you're reading...
සාමාන්‍ය පුවත්, හමුදාකරණය

උතුරේ මර්ධනය තවත් උග්‍රවෙයි ; මන්ත්‍රී ශ්‍රීධරන්ගේ කිලිනොච්චිය කාර්යාලයේ ‘පුපුරණ ද්‍රව්‍ය’ තිබුණේයැයි ත්‍රස්ත විමර්ෂණ චෝදනා කරයි

Sritharan

ආරක්ෂක අමාතංශ ලේකම් ජනාධිපති රාජපක්ෂගේ බාල සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂගේ සෘජු නියෝගයන්මත ක්‍රියාත්මක වන (ඊනියා) ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් මේ වනවිට උතුරේ ක්‍රියාත්මක වන මර්ධනයේ තවත් පියවරක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන්ගේ කිලිනොච්චිය කාර්යාලයෙන් සී-4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ නාට්‍යමය ජවනිකාවක අද (12) නිරත විය.

​මෙම සිදුවීම උතුරේ දී දෙමළ ජනායාට සහ දෙමළ දේශපාලඥයන්ට එරෙහිව ක්‍රියාත්මක කර ඇති මර්ධනයේ උච්චතම ස්ථානයක් බව උතුරේ දේශපාලන ක්‍රියාධරයන් පවසා සිටිති.

මැතිවරණ සමයේදී ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට සහයෝගය දැක්වූ වසන්තන් යන අය ඊයේ (11) දිනයේදී ත්‍රස්ත විමර්ෂණ ඒකක විසින් අත්අඩංගුවට ගත් අතර අද දිනයේදී ඔහු සමග ශ්‍රීධර්න මන්ත්‍රීවරයාගේ කාර්යාලයට පැමිණි ත්‍රස්ත විමර්ෂණ ඒකකය කෙලින්ම කාර්යාලයේ මුළුතැන් ගෙය වෙත ගොස් එහි තිබී එහි තීබීයැයි සී-4 වර්ගයේ හමුවූයේ යැයි චෝදනා කර සිටියහ.

ඒ සමගම ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් කාර්යාලයේ සිටි 38 හැවිරිදි වේලමාලිදන් යන අයද අත්අඩංගුවට ගනු ලැබීය.ඊට අමතරව ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම් පොන්නම්බලම් ලක්ෂිනාදන්වද ප්‍රශ්ණ කිරීමට ලක්කර ඇති බව කිලිනොච්චියෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.

ශ්‍රීධරන් නිහඬ කිරීමට ක්‍රමන්ත්‍රණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අවස්ථා ගණනාවකදී ශ්‍රීධරන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගෙන්වමින් ප්‍රශ්ණ කිරීම් සිදුකළ අතර පසුගිය දෙසැම්බර් 4 වැනිදා ඔහුගේ කිලිනොච්චිය කාර්යාලයට දී තිබූ ආරක්ෂාව හිටිහැටියේම ඉවත්කරන ලදී.

ඒ සම්බන්ධව පොලිස්පතිවර​යාගෙන් විමසා සිටියද තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් ​විශේෂයෙන්ම දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේද පාර්ලිමේන්තුවෙන් පිටතද හඩනගන හෙයින් ඔහු නිහඩ කිරීමේ දැඩි අවශ්‍යතාවයක් රාජපක්ෂ රජයට සහ ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂට ඇතැයි විශේෂයෙන්ම දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් නොනවත්වා හඩනගන දෙමළ දේශපාලඥයන් නිහඬ කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගොඨාභය රාජපක්ෂ විසින් දියත් කරමින් සිටිනබව අප සමග අදහස් දැක්වූ උතුරේ දේශපාලන ක්‍රියාධරයෙක් පවසීය.

උතුරේ මර්ධනය

මේවනිවිට යාපනය සරසවියේ සිසුන් ඇතුළු 100 කට අධික දමිළ තරුණයන් පිරිසක් පසුගිය මාස දෙකක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පාසල් සිසුවකු සහ ​​වෛද්‍යවරයෙකුද වෙයි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර්පොන්නම්බලම් හට ප්‍රශ්ණකිරීම් සඳහා ත්‍රස්ථවිමර්ෂණ ඒකකයට පැමිණෙන ලෙස නියෝගකර ඇති අතර යාපනය සාමය හා ප්‍රථිසන්ධානය සඳහා වන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක පූජ්‍ය ප්‍රවීන් පියතුම්න්ව ඊයේ(11)අපාරාධ විමර්ෂණ මූලස්ථානය වෙත කැඳවමින් ප්‍රශ්ණ කරනු ලැබීය. පසුගිය සතියේදී එම කර්යාලයද ත්‍රස්ථ විමර්ෂණ ඒකකයේ සෝදිසි කිරීම් වලට ලක්විය.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements