you're reading...
හමුදාකරණය

දෙමළ තරුණයන් 48 ඊනියා පුනුරුත්තාපනය; තවත් 1000 ක් අත්අඩංගුවට ගැනී​මේ සූදානමක්

Detention camp

නොවැම්බර්  26 වැනිදා  සිට  හමුදාව / ත්‍රස්ථ විමර්ෂණ ඒකක සහ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සහ පැහැර ගන්නා ලද යාපනයේ තරුණයන්ගෙන් 48 දෙනෙකු විශේෂ පුනුරුත්තාපනයක් වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි.

එම තරුණයන්ගේ බහුතරයක් ත්‍රස්ත විමර්ෂණ ඒකක විසින් පැහැරගෙන වව්නියාව ත්‍රස්ත විර්ෂණ කාර්යාලය වෙත පැමිණ ඇති අතර ඔවුන් එහි රඳවාගෙන සිටින බව ඔවුන්ගේ දෙමාපියන් වෙත පවා දැනුම් දුන්නේ දින ගණනකට පසුවය. එලෙස ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ත්‍රස්ත විමර්ෂණ පනත යොදාගනිමින් යාපනය,කිලිනොච්චි යන දිස්ත්‍රික්ක වල තරුණයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පැමිණිලි 48 ලැබී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ,යාපනය දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.  එම තරුණයන් සියල්ල අත්අඩංගුවට සහ පැහැරගෙන ඇත්තේ  විමුක්ති කොටි සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමිනි.

හදිසි නීතිය ඉවත් කිරීමේ විහිළුව

එලෙස අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් වව්නියාව ත්‍රස්ථ විමර්ෂණ ඒකකයේදී ප්‍රශ්ණ කිරීම්වලට ලක්කර ඔවුන් විශේෂ පුනුරුත්තාපන කඳවුරක් වෙත යවා ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි. හදිසි නීතිය ඉවත්කළ බව ලෝකයට ප්‍රකාශක රාජපක්ෂ රජයේ ඊනියා ක්‍රියාකාරීත්වය මනාව ඔප්පුකරමින් හදිසි නීතිය ඉවත් කිරීමේදී එම පනතේ වූ වගන්ති හතරක්  ත්‍රස්ථ විමර්ෂණ පනතට ඇතුළත් කළ  ඒ අනුව 2011 වර්ෂයේදී සංශෝධනය කළ ත්‍රස්ත විමර්ෂණ පනතේ 1721/5 වගන්තියට අනුව එම තරුණ පිරිස් රජයේ ඊනියා පුනුරුත්තාපනය වෙත යොමුකර තිබේ.

මෙහි බැරෑරුම් තත්ත්වය වනුයේ ඔවුන් අත්අඩංගුවට ගත් මොහො​තේ සිට පුනුරුත්තාපනයට යොමුකරන තුරු කිසිදු අධිකරණයකට ඔවුන් ඉදිරිපත් නොකළ අතර ඒ සියලු තීන්දු තීරණ, නියෝග ලබාදුන්නේ ආරක්ෂක අමාතංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි.

මේවනිවිට යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බී.බවානන්දන්, එම සංගමයේ ලේකම් පී. දර්ශනාන්ත් ,ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. ජෙනමෙයි ජයන්ත් සහ විද්‍යා පීඨ ශිෂ්‍ය එස්. සොලමන් යන සිසුන් පුනුරුත්තාපනයට යැයි වැලිකන්ඳ හමුදා රැඳවුම් කඳවුරේ රඳවාගෙන සිටිති.

මර්ධනය තවදුරටත්

මේ අතර උතුරු පළාත් හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ මාධ්‍යවෙත පවසා තිබුණේ දෙමළ තරුණයන් 1000 අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ෂණය ඒකකය ඔවුන් පසුපස හඹායන බවයි.විශේෂයෙන් මේ වනවිට සමස්ථ උතුරු පළාතේම තරුණ ප්‍රජාව දැඩි භීතියකට හා කම්පනයකට පත්ව සිටින අතර හමුදා අඥාපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ දැනට සිදුකරමින් සිටින තරුණ මර්ධනය තවදුරටත් දිගුවන බවයි.

සිංහල රාජ්‍ය දෙමළ තරුණයන්ට බලකර සිටින්නේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගන්නා ලෙසද?

උතුරේ පවතින තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ දෙමළ බුද්ධිමතෙක් පවසා සිටියේ

” 1980 වැනි කාලයකදී දෙමළ තරුණයන් ආයුධ අතට ගනු ලැබුවේ ශ්‍රී ලංකා රජ්‍ය  විසින්  තරුණයන් තුළ ඔවුන් ආරක්ෂිත යැයි හැඟීමක් ඇති කිරීමට අසමත් වූ නිසා. අද වන විට දෙමළ ජනයාගේ මානසිකත්වය නැවත ආරම්භක ස්ථානය වෙත ගමන්කර තිබෙනවා. මෙය ඉතාම බැරෑරුම්ව ගත යුතු කාරණයක්. දහස් ගණනකගේ ජීවිත අහිමිවීමෙන් පසුවත් එම සමාජය නැවත සිටි තැනට පත්වීම තුළ ඉතා දැවැන්ත සමාජ පීඩනයක් නිර්මාණය වෙනවා.එය කුමන ආකාරයෙන් සිය ප්‍රතිරෝධය දක්වයිද කියා අපට කියන්නට අපහසුයි” යනුවෙන් පැවසූ ඔහු ,

ප්‍රශ්ණ කර සිටියේ “ශ්‍රී ලංකා රජ්‍ය නැවත දෙමළ තරුණයන්ට කියන්නේ තම ආරක්ෂාව තමන් විසින්ම සළසාගන්නා ලෙසද?” යන්නයි.

Photo Courtesy – Lakruwan Wanniarachchi
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements