you're reading...
විදෙස්

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව – 2013 , බ්‍රිතාන්‍ය වර්ජනය කළයුතුයි – බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මන්ත්‍රීනියක්

CHOMG 2013

2013 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව බ්‍රිතාන්‍යය රජය විසින් වර්ජනය කලයුතු බව එරටෙහි කම්කරු පක්‍ෂය පාර්ලිමේන්තු මංත්‍රිනී සියෝෆාන් මැක්ඩොනා ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකාවේ හම්බන්තොට් පැවැත්වීමට නියමිත,පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට බ්‍රිතාන්‍යය සහභාගීවුවහොත්, එය ‘යුධ අපරාධකරුවන් ‘ ශක්තිමත් කිරීමක් බවද ඇය විසින් Progress Online වෙබ් අඩවියට ලියන ලද ලිපියක් මගින් අවධාරණය කර සිටී.

එම ලිපියෙහි දැක්වෙන්නේ

” 2009 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති අවසන් යුද්ධයේදී ශ්‍රී ලංකා රජය විසින් “ ආරක්ෂිත කලාපය” ලෙස නම් කල ප්‍රදේශයේ රැඳි සිටි ජනතාව වෙත හමුදාව එල්ල කල බෝමිබ සහ බරඅවි ප්‍රහාරායන්ගෙන් දහස් ගනන් ජනතාව ඝාතනය විය. මෙම යුද්ධයට මැදිව සිටි සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමේ වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැහැර හැර ඇති බව 2012 නොවැමිබර් මාසයේදි එම සංවිධානය විසින් නිකුත් කල අභ්‍යන්තර වාර්ථාවකින් පෙන්වා දි ඇත.”

යුද්ධය නිමවී වසර 4ක් ගතවී ඇතැත්, යුද්ධයේදී සිදුකල යුධ අපරාධ සහ මානව හිමිකමි උල්ලංඝනය කිරීමි පිළිබඳව ස්වාධින පරීක්ෂණයක් සිදුකර වරදකරුවන් නීතීය ඉදිරියට රැගෙනඒමට කටයුතු කර නොමැති අතර ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ සිදුවූ යුධ අපරාධ නොසලකා හරමින් සිටින බවත් මේ හේතුවෙන් ශ්‍රි ලංකාවෙහි තවදුරටත් පැහැරගැනිම්, අතුරුදහන්විමි, නිතිවිරෝධි ඝාතනයන් සහ ලිංගික හිංසාවන් සිදුවෙමින් තිබෙන බවද සිය ලිපිය මගින් ඇය අවධාරණය කර ඇත.

” බ්‍රිතාන්‍යය කමිකරු පක්‍ෂයේ සිටින අවස්ථාවේදි ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවූ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යය ඩෙවිඩ් බිලිබෑන්, ශ්‍රි ලංකා රජයේ මානව හිමිකමි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අදහස් පලකරන ලදී. එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගෙන තිබු ව්‍යාපාරික ගිවිසුම් ඉවත්කල කම්කරු පක්‍ෂ රජය, ශ්‍රී ලංකාවේදී පොදු රාජ්‍යය මණ්ඩලීය සමුළුව පැවැත්වීම නතර කිරීමට උත්සහ කරන ලදී.”

බ්‍රිතාන්‍යයේ රජයේ පාර්ලිමේන්තු නියෝජිත විලියමි පෝක්ස් සහ ඇඩමි වෙරිට් යන අය ශ්‍රී ලංකා සංවර්ධන කටයුතු මුවාවෙන් ශ්‍රී ලංකාවට ගොස් ජනාධීපති මහින්ද රාජපක්ෂව හමුවී ඇති බවත් එලෙසම ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මත වත්මන් බ්‍රිතාන්‍යය සන්ධාන රජයේ පාර්ලිමේන්තු නියෝජිතයින් බොහෝ දෙනෙකු ශ්‍රි ලංකාවේ සංචාරය කර ඇති නමුත් කමිකරු පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයින්ට මෙවැනි ආරාධනාවක් කර නොමැත අතර බ්‍රිතාන්‍ය රජයට මානව හිමිකමි කඩ කිරීමි වලට වඩා ආර්ථික සබඳතා වැදගත්වී ඇති බවට ස්පේයින් මැක්ඩොනා බ්‍රිතාන්‍ය රජයටද චෝදනා සිටී.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ප්‍රතික්‍ෂේප කල යුතුයැයි කැනඩා රජය කල ඉල්ලීම වර්ථමාන බ්‍රිතාන්‍ය රජය ප්‍රතික්‍ෂේප කර ඇති බවත් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී මානුෂ්‍යත්වයට එරෙහිව සිදුවූ අපරාධයන් ප්‍රචණඩත්වයන් සිදුවූ බව තහවුරු වී ඇති අවස්ථාවක, එහි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව බ්‍රිතාන්‍යය රජය ප්‍රතික්ෂේප කල යුතු බව කමිකරු පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතවරියගේ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements