you're reading...
යුධ අපරාධ

ඝාතකයන් නිදහසේ; ත්‍රිකුණාමලය ශිෂ්‍ය ඝාතනයට වසර 7යි.

Student Tricno

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර අදට වසර 7 කි. 20 හැවිරිදි වියට ආසන්න වි සිටි මනෝහරන් රාගිහර් (1985/09/22,) යෝගරාජ් හේමචන්ද්‍ර (1985/03/04) ලෝගිදරාජ් රොහාන් (1985/03/07)දන්ගතු​​රෛයි සිවනාන්ද 1085/ 04/06 ), ශන්මුගරාජ් ගජේන්ද්‍රන් (1985 09/16 ) යන සිසුන් 5 දෙනා 2006 වර්ෂයේ ජනවාරි 2 වැනිදා ත්‍රිකුණාමලය ගාන්ධි ප්‍රතිමාව අසලදී ඝාතනය කරනු ලැබීය.

ටැමිල් නෙට් වෙබ් අඩවිය සමඟ අදහස් දැක්වා ඇති ඝාතනයට ලක්වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය කාසිපිල්ලෙයි  මනෝහරන් පවසා ඇත්තේ සිය පුත්‍රයා ඝාතනය කිරීමෙන් පසු පැමිණෙන නත්තල සහ අලුත් අවුරුදු උත්සව සමයන් තමන්ට සහ පවුලේ සැමට ඉතා දුෂ්කර කාලසීමාවන් බවයි. ” මගේ පුත්‍රයා ඝාතනය කළ ඝාතකයන් තවමත් ශ්‍රී ලංකාවට වී ඉතාම නිදහසේ සිටිනවා. මම ,මගේ පවුලේ සාමාජිකයන් සහ තවත් සංවිධාන සමග එකතුව උත්සහ දරන්නේ මෙම ඝාතනයට එරෙහිව යුක්තිය ඉටුකරක ගැනීමට. එය පමණයි එකම සැනසීම මට තිබෙන”

​කොලාම්යා දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් උසාවියට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර ඇති බව වෛද්‍ය මනෝහරන් පවසා සිටියේය.

” මට පුද්ගලිකව විශ්වාස කරනවා මෙම ඝාතනය සිදුකරනු ලැබුවේ පොලිස් පරීක්ෂක කපිල ජයසේකරගේ මහෙයවීම මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් බව ” ​වෛද්‍ය මනෝහරන් තවදුරටත් පවසා සිටියේය.

ත්‍රිරිකුණාමලයේදී සිසුන් 5 දෙනා ඝාතනය කළේ විශේෂ කාර්ය බලකාය විසින් බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහතා සමඟ පවසා ඇතැයි විකිලීක්ස් කේබල් පණිවුඩයක්  මගින් පසුගිය වර්ෂයේදී හෙළිදරව් කර තිබුණි.

“ඔවුන් මගේ පුත්‍රයා ඝාතනය කරනු ලැබුවා. එය ඉතා පැහැදිළි ලෙස කළින් සැලසුම් කළ ඝාතනයක්. මම මෝචරියට ගිය අවස්ථාවේ පළමුවෙන්ම දුටුවේ මගේ පුතාගේ මළසිරුර. එම දර්ශණය මාව  දැඩි කම්පනයට පත්කලා. ඔහුට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා. එය ​වෛද්‍ය වාර්තාවේ පවා ඒ බව ඉතා පැහැදිළිව සඳහන් වෙනවා. මෙම ඝාතනයේ පළමු සාක්ෂිය මම. එය සිදුකරන ලැබු​වේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් බව ඉතා පැහැදිලියි “

” මෙම ඝාතනයෙන් පස්සේ මට සහ මගේ අනෙක් දරුවන්ට දිගින් දිගටම ජීවිත තර්ජන පැමිණියා. මට තවදුරටත් ලංකාව තුළ ජීවත්වීමේ හැකියාවක් නෑ. මට මගේ පුත්‍රයා ඝාතනය කිරීම සම්බන්ධව කටයුතු කරන්න උවමනායි. එය මට ඇති අයිතියක්. නමුත් මට ලංකාව තුළ සිට එම අයිතිය වෙනුවෙන් කටයුතු කළ නොහැකියි. ලංකාව තුළ කිසිදු මානව හිමිකමක් සුරක්ෂිත නෑ. එම නිසයි මම සහ මගේ පවුල ලංකාවෙන් පිටවූයේ. “

” මට විශ්වාසයක් නෑ ශ්‍රී ලංකා අධිකරණය පිළිබඳ. නමුත් මම විශ්වාස කරනවා ජාත්‍යන්තර අධිකරණයකදි අනිවාර්යයෙන්ම මගේ පුත්‍රයාට යුක්තිට ඉටුවෙයි කියලා. ”  ( උපුටා ගැනීම – Ragihar Manoharan, Sri Lanka – Write for Rights   යනුවෙන් ඇම්නෙස්ට් ජාත්‍යන්තරය නිෂ්පාදනය කළ විඩියෝවෙන්)

​​වෛද්‍ය මනෝහරන් සිට ජීවිත තර්ජන හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජීවත් වෙයි.

මෙම සිසු ඝාතනයට වසර 7 ගතවී ඇති නමුත් තවමත් ඝාතකයන් නිදැල්ලේ සිටිති. 2012 මාර්තු ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගීවූ ශ්‍රී ලංකා නියෝජිතයින් මෙම ශිෂ්‍ය ඝාතනය ගැන පරීක්ෂණ නැවත ආරම්භකරන බවටද පොරෙන්දුවක් ලබා දුනි.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද අවධාරණය කර සිටින්නේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මෙම සිසු ඝාතනය සිදුකළ ඇති බවයි. 2012 වර්ෂයේ ඇම්නෙස්ටි ජාත්‍යන්තර විසින් නිකුත් කළ වාර්තාවකද ඒ බව දැක්වෙයි.

Photo Courtesy : Tamilnet
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements