you're reading...
හමුදාකරණය

වෛද්‍ය සිවෂන්කුමර් හමුදා අත්අඩංගුවට

SL Army PIC

අනුරාධපුර රෝහලට අනුයුක්තව සේවය කරන යාපනයේ පදිංචි ​වෛද්‍ය සිවෂන්කුමාර්  අත්අඩංගුවට ගෙන කුකාවිල් හමුදා කඳවුරේ රඳවාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

හමුදා බුද්ධි අංශ බලපෑම් මත හමුදාවට බැඳුන් කිලිනොච්චිය උත්තරපුරම් ප්‍රදේශයේ එක් තරුණියක් මෙවර අ.පො.ස විභාගයට පෙනීසිටින සිය නිවසට පැමිණ ඇති අතර හමුදා විසින් ඇගේ දෙමාපියන්ට බලපෑම්කර තර්ජනය කර පවසා ඇත්තේ ඇය නැවත හමුදා කඳවුරට බාරදෙන ලෙසත් විභාගය පිළිබඳ තීන්දුය හමුදා කඳවුර විසින් ගනු ලබනු ඇති බවයත්ය.

නමුත් ඇය හමුදාවෙන් ඉවත්වීමට අවශ්‍යබව ඇගේ දෙමාපියන්ට පැමසීම නිසා එයට සහයවීමට ​වෛද්‍ය සිවෂාන්කුමාර්ද ඇය සමග ඊයේ (29) හමුදා කොකාවිල් හමුදා කඳවුරට ගොස් තිබේ.

කෙසේ නමුත් හමුදාව පවසා ඇත්තේ ඇයට හමුදාවෙන් ඉවත්වීමට අවශ්‍යනම් මාසයකට පෙර ඉවත් වීමේ ලියුම්බාර දියයුතු බවත්ය. හමුදාව විසින් එසේ පැවසීමත් සමගම දෙමාපියන් සහ හමුදාව අතර වචන හුවමාරුවක් සිදුවී තිබේ.

නමුත් අවසානයේ එම තරුණියට සහ ඇයගේ දෙමාපියන්ට හමුදා කඳවුරෙන් පිටවීමට අවසර දුන් නමුත් ​වෛද්‍යවරයාට රඳවාතබාගෙන ඇත. එසේ ​වෛද්‍යාවරයාව හමුදාව විසින් රඳවාතබාගත් බව ඉහත තරුණිය​ගේ දෙමාපියන් තහවුරු කර තිබේ.

මේ අතර ​වෛද්‍යවරයාව මන්කුලම් පොලිසිය වෙත හමුදාව විසින් බාරදී ඇති බවට තොරතුරු ලැබී ඇති නමුත් මාන්කුලම් පොලීසිට එවැනි සිදුවීමක් සිදුවූ බවට ප්‍රතික්ෂේප කර තිබේ. දුරකථනය ඔස්සේ මාන්කුලම් පොලීසිය ඇමතූ අප හට එහි නිළධාරියෙකු පවසා සිටියේ අපිව අමාරුවේ නොදා පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසන ලෙසත්, ඒ වගේම තමන්ට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කර ඇති බවත්ය.

තරුණියන් පරීක්ෂාකල ​​වෛද්‍යවරයාට තර්ජන

මේ අතර  යුද හමුදාවට බදවා ලන්නා ලද දෙමළ තරුණියන් කොටසක් සිය පුහුණුවීම් කටයුතු කරගෙන යන අතරතුරදී හදිසියේ අසනීපවී රෝහල්ගත වීම සම්බන්ධව යමක් ප්‍රකාශ කරන්නේනම් එය එය ප්‍රකාශ සිදුකළ යුතු ආකාරය සම්බන්ධව  හමුදාව විසින් ​​වෛද්‍ය සිවස්‍බ්‍රමනියම්  හට බලපෑම් කර තිබේ.

මුලින්ම එම රෝගීන් සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කිරීම ​වෛද්‍යවරයාට හමුදව විසින් තහනම් කර තිබූ අතර ඒබව එම අවස්ථාවේ ඔහුව දුරකථනය ඔස්සේ සම්බන්ධවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් වෙතද පවසා තිබුණි

පසුගිය දා බීබීසී දෙමළ සේවාව ​වෛද්‍ය සිවස්‍ුබ්‍රමනියම් සමඟ සිදුකළ කෙටි සම්මුඛ සාකච්ඡාවේදී ඔහු කටයුතු කර ඇත්තේ ඔහුට හමුදා විසින් ලබාදනු නියෝග අනුව බව වාර්තා වෙයි.

මෙවැනිම සිදුවීමක් 2009 වර්ෂ​යේදී යුද්ධය අවසානයේ වන්නියේ සිදුකළ ​වෛද්‍යවරුන් පස් දෙනෙකුටද මුහුණ දීමට සිදුවූ අතර වන්නියේ සේවයේ යෙදීසිටියදී තමන් ප්‍රකාශකල දෑ නිවැරදි නොවන බව යනුවෙන් ඔවුන්ට මරණ තර්ජන පවා කරමින් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේදී හමුදාවට අවශ්‍යදේවල් ඔවුන් ලවා ප්‍රකාශකර ගත්හ.

Photo Courtesy : JDS
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements