you're reading...
අදහස්

‘ගෝඨාභය’ යනු කුමක්ද ?

GOTA

1994 දී “වාසු යනු කුමක්ද?” කියා ලිපියක් ‘හිරු’ පුවත්පතේ පළවිය. ඉන්පසු 2008 වර්ෂයේ නැවත “විමල් යනු කුමක්ද?” කියා ලිපියක් රාවය පළවිය. එම ලිපි දෙක තුළම තිබුණේ අතීතයේ තමන් විශ්වාසකළ වාම දේශපාලනය අතහැර ජාතිකවාදී මඩ ගොහොරුවේ ගිලීයමින් සිය සුකවිහරණය වෙනුවෙන් තමන් විශ්වාස කළ දර්ශණය පාවාදුන් මිනිසුන් දෙදෙනෙකු පිළිබඳවය.

නමුත් මේ සටහන් එවැනි අතීතයක්වක් වර්තමානයක්වත් ඇති පුද්ගලයෙකු ගැන නොව ‘පූර්ණ මිලේඡත්ව’ නම් වූ මනෝ ව්‍යාධියක් රාජ්‍ය සමග බද්ධවූ ආකාරයයි.

“ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය”
-බොබ් ඩිලන්

බොබ් ඩිලන් පැවසූ ප්‍රකාශයෙන් ලියමනට ප්‍රවේශය ලබාගත හැකිය. එම ප්‍රකාශය තවදුරටත් විධාරණය කරමින් ඇතැම්විට අපට ඌරන් පැරදවිය නොහැක. නමුත් උන් සමග එක්නොවී සිටීමට අපට අයිතියක් ඇත.

නමුත් මේ නිශ්චිත මොහොතේදී බලකර සිටින්නේ අපට ඌරන් සමග එකට නිදිවදින ලෙසයි. උන්ගේ නීතිය – උන්ගේ තීන්දු වූ කල්හී එහි පුදුමය දනවන කාරණාවක් නැත. නමුත් ඔවුන් කවුදැයි ඒ මනෝභාවය කුමක්දැයි නිවැරදිව විග්‍රහකර ගැනීමට අපට අවම වශයෙන් එම ඌරන් සමග එක් වී නොවී සිටීමට ජවයක් සපයනු ඇත.

ගෝඪාභය යනු කුමක්ද?

1949 ජූනි 29 වැනිදින උපත ලබන ගෝඨාභය නන්දසේන රාජපක්ෂ 1971 අප්‍රේල් 26 කැඩෙට් නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා හමුදාවට ​බෑදී 1992 දී ශ්‍රී ලංකා හමූදා​​වෙන් ඉවත් වන්නේ හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙකු වශයෙනි. ( RWP, RSP, psc, GR) 2005 නොවැම්බර් මාසයේදී ආරක්ෂක අමාතංශයේ ආරක්ෂක ලේකම් ලෙස පත්වන්නේ සිට සොහොයුරා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වීමත් සමගය. එතෙක් පරිඝණක දත්ත ක්‍රියාකරන්නෙකු ලෙස එක්සත් ජනපදයේ සේවය කළ ඔහු, සිය සොහෙයුරා විසින් ආරක්ෂක අමාතංශ ලේකම් දූරයට පත්කිරීමත් සමගම ඔහු සියලු ජීවත තුලට බලපෑමකරන තැනක් දක්වා වර්ධනය විය.

ඒ වගේම එතෙක් සිංහල ජාතිකවාදීන් පෙරම්පුරමින් බලාසිටි , විශේෂයෙන්ම පාඨලී චම්පික වැනි දෙමළ වර්ග සංහාරය කිරීමට බලසිටි ​ජාතිකවාදීන්ට තිතටම ගැලපෙන ‘බාබේරියානු චරිතය’ හමුවිය.

අද දිනයේදී සිංහල ජාතිකවාදී ව්‍යාපාරයන්ගේ සිංහල මනෝභාවයේ සංකේතය වන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙයි. මෑතකදී යාපනයට විනෝද චාරිකාවක් ගොස් ඇති මහාචාර්ය නලින්ද සිල්වා පවසා තිබුණේ “අපි මොනවද කළෙ, වැඩේ කරලා තියෙන්නේ හමුදා සොල්දාදුවොනේ” යනුවෙන් පවසා සිටීමේ යටි අරුත සිංහල ජාතිකවාදීන්ට අවශයකර තිබූ ලෙසම ගෝඨාභය රාජපක්ෂ උතුරේදී සිය කාර්යභාරය සිදුකර ඇත බවයි.

තවදුරටත් ගෝඨාභය යනු කුමක්ද යන්න වටහාගතහොත් දෙමළා සම්බන්ධව බහුතර සිංහල මෙනෝභාවයයි. හිට්ලර් විසින් දෙවන ලෝක යුද්ධය තුළදී යුදෙව් ජනතාව ලක්ෂ ගණනක් ඝාතනය කරනු ලබන්නේ ශ්‍රද්ධ වූ ජර්මනිය නිර්මාණය කිරීමට යැයි කියමිනි. ලංකාවේදී ලක්ෂ ගණනක් දෙමළ ජනයා ඝාතනය කරනු ලැබුවේ ඒකීය ලංකාව නිර්මාණය කිරීමට යැයි කියමිනි. එම වර්ග සංහාරය බහුතර සිංහල ප්‍රජාවගේ අනුමැතිය මත සිදුවූ බව අප දුටුවෙමු. හිට්ලර් ඔහුගේ ගෘහ නිර්මාණ ශිල්පියා වූ ඇල්බඩ් ස්පියර් සමඟ එකතු වී නිර්මාණය කරන ලද බර්ලින් නගරය නම්කරන ලද්දේ ‘ග්‍රේට් ජර්මනියා’ යනුවෙනි. එම නගරය හිට්ලර්ට අනුව ශ්‍රද්ධ වූ ජර්මන් ජාතිකත්වයේ ශ්‍රේෂ්ඨත්වය, පෞඩත්වය විදහා දක්වන්නක් විය. එය හිටලර්ගේ මිලිටර් ආඥාදායකත්වයේ මනෝභාවය විදහා දක්වන්නක් විය. මේ වනවිට ගෝඪාභය විසින් නිර්මාණය කරන ‘ලස්සන කොළඹ’ සිංහල ජාතිකවාදී ​මනෝභාවය පෙන්නුම් කරමයි.සිංහල ජාතිකවාදීන්ට අනුව එය ‘ආසියාවේ ආශ්චර්යය’ විය. පාරිභෝජනවාදයෙ කෙල පැමිණවීමට ඇති ආශාවත් අනෙක් පැත්තේ බටහිර ප්‍රතික්ෂේප කිරීමත් යන ද්විරංගනය ලස්සන කොළඹ ඔස්සේ නිරූපනය වෙයි. ලංකාවට එරෙහියව බටහිර කුමන්ත්‍රණ ක්‍රියාත්මක බව පවසමින් ලස්සන කොළඹ තනන්නනේ සංචාරයකයන්ටය. සිංහල ජාතිකවාදවය එතෙක් හමුවූ සංකල්පීය රූප වෙනුවෙට ඔවුනට අවශ්‍යකර තිබූ ‘සජීවී  බාබේරියානු චරිතය’ හමු විය.

ඒ අනුව “ගෝඨාභය යනු කුමක්ද?” යන්න සරළ සමීකරණ ගතකළ විට සිංහල බෞද්ධ ජාතිකවාදයේ මනෝභාවයයි. ඔහු විටෙක් දෙමළ මිනිසුන් ලක්ෂ ගණනක් ඝාතනය කරන්නට අණදුන් ඝාතකයෙකි. තවත් විටෙක බෞද්ධ භික්ෂුවක් අභියස බණ අසනා උපාසකයෙකි. එම උදාහරණ දෙකම ගෝඨාභය යනු කුමක්ද කියා විග්‍රහ කරගැනීමට හොඳටම ප්‍රමාණවත්ය. සිංහල ජාතිකවාදය වටහා ගැනීමට ගෝඨාභය ඕනෑවයටත් වැඩිය.

ගෝඨාභය යනු කුමක්ද?  කියා කවුරුන් හෝ විමසුවහොත් ‘ දේශපාලනික  උත්තරය’ ඉතාම සරළය. ” මානසික ව්‍යාධියකි “

එම නිසා

“ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය” -බොබ් ඩිලන්

– කැලිස්ටස් පෙරේරා

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements