you're reading...
මාධ්‍ය

උතුරේ නොනවතින මර්ධනය ; හමුදා බුද්ධි අංශ ‘ යාපනයේ උදයන් පුවත්පත්’ බෙදාහරින්නට පහර දෙයි

Uthayan attack -

අද උදෑසන 5.30ට පමණ යාපනය – පේදුරුතුඩුව පාරේ නෙල්ලඩි නගරයට ආසන්න මාලුසන්ඩි ප්‍රදේශයේදී යාපනයේ පළවන  උදයන් පුවත්පත් බෙදාහැරීමේ  යෙදීසිටි තරුණයෙකු හ​ට නාඳුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් පහර දී පුවත්පත් මිටිය සහ ඔහුගේ යතුරු පැදිය ගිනිතබා ඇති බව වාර්තා වෙයි.

යතුරු පැදිදෙකකින් පැමිණ ඇති පිරිස උදයන් පුවත්පත් බෙදාහැරීමේ නිරතව සිටි යතුරුපැදිය හරස්කර ඔහුට යකඩ පොලුවලින් පහර දී ඇත. මෙම පහරදීමට ලක්වී ඇත්තේ පිරදීවන් නැමති තරුණයෙකු වන අතර හිසට එල්ලකරන ලද පහර සිය අතින්  වැලක්වීමට යාමෙන්, ඔහුගේ අතේ අස්ථියක් එම පහර දීමෙන් බිදීමට ලක්වී තිබේ.

මෙම මැර පිරිස තරුණයාට පහර දීමෙන් පසුව ඔහුව පසෙකට විසිකර ඔහු බෙදමින් සිටි පුවත් පත්මිටිය සහ යතුරුපැදියට ගිනිතබා පලාගොස් තිබේ.

මේ වන විට පහර කෑමට ලක්වූ තරුණයා යාපනය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම පහරදීම සම්බන්ධව පැමිණිල්ලක් නෙල්ලඩි පොලීසියට ඉදිරිපත් කර ඇති බවත් යාපනයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.

මෙම පහර දුන් පුද්ගලයන් හමුදා බුද්ධි අංශ බව ඉතා පැහැදිළි බවත් උතුරු පළාත පුරා දැඩි හමුදා මර්ධනයක් ක්‍රියාත්මක් වන අතර උදයන් පුවත්පත එම මර්ධනය පිළිබඳ යාපනය ජනයා දැනුවත් කරන ප්‍රධාන පුවත්පත බවත් එම නිසා මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුද යන්න බවට කිසිදු සැකයක් නොමැති බවත් අප සමග අදහස් දැක්වූ යාපනයේ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු පැවසීය.

මේ ඊයේ(09) ද වැල්වැටිතු​​රෛයි ප්‍රදේශයේදී දී උදයන් පුවත්පත් බෙදාහාරීමේ යෙදීසිටි තරුණයෙකු පිටුපස කණ්ඩායමක් හඹා පැමිණ ඇති අතර ඔහු විසින් ඒ පිළිබඳ වැල්වැටිතු​​රෛයි පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

උදයන් වෙත නොනවත්වා මර්ධනය

1985 දී ආරම්භකළ යාපනයේ උදයන් පුවත්පත 1987 සිටිම ආරක්ෂක අංශ සහ ඒවායේ සහය ලබන සන්නද්ධ පිරිස් වෙතින් ප්‍රහාරයට ලක්වූ අතර 2006 වර්ෂයේදී උදයන් කාර්යාලය ගිනිතැබූ අතර එය සිදුකරන ලද්දේ නාවුක හමුදාව සහ ඊපීඩීපී සංවිධානය විසින් සිදුළ බව බැසිල් රාජපක්ෂ පැවසූ බව විකිලීක්ස් කේබල් පණිවුඩයක් අනාවරණය කර තිබුණි. වර්ෂයේදී උදයන් කාර්යාලය ගුවන් ප්‍රහාරයක් පවා ලක්විය. 1985 වර්ෂයේ සිට මේ දක්වා උදයන් පුවත්පතේ සාමාජිකයන් 5 දෙනෙක් ඝාතනය කර ඇති අතර විවිධ අවස්ථා ගණනාවකදී පහර දීම් සිදුකර ඇත.

 2011 වසරේ ජූනි 29 වැනිදා උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කතෘ ඥානසුන්දරම් කුගනාදන් වෙත් එල්ලකරන ලද අති අමාණුෂික ප්‍රහාරයයි.එම ප්‍රහාරයට ලක්වීමට පෙර ඔහු 2006 වර්ෂයේ සිට 2010 වර්ෂය වනතෙක් ජීවත්වූයේ උදයන් කාර්යාලය තුළමය.

අවුරුදු 28 සිදුවීම් 20 ක්

වසර 28 ක කාලසීමාව තුළ අද දක්වා උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන්ට එම පුවත්පත් කාර්යාලයට එරෙහිව සිදුවූ සිදුවීම් ගණන 28 කි. පසුගියදා  යාපනය සරසවියේ සිසුන්ට හමුදාව විසින් පහරදීම වාර්තා කිරීමට ගිය උදයන් පුවත්පතේ මාධ්‍යවේදියාටද හමුදා බුද්ධි අංශ විසින් පහර දෙනු ලැබීය.

Incedent  Photo Courtesy :  Tamilwin | Feature Photo Courtesy : DushiYanthini Kanagasabapathipillai
Advertisements

Discussion

One thought on “උතුරේ නොනවතින මර්ධනය ; හමුදා බුද්ධි අංශ ‘ යාපනයේ උදයන් පුවත්පත්’ බෙදාහරින්නට පහර දෙයි

  1. හසිත මඩවල ඝාතනය කර පැය 24 න් ඝාතකයන් අල්ලන්නට පොලිසිය සමත් නම් කිසිදු මාධ්‍ය මර්දනයක් පිළිබඳ විමර්ශන පමණක් දිගින් දිගටම අසාර්ථක වන්නේ ඇයි? පිළිතුර පැහැදිලිය. ඝාතනය කරන්නට පමණක් නොව ඝාතනය පිළිබඳ හොයන්නට ද අදාළ පුද්ගලයන්ට අවශ්‍යතාවයක් ඇති විය යුතුය.

    Posted by bingunma@gmail.com | January 10, 2013, 9:52 am

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements