you're reading...
මානව හිමිකම්

සිංගප්පූරුවේදී, බ්‍රයන් ඔස්ට්‍රේලියාවට පිටුවහල් කිරීම පිටුපස ශ්‍රී ලංකා රජය සහ මොසාඩ් ඔත්තු සේවාව

Brayan

2012 දෙසැම්බර් 14 වැනිදා මැලේසියාවේ ක්වලාම්පූර් සහ ​ජ්හෝර් යන නගර වලදී පැවැත්වීමට නියමිත තිබූ ශ්‍රී ලංකා දෙමළ සරණාගතයන් පිළිබඳ  රැස්වීමක් ඇමතීමටඔස්ට්‍රේලියාවේ සිට  සිංගප්පූරුව හරහා මලේසියාව වෙත යාමට පැමිණි ​වෛද්‍ය බ්‍රයන් සෙනවිරත්ත හට සිංගප්පූරුවට ඇතුළුවීමට ඉඩ නොදුන්, එරට ආගමන -විගමන නිළධාරීන් විසින් ඔහුව නැවත ඔස්ට්‍රේලියාවේ බ්‍රස්බේන් වෙත පිටුවහල් කර යවන ලදී.

ඔහුව පිටුවල් කිරීම පිටුපස ක්‍රියාත්මක වී ඇත්තේ ශ්‍රී ලංකා රජය ඊශ්‍රායල් ඔත්තු සේවාව වන මොසාඩ් ඔත්තු සේවය බව ආනාවරණය වෙයි.

දෙසැම්බර් 14 වැනිදා පෙ.ව 4.30 ට සිංගප්පූරුවේ චංගි (Changi)ගුවන් තොටුපළ වෙත පැමිණි නොදුන් වෛද්‍ය  බ්‍රයන් සෙනවිරත්න හට සිංගප්පූරුව වෙත ඇතුළුවීමට නොහැකි බව සිංගප්පූරු ආගමන විගමන නිළධාරීන් පවසා තිබෙ. ඔවුන් හේතුව ලෙස පවසා ඇත්තේ සිංගප්පූරුවේ නව ආගමන විගමන නීතීන් වලට අනුව ඔහුට සිංගපූරුවට ඇතුළුවීමට සුදුසුකම් නොමැති බවයි. ඉන් පසුව ඔහුව කාමරයක් තුළ පැය 5 කට අධික කාලසීමාවක් රඳවාගෙන සිටීමෙන් පසුව නැවත ඔස්ට්‍රේලියාව බලා පිටුවල් කර ඇත.

මෙම පිටුවහල් කිරීම පිටුපස  සිටින  ශ්‍රී ලංකා රජය නියෝජනය කරන ප්‍රධානම තැනැත්තා වන්නේ මහාචාර්ය රොහාන් ගුණරත්න වන අතර ඔහු ඊශ්‍රායල් ඔත්තු සේවය සමග සෘජු සම්බන්ධතා පවත්වන්නෙක් මෙන්ම සමහර අවස්තාවලදී ඔවුන්ගේ නියෝජිතයෙකු ලෙසද කටයුතු කරන්නෙකි. ඔහු සිංගප්පූරුවේ ජීවත් වන ඔහු ශ්‍රී ලංකා ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අති සමීපතම පුද්ගලයෙකි.

සිංගප්පූරුව සහ මොසාඩ් ඔත්තු සේවාව අතර ඇති සම්බන්ධතාවය වන්නේ සිංගප්පූරුවට අවශ්‍ය සියලු අවි ආයුධ සහ තාක්ෂණ සම්පත්දායකත්වය සපයනු ලබන්නේ මොසාඩ් ඔත්තු සේවාව විසිනි වීමයි.

සිංගප්පූරු  ඔත්තු සේවාව වන Singapore Intelligence Service (SIS) සියලු පුහුණ කිරීම්,තාක්ෂණික උපදෙස් ආදී සියලු සම්පත්දායකත්වය සපයනු ලබන්නේ මොසාඩ් ඔත්තු (Mossad) සේවාව මගින් වෙයි.

විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර පැවති යුද්ධයේදී දෙමළ වර්ග සංහාරය සිදුකිරීමට ඊශ්‍රායල් රජය සහ මොසාඩ් ඔත්තු සේවාව විශාල සහයෝගයක් ලබාදෙන ලදී.

ඊට අමතරව ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායල් ඔත්තු සේවාව අතර බොහෝ කාලයක සිට දැඩි හිතවත් කමක් පවතින අතර 1983 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මොසාඩ් සාමාජිකයන් 50 දෙනෙකු මාදුරු ඔය විශේෂ කාර්ය බලකා කඳවුරට ගෙන්නවා විශේෂ කාර්ය බලකායට විශේෂ පුහුණුවක් ලබාදීමටද කටයුතු කරන ලදී.

මේවනවිට සිංගපූරු රජය සහ ශ්‍රී ලංකා රජය අතර පවත්නා දැඩි මිත්‍රශීලී සම්බන්ධතාවයේ අතරමැදියන් ලෙස කටයුතු කරන්නේ ඊශ්‍රායල් ඔත්තු සේවාව වන අතර ​​රෝහාන් ගුණරත්ත නම් ‘ත්‍රස්තවාදය සම්බන්ධ විශේෂඥ මහාචාර්යවරයා’  එම කටයුතු සම්බන්ධීකරණය කරයි.

බ්‍රයන් සෙනවිරත්තට සිංගපූරුවට ඇතුළුවීමට ඉඩනොදීම පිටුපස තිබෙන කාරණා ඒ අනුව ඉතාම පැහැදිලි වෙයි.

81 හැවිරදි වියේ පසුවන වෘත්තීයේ විශේෂඥ ​​වෛද්‍යවරයෙකු වන බ්‍රයන් සෙනවිරත්ත,මානව හිමිකම් ආරක්ෂකයෙකු බව අතර විශේෂ දෙමළ ජනයාට එරෙහිව ශ්‍රී ලංකාව තුළ සිදුවන මානව හිමිකම් කඩවීම් වලට එරෙහිව ජාත්‍යයන්තරය තුල කටයුතු කරන්නෙකි.​ වෛද්‍ය බ්‍රයන් සෙනවිරත්න ඔස්ට්‍රේලියානු පුරවැසියෙකි.

තමන්ගේ මූලික අයිතිවිසිකම්වලවත් ගරු නොකරමින් ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුවූ  තමාව හරවා යැවීම පිළිබඳ ඔස්ට්‍රේලියානු අගමැතිනිය, ජූලියා ගිලාර්ඩ් වෙත ලිපියක් යොමුකරන බ්‍රයන් ඉල්ලා සිටින්නේ තමාව පිටුවල් කිරීමට හේතු සිංගප්පූරු රජයෙන් විමසන ලෙසයි.

තමාව පිටුවල් කිරීම පිටුපස ශ්‍රී ලංකා රජය සහ රෝහාන් ගුණරත්න සිටින්නේද යන්නද ඔහු ප්‍රශ්ණ කර සිටී.

​තමන්ට ​​ සිංගපූරුවට ඇතුලුවීමට අවසර දිය නොහැකිනම් ​​වෛද්‍ය බ්‍රයන් සෙනවිරත්න සිංගප්පූරු ආගමන විගමින බලධාරීන්ගේ ඉල්ලා ඇත්තේ මැලේසියාවට හෝ ඉන්දුනිසියාවට ගුවන් මගින් යාමට තමන්ට අවස්ථාව දෙන ලෙසයි. ඒ සියල්ල ප්‍රතික්ෂේව කර ඇති සිංගපූරු ආගමන විගමන නිළධාරීන් ඔහුව නැවත ඔස්ට්‍රේලියාව වෙත හරවා යවා ඇත.

මේ නිසාවෙන් මැලේසියාවේදී ඔහු සහභාගී වීමට නියමිතව තිබූ සියලු රැස්වීම් නොපැවැත්වීමට සංවිධායකයන්ට සිදුවිය.

බ්‍රයන් සේනවිරත්ත විසින් ඔස්ට්‍රේලියානු අගමැතිනිය වෙත යැවූ සම්පූර්ණ ලිපිය.

Photo Courtesy | Tamilnet
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements