you're reading...
දේශපාලනය

බෝගම්බර දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ජීවිත අනතුරේ

Prision

බෝගම්බර සිරගෙදර රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇතිවී ඇතිබවත් එය වලක්වාලීමට කටයුතු කරන ලෙසත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ඉල්ලා සිටී.

සැකපිට අත් අඩංගුවට ගත් දේශපාලන රැඳවියන් සමහරෙකු කඩිනමින් නිදහස්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් රජයේ චෝදනා පිලිගෙන දඩුවම් විදිමින් සිටින අතර මේ අය සමග සිංහල ජාතිකයින්ද රඳවා ඇති බැවින් එම දෙමළ දේශපාලන රැඳවියන්ගේ ජීවිතවලට අනතුරුදායක තත්වයක් ඇතිවී ඇති බව දැන ගැනීමට ඇත. මෙය වලක්වාලීමට අදාල අමාත්‍යවරුන් සහ බලධාරීන් ක්‍රියාමාර්ග ගත යුතුබව ඔහු පවසා සිටියේය.

” විමුක්ති කොටි සංවිධානය සමඟ සම්බන්ධතා ඇති අය සැකපිට අත් අඩංගුවට ගෙන චෝදනා කිසිවක් නොමැතිව දීර්ඝ කාලයක් සිරගතව සිටින දෙමළ දේශපාලන රැඳවියන් සමහරෙකු වැරදිකල අය බවට පිලිගැනීම නිසා නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් රජයේ චෝදනා පිලිගෙන ඇත.”

” ඔවුන් දැනට බෝගම්බර සිරගෙදර රඳවා ඇත. එහි පරිපාලකයින් විසින් සමාජ විරෝධී කටයුතුවල නිරතවූ සිංහල පුද්ගලයින් මෙම දෙමළ සිරකරුවන් එකම ස්ථානයක රඳවා ඇත. මෙම සමාජ විරෝධීන් අවස්ථා ගණනාවකදීම දෙමළ දේශපාලන සිරකරුවන්ට අසභ්‍යය වචනයෙන් බැන වදින අතර, පහරදීම්ද සිදුකරන බැවින් ඔවුන් මහත් බියෙන් සිරදඩුවම් විඳිමින් සිටිති” යනුවෙන් ඔහු වැඩිදුටත් පවසා සිටියේය.

තවද ඔවුන්ගේ දෙමාපියන් සහ ඥාතින් ඔවුන්ව මැගසින් බන්ධනාගාරයට හෝ අනුරාධපුර බන්ධනාගාරයට මාරුකරන ලෙස මන්ත්‍රීවරයා හරහා බන්ධනාගාර දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ. මේ සම්බන්ධයෙන් බන්ධනගාර පුනරුක්තාපන සහ ප්‍රතිසංධාන අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වී විමසිමේදී අමාත්‍යතුමා රටෙහි නොමැති බැවින් මේ අවස්ථාවේ කිසිවක් කල නොහැකි බව දන්වා ඇති අතර එනමුත් මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත්ව දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ජිවීතවලට අනතුරක් ඇතිවීමට පෙර ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරුකල යුතු බව සඳහන් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් වැඩිදුරටත් පවසා සිටියේය.

Source : Lanka News web
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements