you're reading...
මානව හිමිකම්

උතුරේ පැහැරගත් තරුණයන් 45 ත්‍රස්ත විමර්ෂණය භාරයේ

wellcome jaffna

පසුගිය සති තුනක පමණ කාලසීමාවක් තුළ ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත  ඊනියා ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් පැහැරගෙන ගොස්   ඔවුගේ  භාරයේ රඳවාගෙන සිටින දමිළ තරුණයන් සංඛ්‍යාව  මේ වනවිට 45 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාල වාර්තා කරන අන්දමට පුද්ගලයක් 45 කු පිළිබඳ පැමිණිලි ඔවුන්වෙත ලැබී ඇත. නමුත් එම සංඛ්‍යාලේඛණයන්ට අමතරව තවත් බොහෝ දෙනෙක් පැහැරගෙන ගොස් ඇතිබවට අපවෙත වාර්තා වෙයි.

පසුගිය සතිය අවසන් වනවිට විමුක්ති කොටි සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූවැයැයි කියමින් එම තරුණයන් 40 ක් අත්අඩංගුවට ගෙන තිබුණි.

යාපනය වඩමාරච්චි වැල්වටිතුරෙයි ප්‍රදේශයේදී පසුගිය 15 වන දින පස්වරු කාලයේදී කළු පැහැති වෑන් රථයකින් අවි සමඟ පැමිණි හමුදා බුද්ධි අංශ සාමාජිකයින් විසින් තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

අච්චුවේලී පොලීසිය මගින් යාපනය, පුට්ටුරු ප්‍රදේශයේ  තරුණයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයන් සියල්ල අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්ත විර්ඹණ පනත යටතේ වෙයි.

පාසල් සිසුන් පැහැර ගැනීම

ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අරුණාචලම් ධිෂොක්රාජ් නැමති 18 හැවිරිදි තරුණයා පැහැර ගෙන ගියබව ඔවුන් විසින්ම සනාථ කර තිබේ.

මීට දින කීපයකට වැල්වැටිතුරේ දී අතුරුදහන් වූ මෙම තරුණයාගේ නිවසට ඊයේ (8) දිනයේදී දුරකථන ඇමතුමක් ත්‍රස්තවිමර්ෂණ ඒකකය විසින් ලබා දී ඔහුගේ දෙමාපියන්ට පවසා ඇත්තේ අරුණාචලම් ධිෂොක්රාජ් තමන් භාරයේ සිටින බවයි.

අතුරුදහන් කිරීම්

වැල්වැටිතුරෙයි පදිංචි ප්‍රසාද් සිවවස්මු නම් තරුණයා ද විදෙස් ගතවීම සඳහා කොළඹ පැමිණි පසු කොළඹදී ඔහු අතුරුදහන් වී ඇත.

රැකියාවක් සඳහා අරාබි රටකට යෑමට ඔහු මෙසේ කොළඹට පැමිණ ඇති අතර ඉන්පසුව ඔහු අතුරුදහන් වී ඇතැයි ප්‍රසාද්ගේ සොහොයුරිය විසින් වැල්වෙටිතුරෙයි පොලීසිය වෙත පැමිණිල්ලක්  ඉදිරිපත් කරන ලදී.

ආරක්ෂක ලේකම්ගේ පුනුරුත්තාපනය

උතුරේ තරුණයන් තවදුරටත් ඊනියා පුනරුත්තාපනය කිරීමට යැයි කියමින් අත්අඩංගුවට ගනිමින් සිටිති. මෙම මෙලෙස පැහැර ගන්නා සහ අත්අඩංගුවට ගන්නා පිරිස් පුනුරුත්තාපනය කිරීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග කිසිවක් නොගන්නා අතර එම කටයුතු සියල්ල සඳහා සෘජූ නියෝග නිකුත් කරන්නේ ආරක්ෂක ආමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි.

යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බී.බවානන්දන්, එම සංගමයේ ලේකම් පී. දර්ශනාන්ත් ,ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. ජෙනමෙයි ජයන්ත් සහ විද්‍යා පීඨ ශිෂ්‍ය එස්. සොලමන් යන සිසුන් පුනුරුත්තාපනයට යැයි කියමින් රඳවාගෙන අතර ඔවුන් නිදහස් කරන්නේ පුනුරුත්තාපනයෙන් පසුව බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විසින් යාපන සරසවි​යේ උපකුළපතිනියට පවසා තිබුණි.

Source : Lankanewsweb
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements