you're reading...
දේශපාලනය

යාපනය සරසවි සිසුන් පුනුරුත්තාපනයට යැවීම නීතිවිරෝධියි – සුමන්දිරන්

Unlawfull

යාපනය සරසවි සිසුන්ව පුනරුත්ථාපන කඳවුරට යැවීම නීතිවිරෝධි ක්‍රියාවක් යැයි දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්දිරන් ප්‍රකාශ කර සිටී.

සිසුන්ව අධිකරණයට ඉදිරිපත් නොකර සෘජුව පුනරුත්ථාපන කඳවුරට යැවීම නීතිවිරෝධි ක්‍රියාවක් යැයි කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසූ හෙතෙම අත්අඩංගුවට ගැනීමේ කිසිම නියෝගයක් නොමැතිව යාපනය සරසවි සිසුන්ව ‘ ත්‍රස්ත විමර්ශන පනත’ යටතේ අත්තඩංගුවට ගෙන ඇතැයි වැඩිදුරටත් පවසා සිටියේය.

සිසුන් තම කැමැත්තෙන් පුනරුත්ථාපන කඳවුරට ගිය බවට රජය පවසා ඇති බවත් ඒ වගේම හමුදාවට දෙමළ තරුණියන්ව බඳවා ගැනීමේ ක්‍රමයද වැරදි බවත් හෙතෙම පෙන්වාදී තිබේ.

පුනරුත්තානය අනවශ්‍යයි – සිසුන් නිදහස් කරන්න

අත් අඩංගුවට ගෙන සිටින යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සිවිදෙනා පුනරුත්ථාපනය‍ට යොමුනොකර කඩිනමින් නිදහස් කලයුතු බව දෙමළ ජාතික සන්ධානයේ ලේකම් මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර සිටියේය.

පසුගියා දා චෙල්වනායගම් මහතාගේ පිලිරුව අසල පවත්වන ලද උපවාසයට සහභාගි වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශකර ඇත.

” අත් අඩංගුවටගෙන සිටින යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ව නිදහස් කර ඔවුන්ට විශ්ව විද්‍යාලය අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට ඉඩදිය යුතුය.”

” ඒ වගේම සිසුන්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ කුමන නීතිමය පදනමක් යටතේද? මෙම කිසිදු අත් අඩංගුවට ගැනිම නීත්‍යානුකූල නොවන අතර, ඔවුන්ව පුනරුත්ථාපනය කල යුතු බව ප්‍රකාශ කර ඇත. අත් අඩංගුවට ගැනීම් තුලින් ප්‍රජාතන්ත්‍රවාදී සටන් මර්ධනය කිරීමට රජය උත්සාහ දරමින් සිටිනවා ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Source : lankanewsweb
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements