you're reading...
හමුදාකරණය

ආරක්ෂක අමාතංශ ලේකම්ගේ දැඩි බලපෑම් මත යාපනය සරසවිය නැවත විවෘත කරයි

Jaffna Uni - reopen

ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨභය රාජපක්ෂ, උතුරු පළාත් හමුදා ආඥාපති සහ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානයකගේ දැඩි බලකිරීම මත යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (08) ආරම්භ විය.

ඊයේ(07) විශ්ව විද්‍යාල පරිපාලන, ආචාර්යවරු සහ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් අතර පැවති සාකච්ඡාවේදී ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් දැඩිව ප්‍රකාශ කර සිටි​යේ සිය සහෝදර ශිෂ්‍යයන් නිදහස් කරන තුරු තමන් දේශණවලට සහභාගී නොවන බවයි.

පසුගිය නොවැම්බර් 26 සහ 27 යන දිනවල දෙවතාවක්ම හමුදාව සහ පොලීසිය බුද්ධි අංශ එකතුව යාපනය සරසවි​යේ සිසුන්ට පහර දීම සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැසක් ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු නියෝග මත ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන වැලිකන්ද හමුදා රඳවුම් කඳවුරේ රැඳවුම් භාරයට යොමුකල නිසාවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අඩාල වුනි.

රජයේ පාර්ෂවය විශ්ව විද්‍යාල පරිපාලනය බලකරමින් සිටියේ විශ්ව විද්‍යාලය නැවත ආරම්භ කරන ලෙසයි.යාපනය විශ්වවිද්‍යාලයේ උපකුළපතිනිය සහ ආරක්ෂක ලේකම් අතර පැවති සාකච්ඡාවකදී ආරක්ෂක අමාංශ්‍ය ලේකම්කර තිබුනේ සිසුන් නිදහස් කිරීමට ප්‍රථම විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු නැවත ආරම්භ කරන ලෙසයි.

විශ්ව විද්‍යාලයේ පරිපාලනය සහ උතුරු පළාත් හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ සමග පලාලි හමුදා පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවේදීද ඔහු පවසා තිබුනේ විශ්ව විද්‍යාලය විවෘත කරන ලෙසයි.

කොසේ නමුත් ඊයේ පැවති සාකච්ඡාවෙන් පසුව විශ්ව විද්‍යාලය විවෘත කිරීමට එහි පරිපාලනය තීරණය කෙරුණි.

නමුත් අද දිනයේදී දේශන සඳහා සිසුන් විශාල පිරිසක් සහභාගි නොව අප සමඟ අදහස් දැක්වූ ආචාර්යවරයකු පැවසීය.

ශිෂ්‍යයන් තවමත් අත්අඩංගුවේ සිටියදී විශ්ව විද්‍යාලය යලි විවෘත කෙරෙන්නේ රජයේ බලපෑම මත බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ද බීබීසී සංදේශයට පවසා තිබුණි.

යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බී.බවානන්දන්, එම සංගමයේ ලේකම් පී. දර්ශනාන්ත් ,ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. ජෙනමෙයි ජයන්ත් සහ විද්‍යා පීඨ ශිෂ්‍ය එස්. සොලමන් යන සිසුන් පුනුරුත්තාපනයට යැයි කියමින් රඳවාගෙන සිටිති.

උතුරේ හමුදා පාලනය ; “මැස්සෙක් ගිය උඩ”

උතරේ පවතින හමුදා පාලනය හොදම උදාහරණය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහෝදරය සහ ආරක්ෂක අමාතංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව උතුරේ බුද්ධිමතුන් පවසා සිටිති.

රාජ්‍ය බලයෙන් මත්වී සිටින ඔහුගේ ක්‍රියාකලාපයෙන් ඔප්පුකර පෙන්වන්නේ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධමය පරාජය තුළ දෙමළ සමාජය පරාජයට පත්වී ඇති බවත් ඔවුන් තවදුරටත් පැවසීය.

විශ්ව විද්‍යාල පද්ධතිය භාර අමාතංශය උසස් අධ්‍යාපන අමාත්‍යංශය වූවත් යාපනය විශ්ව විද්‍යාල පරිපාලනය සියලු අණ ලබාදෙනුයේ ආරක්ෂක අමාතංශයේ ලේකම්වරයා මගිනි.

 Photo Courtesy | amarnath amarasingam
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements