you're reading...
විදෙස්

කුර්දිස්ථාන් , තමිල් ඊළම් සහ රාජ්‍ය වෙඩික්කරුවෝ

Kurdhish

නිදහස් කුර්දිස්ථානයක් වෙනුවෙන් අරගල කරන කුර්දි කම්කරු පක්ෂයේ ( PKK ) ආරම්භක සාමාජිකාවක ඇතුළු තවත් කාන්තා ක්‍රියාකාරිනියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුනේ සුප්‍රසිද්ධ පැරිස් නගර මධ්‍යයෙදිය. ඒ ප්‍රංශ දෙමල සම්භාන්දීකරන කමිටුවේ ප්‍රධානි නඩරාජා මතිතරන් නොහොත් පරිදි ඝාතනයේ මතකයන් වියැකී යන්නටත් මත්තෙනි. වෙඩි තබා ඝාතනය කෙරුණු සකීන් කසීස් , ෆිදාන් දොගාන් සහ ලෙයිලා සොයිලෙමෙස් ගේ සිරුරු සොයාගැනුනේ පැරිස් 10 ගාර්දී නෝර්ඩ් ප්‍රදේශයේ හි කුර්දි තොරතුරු මධ්‍යස්ථානය තුල තිබියදීය..ප්‍රංශ ජනාධිපති හොලන්ද් ගේ සමාජවාදී ආණ්ඩුවද මෙම සිද්ධියෙන් සලිත විය . එනිසාවෙන්ම ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාද කුර්දි මද්‍යස්ථානය වෙත පැමිණියේය. පසුගිය ජනාධිපති වරණයේදී කුර්දි වරුන් බොහෝ දෙන සිය සහය පල කරනු ලැබුයේ ප්‍රංශ සමාජවාදීන් වෙතය .

කුර්දිස්තාන් අරගලයේ නිධාන කතාව ඔටෝමන් අධිරාජ්ජය දක්වා විහිදෙන්නකි. අදවන විට කුර්දිස්ථානය ඉරාකය , සිරියාව , ඉරානය, සහ තුර්කිය රටවලට බෙදීගොසිනි. ඉරාකයේ සදම් හුසේන් ගේ පාලන සමයේ දී වඩාත් පීඩාවට පත් වුයේ කුර්දි වරුන්ය. ඔහුගේ පාලන සමය තුල කුර්දි වරුන් විශාල ප්‍රමාණයක් ඝාතනය කෙරිණි.බොහෝ පිරිසක් බටහිර රටවලට පිටුවහල් විය .ඉරාකයට අමතරව වැඩි කුර්දි වරුන් පිරිසක් වෙසෙන්නේ තුර්කියෙයි. මිලියන 75 ක් පමණවන තුර්කි ජනගහනයෙන් මිලියන 15 ක් කුර්දි වරුන්ය.

ප්‍රධාන සුළුතර ජනකොටස වන්නේ කුර්දි වරුන්ය.80 දශකයේ දී පමණ සිය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් තුර්කි රජයේ හමුදා වලට එරෙහිව සන්නද්ධ අරගලයකට නායකත්වය සපයන්නේ මාක්ස් – ලෙනින්වාදී පක්ෂයක් වන කුර්දි කම්කරු පක්ෂයයි.(PKK ) කුර්දි භාෂාව කතා කිරීම පවා අහිමි කල තුර්කි පාලකයන් දැඩි මර්ධන කාරී පිළිවෙතක් කුර්දි වරුන් කෙරෙහි අනුගනය කළේය. අද වන විටත් මෙහි ස්කිසිදු වෙනසක් පෙන්නුම් කර නොමැති බව මම ඝාතනයෙන් පෙන්නුම් කරයි.බොහෝ PKK ක්‍රියාධරයන් දරුණු වධ බන්ධන මධ්යයේ තුර්කි සිරකදවුරු වල සිරගත කර ඇත .ඒ අතර කුර්දි කලාකරුවන් , බුද්ධිමතුන් , ජනමාධ්‍යවේදීන් පමණක් නොව කුර්දි කම්කරු පක්ෂයේ නායක අබ්දුල්ලා ඔෂලාන් ද වෙයි. 1999 දී තුර්කි හමුදා මගින් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගන්නා ඔෂලාන් ජීවිතාන්තය දක්වා සිරදඩුවමකට යටත් කරන්නේ දැඩි මානසික හා කායික වධ බන්ධනයන්ගේ අඩුවක් නොමැතිවය. පසුගිය වසර කිහිපය පුරාම තුර්කි බලධාරීන් හා PKK අතර බලය බෙදාගැනිමකට කතා බහ පැවතිනි.
ඒ තව දුරටත් මාක්ස්- ලෙනින්වාදී ස්ථාවරය ගරුකොට ගනිමින්ය .PKK සංවිධානය තුර්කියටත්, ඇමෙරිකාවටත් , යුරෝපා සංගමයටත් අනුව නම් ත්‍රස්තවාදී ය .තුර්කි වම ට අනුව ජාතිකවාදී බෙදුම්වාදී වියපාරයකි .එය ශ්‍රීලංකාවේ දෙමල විමුක්ති වියාපාරය සම්බන්ධයෙන් ලංකාවේ වම්මු දරන ස්ථාවරය මෙනි.

ඝාතනයට ලක් වූ සකීන් කසීස් PKK නායක ඔෂලාන් ගේ සමීපතමයෙක් මෙන්ම එහි පුරෝගාමියෙකි. 1980 දී තුර්කි රජයේ හමුදා විසින් අත්අඩංගුවට ගන්නා සකීන් දරුණු වධයට ලක්විය .84 සිරියා කදුකර ප්‍රදේශවලදී ඔෂලාන්ගේ සොයුරු ඔස්මාන් සමග එක්ව සංවිධාන කරනුයේ ඉන් අනතුරුවය.. පසුව PKK හි කාන්තා අංශය ශක්තිමත් කිරීමේ වගකීම සකින්ට පැවරුණි.PKK හි සන්නද්ධ ගරිල්ලන් අතරින් තුනෙන් එකක් කාන්තාවන්ය .
සකින් තවත් වතාවකදී බර්ලින් නුවර දී අත්අඩංගුවට ගෙන නිදහස් වුයේ ඇයව තමනට බාරදෙන ලෙස කල තුර්කි රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල ජර්මන් අධිකරණ තීන්දුවත් සමගිනි. පසුව ඇය ක්‍රියාත්මක වන්නේ ප්‍රංශයේ කුර්දි සංවිධාන සම්මේලනය තුලිනි.

සකින් තවත් වතාවකදී බර්ලින් නුවර දී අත්අඩංගුවට ගෙන නිදහස් වුයේ ඇයව තමනට බාරදෙන ලෙස කල තුර්කි රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල ජර්මන් අධිකරණ තීන්දුවත් සමගිනි. පසුව ඇය ක්‍රියාත්මක වන්නේ ප්‍රංශයේ කුර්දි සංවිධාන සම්මේලනය තුලිනි.

32 හැවිරිදි වියේ පසුවූ ෆිදාන් දොගාන් බෙල්ජියමේ – කුර්දිස්ථාන් ජාතික කොංග්‍රසයේ පැරිස් නියෝජිත වරියයි. සකින් සමග ඇයද ඝාතකයන්ගේ වෙඩි පහරින් මියගිය අතර අනෙක් සාමාජිකාව ලෙයිලා සොයිලෙමෙස් තරුණ ක්‍රියාකාරිනියකි.

ඝාතන මෙය කුර්දි වරුන්ට එරෙහිව ප්‍රංශයේදී සිදුවූ පළමු දේශපාලන ඝාතනයවෙයි.” තුර්කිය සමග සන්නද්ධ ගැටුම් උත්සන්නව තිබු 1990 වසර වලදිවත් මෙවන් දේ සිදුනොවූ බව පැරිසියේ කුර්දි තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කෙන්දාල් නෙසාන් පවසයි .

සිද්ධිය සැලවූ වහා පැරිසියට එක්වූ කුර්දි වරුන් විශාල පිරිසක් සිය වේදනාවන් හා කෝපය සමග උස් හඬින් කියා සිටියේ ඝාතකයන් තුර්කි රජය බවයි. තුර්කි රජයේ බුද්ධි අංශ හරහා මෙම ඝාතය සිදුකොට ඇති බවට ඔවුන්ගේ අදහස විය. මෙය කුර්දිවරුන්ට එරෙහිව ප්‍රංශයේදී සිදුවූ පළමු දේශපාලන ඝාතනය වෙයි . ” තුර්කි රජය සමග සන්නද්ධ ගැටුම් උත්සන්න ව පැවති 1990 වසර වලදිවත් මෙවැනි දේ සිදුවුයේ නැහැ ‘ පැරිස් කුර්දි තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කෙන්දල් නෙසාන් පවසයි . ප්‍රංශය තුල සිටින කුර්දි වරුන්ගේ ජනගහනය 150,000කි.ඉන් බහුතරය තුර්කි කුර්දි වරුන්ය.

පැරිස් දෙමල සම්බන්දීකරන කමිටු ප්‍රධානි ‘ පරිදි’ ඝාතනයේදීත් චෝදනා එල්ලවූයේ ශ්‍රීලංකා රජය කෙරෙහිය. එය සනාථ කරමින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් ප්‍රංශ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධ තාවයක් පිළිබඳව හෙළිකර ඇතිබව ප්‍රංශ මාධ්‍ය මගින් ප්‍රකාශ කලේය .එම චෝදනා ශ්‍රීලංකා බලධාරීන් ප්‍රතික්ෂේප කරනු ලැබුයේ දෙමල දේශපාලන සංවිධාන අතර පැවති අභ්‍යන්තර බල අරගලයක ප්‍රතිපලයක් ලෙසින් ’ පරිදි’ ඝාතනය කර ඇතිබවය. ඒ අනුවම සකීන් ,ෆිදාන් ,සහ ලෙයිලා ගේ ඝාතනය සම්බන්දයෙන් තුර්කි බලධාරීන් පවසනුයේද එවැනිම දෙයකි. ” පසුගිය වසර කිහිපය පුරාම PKK ඇතුලේත් මතගැටුම් පැවතුනා , මෙහි එක PKK තිබුනේ නැහැ .” තුර්කි පාලක AK පක්ෂයේ උප සභාපති හුසේන් සෙලිත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

Courtesy : PARIS TODAY
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements