you're reading...
හමුදාකරණය

උතුරේ මර්ධනය තවත් උග්‍රවෙයි; වෛද්‍ය ආර්. සිවෂන්කර් ‘ත්‍රස්ත විමර්ෂණය’ යටතට

 DR

ශ්‍රී ලංකා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රේගේඩියර් රුවන් වනිගසේකර මාධ්‍ය වෙත පවසා සිටියේ වෛද්‍ය රත්නසිංහම් සිවෂන්කර් හමුදා බාරයේ රඳවාගෙන සිටින බවත්, ​​ඔහුව මේවනවිට ත්‍රස්ථ විමර්ෂණ පනත යටතේ මාන්කුලම් හමුදා කඳවුරේ රඳවා තබාගෙන සිටින අතර ත්‍රස්ත විමර්ෂණ ඒකක විසින් ඔහු පිළිබඳ විමර්ෂණයන් සිදුකරන බවත්ය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෑතතදී හමුදාවට බඳවාගත් තරුණියන් අතරින් හමුදා නීතියට පටහැනිව ක්‍රියාකළ තරුණියක් සමග පැමිණ බවත් කෝපායා හමුදා කඳවුරට ඇතුළ වී ඇති බවත්ය. ඊට අමතරව වෛද්‍යවරයා හමුදාවට බඳවාගත් දෙමළ තරුණියන්ගේ දෙමාපියන් සහ ඥාතීන් සමග සම්බන්ධතා ගොඩනාගනිමින්, සිටින හමුදා පුහුණුව සම්බන්ධයව වැරදි චිත්‍රයක් මවාපෑමට උත්සහ දරා ඇති බවයි.

ඒ වගේම දෙමළ තරුණියන් හමුදාවට බඳවාගැනීම සම්බන්ධව ඔහු හමුදව ප්‍රශ්ණ කර ඇති බවත් ඒම නිසාවෙන් ඔහුව ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.

දෙමළ ජනයාගේ අයීතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටින අනුරාධපුර රෝහලේ ලේ බැංකුවට අනුයුක්තව සේවය කරන වෛද්‍ය රත්නසිංහම් සිවෂන්කුමාර් පසුගියදා හමුදව විසින් හමුදාවට බඳවාගත් දෙමළ තරුණයක් හට හමුදාවෙන් ඉවත් වීමට සහය වීමට ඇය සහ ඇගේ දෙමාපියන් සමග කෝපායි හමුදා කඳවුරට ගිය අවස්ථාවේදී හමුදාව විසින් වෛද්‍යවරයා බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනුනි.
තරුණිය සහ ඇයගේ දෙමාපියන් හට හමුදා කඳවුරෙන් පිටව යාමට අවසර ලබාදුන්නද වෛද්‍ය සිවෂන්කුමාර් හමුද විසින් රඳවා තබාගත්හ. ඉන්පසුව ඔහු රඳවාතබා ගෙන සිටින්නේ කොතැනකද යන්න කිසිවක් හමුදාව විසින් ප්‍රකාශ නොකළ අතර පසුව ලැබුණු වාර්තා සඳහන් කලේ ඔහුව මාන්කුලම් පොලීසිය වෙත බාරදුන් බවයි. නමුත් මාන්කුලම් පොලීසිය එම වාර්තා ප්‍රතික්ෂේප කර සිටින ලදී.

හමුදා ප්‍රකාශක වනිගසූරිය තවදුරත් පවසා ඇත්තේ වෛද්‍යවරයා යාපනයේ පළවන ‘උදයන් පුවත්පතට’ ලිපි ද රචනා කරන බවයි.

ස්වාධීනව සමාජ කටයුතුවලට මැදිහත් වන පුද්ගලයෙකු ලෙස ප්‍රකට වෛද්‍ය සිවෂන්කුමාර්ගේ විෂ්‍ය මානසික වෛද්‍ය විද්‍යාව වුවත් ඔහුව උතුරු පළාත් ආණ්ඩුකාර හිටපු උතුරු පළාත ආඥාපති චන්ද්‍රසේකරගේ බලපෑම් මත අනුරාධපුර ලේ – බැංකුවට අනුයුක්ත කර ඇති බවත් පැවසෙයි.

උතුරේ හමුදා මර්ධනය

ත්‍රස්ත විමර්ෂණ පනත යටතේ පසුගිය මාසය ඇතුලතදී උතුරේ තරුණයන් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට යොමුකර ඇති අතර තවත් තරුණයින් 1000 අත්අඩංගුවට ගැනීමට නියමිත බව උතුරු පළාත් හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ මාධ්‍ය වෙත පසුගියදා පවසා සිටියේය.

මේවනිවිට යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බී.බවානන්දන්, එම සංගමයේ ලේකම් පී. දර්ශනාන්ත් ,ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. ජෙනමෙයි ජයන්ත් සහ විද්‍යා පීඨ ශිෂ්‍ය එස්. සොලමන් යන සිසුන් පුනුරුත්තාපනයට යැයි වැලිකන්ඳ හමුදා රැඳවුම් කඳවුරේ රඳවාගෙන සිටිති.

උතුරේ  සියලු අත්අඩංගුවට ගැනීම්, රඳවාගැනීම් සිදුවන්නේ ආරක්ෂක අමාතංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂකගේ සෘජු නියෝගයන් මතය.

 Photo Courtesy | Marie-France Calle
 
සබැඳි පුවත්  
 
වෛද්‍ය සිවෂන්කුමර් හමුදා අත්අඩංගුවට
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements