you're reading...
දේශපාලනය

යාපනයේ නොනවතින මර්ධනයක් ; ගජේන්ද්‍ර කුමාර්පොන්නම්බලම් ත්‍රස්ත විමර්ෂණයට කැඳවයි

Gagendrakumar newශ්‍රී ලංකා රජයේ (ඊනියා) ත්‍රස්ත විමර්ෂණ ඒකකය දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා  හට සෙනසුරාදා දිනයේදී කොළඹ ත්‍රස්ත විමර්ෂණ කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දෙන ලියවිල්ලක්, ඊයේ (27) සවස ඔහු​ගේ කොළඹ පිහිටි නිවස වෙත බාරදී තිබේ. එම ලියවිල්ල සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් පමණක් වන බව වාර්තා වෙයි. ගජේන්ද්‍ර කුමාර්පොන්නම්බම් මහතා මේ මොහොතේ විදෙස් ගතව සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන කරයි.

යාපනය සිසුන්ට / දේශපාලඥයන්ට එරෙහිව රාජපක්ෂ රජය දකුණේ පත්‍රිකා බෙදයි

මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ​ලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්.ගජේන්ද්‍රන් ‘යාපනය නැගිටීම’ පිටුපසු සිටින ප්‍රධාන පුද්ගලයා බවට සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ලියන ලද පත්‍රිකාවක් රජය නියෝග මත හමුදා බුද්ධි අංශ විසින් දකුණේ විශ්ව විද්‍යාල තුළ බෙදාහැර ඇතැයි වාර්තා වෙයි.

එස්. ගජේන්ද්‍රන් සහ දෙමළ ජාතික සන්ධාන​යේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරවනබවන් යන දෙමළ දේශපාලඥයන් ඉලක්ක කරගනිමින් බෙදාහැර ඇති මෙම පත්‍රිකාවේ දැක්වෙන්නේ ඔවුන්​ දෙමළ ඩයස් පෝරාව  සමග සම්බන්ධව ‘විමුක්ති කොටි සංවිධානය නැවත ගොඩ නැගීම’ට උත්සහ දරන බවයි.

ඊට අමතරව ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් අත් අඩංගුවට ගත් යාපනය  විශ්ව විද්‍යාල සිසුන්ට සහයෝගය දක්වන වාතාවරණයක් ඇති නොවිය යුතු බව සැලකිල්ලට ගනිමින් දෙමළ සිසුන් ‘ත්‍රස්ථවාදී කටයුතු වලට’ සම්බන්ධවූවන් බව පෙන්වාදෙම එම පත්‍රිකා බේදීමේ අරමුළු බව ඉතා පැහැදිළි වෙයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් බොහෝ දෙනෙකු ප්‍රශ්ණ කිරිම් සඳහා බවට පවසා රැගෙන ගොස් පුනරුත්තාපන කඳවුරු වලට යවා ඇත. මෙවන් පසුබිමකදී බෙදාහැර ඇති මෙම අත් පත්‍රිකාවල විමුක්ති කොටි හිතවාදීන්, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ එක්ව විශ්ව විද්‍යාල තුල කොටින්ට සහයෝගී බලවේගයක් ගොඩනගන බව පෙන්වාදීමට උත්සහ දරා තිබේ.

ගෝඨාභයගේ සෘජු අණ

යාපනය සිසුන් අත්අඩංගුවට ගැනීමට, දෙමළ දේශපාලඥයන්ගෙන් ත්‍රස්ත විමර්ෂණයට කැඳවා ප්‍රශ්ණ කිරීමට ආදී මේ සියලු අත්තනෝමතික කාරණාවන්ට සෘජුව අණදෙනු ලබන්නේ ආරක්ෂක අමාතංශ ලේකම් (ජනාධිපති රාජපක්ෂගේ බාල සොහොයුරා) ගෝඨාභය රාජපක්ෂ විසිනි.

මේ අතර මන්නාරම් රඳගුරු රායප්පු ජෝසප් හිමිපාණන්ට කට උත්තරයක් ලබාගැනීමට ත්‍රස්ත විමර්ෂණ ඒකකයට පැමිණෙන ලෙස දන්වා ඇත. ඔස්ට්‍රේලියා වෙත එන සරණාගතයින් නැවත ශ්‍රී ලංකාවට නොඑන ලෙසත් එසේ එවීමෙන් ලංකාවේදී ඔවුන් ආරක්ෂක අංශයන්ගේ විවිධ වඳබන්ධනයන්ට ලක්වන බවත් පෙන්වා දෙමින් උන්වහන්සේ ඔස්ට්‍රේලියානු රජයේ බලධාරීන් වෙත ලිපියක් යැවීය.

ත්‍රස්තමර්ධන ඒකකයට රඳගුරුතුමන්ට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ එම ලිපිය සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කරගැනීමට බව වාර්තා වෙයි.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements