවයි.

ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රඳවුම් භාරයේ තබාගෙන සිටින සිසුන් නිදහස් නොකරන බවට ඊයේ උතුරු පළාත් භාර හමුදා අඥාපතිවරයා විසින් ඔවුන්ගේ දෙමාපියන්ට සහ යාපනය සරසවියේ උපකුළපතිනය ඇතුළු ආචාර්යවරුන්ට තර්ජනය කළ අතර ඊට සතියටකට පෙර එලෙසම ආරක්ෂක අමාතංශ ලේකම්වරයාද සිසුන් නිදහස් ​නොකරන බවට තර්ජනය කලේය.

යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බී.බවානන්දන්, එම සංගමයේ ලේකම් පී. දර්ශනාන්ත් ,ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. ජෙනමෙයි ජයන්ත් සහ විද්‍යා පීඨ ශිෂ්‍ය එස්. සොලමන් යන සිසුන් ත්‍රස්ත විමර්ෂණ පනත යටතේ යැයි කියමින් අත්අඩංගුවට ගෙන රඳවුම් නියෝග නිකුත්කර පුනුරුත්තාපනයට යැයි කියමින් රඳවාගෙන සිටිති

Discussion

No comments yet.

Leave a comment

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA