you're reading...
දේශපාලනය

ශ්‍රීධරන්ට එරෙහි ‘ත්‍රස්ත විමර්ෂණ’ නාටකය

Sritharan

2 වන සංස්කරණය |

උතුරේ දෙමළ දේශපාලඥයන්ට එරෙහිව රාජපක්ෂ රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින මර්ධනයේ නවතම අදියර වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රිදරන්ට අයත් කිලිනොච්චි දිස්ත්‍රික් කාර්යාලයයේ තිබු සොයාගත්තේයැයි කියන පුපුරන ද්‍රව්‍ය සම්බන්ධව ඉතිහාසයේ සිදුනොවු අන්දමින් හාස්‍ය ජනක මෙන්ම නාට්‍යමය ආකාරයේ පරික්‍ෂණයක් ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝගමත හමුදාව සහ (ඊනියා) ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් ආරම්භකර ඇත.

ව්‍යස්ථානුකූලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇති මන්ත්‍රී වරප්‍රසාද අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාලයක් පරීක්ෂා කරන්නේනම් එම මන්ත්‍රීවරයාගෙන් අවසර ලබාගත යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගෙන් කිසිදු අනුමැතියක් නොගෙන කාර්යාලයට ඇතුලුවූ හමුදාව සහ පොලීසිය විසින් කාර්යාලය පරික්‍ෂාකර දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත්‍රික්ක සංවිධායකවරයා අත් අඩංගුවට ගෙන ඇත.

කවුද මේ රංගන්?

මෙම සිදුවිම අවස්ථාවේදී යාපනයේ ක්‍රියාත්මකවන කිසිදු මාධ්‍යයකට එම ස්ථානයට ඇතුළුවිමට ඉඩ ලබානොදුන් අතර නමුත් තිනමුරුසු පුවත්පතේ කිලිනොච්චිය වාර්තාකාරිනිය සහ ඊපිඩීපී සංවිධානය සමග කටයුතු කරන රංගන් යන අය අයට පමණක් එම සිදුවීම වාර්තා කිරීමට ඉඩදීම මෙහිදී කැපීපෙනන සිදුවීමක් විය.

රංගන්, කාලයකට පෙර කොළඹ මූලික කරගනිමින් කටයුතු කල ජනමාධ්‍යවේදියෙකු වූ අතර ඒ සමයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පවා ක්‍රියාකාරිකයෙකු වී සිටියේය. නමුත් පසුව ඔහු අමත්‍ය ඩග්ලස් දේවානන්ද සමග සම්බන්ධ වූ අතර මේ වනවිට හමුදා බුද්ධි අංශ සමග කටයුතු කරන ප්‍රධාන පෙලේ දෙමළ නියෝජිතයෙකි.

ත්‍රස්ත විමර්ෂණ ඒකකය ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ කිලිනොච්චිය කාර්යාලයට ඇතුළු වී ඉතාම සුළු කාලයක් තුළ රංගන් එම ස්ථානයට පැමිණි අතර ඔහුට පමණක් කාර්යාලය තුළට ගොස් ඡායාරූප ගත කිරීමට අවස්ථාව ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් ලබාදුන්හ. එම සිදුවීමෙන් එකිනෙකා අතර පවතින සම්බන්ධතානවය කෙබඳුදැයි පැහැදිළි වන බව උතුරේ මාධ්‍ය ක්‍රියාකාරිකයන් පවසා සිටිති.

උතුරේ ක්‍රියාත්මක වන උදයන්,වාලම්පුරි, තිනකුරල් යන අනෙකුත් මාධ්‍යද එම සිදුවීම සැලවීමත් සමගම එම ස්ථානය පැමිණි අතර ඒ කිසිවෙකුට සිදුවීම වාර්තා කිරීමට ත්‍රස්ථ විමර්ෂණ ඒකකය අවසර දුන්නේ නොමැත.

ශ්‍රී ලංකා ආරක්ෂක විසින් අංශ අවස්ථා ගණනාවකදී ශ්‍රීධරන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගෙන්වමින් ප්‍රශ්ණ කිරීම් සිදුකළ අතර පසුගිය වසරේ දෙසැම්බර් 4 වැනිදා ඔහුගේ කිලිනොච්චිය කාර්යාලයට දී තිබූ ආරක්ෂාව හිටිහැටියේම ඉවත්කරන ලදී.

ඒ සම්බන්ධව පොලිස්පතිවර​යාගෙන් විමසා සිටියද තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් ​විශේෂයෙන්ම දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේද පාර්ලිමේන්තුවෙන් පිටතද හඩනගන හෙයින් ඔහු නිහඩ කිරීමේ දැඩි උවමනාවක් රාජපක්ෂ රජයට පවතින බව මෙම සිදුවීම සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ උතුරේ දේශපාලන ක්‍රියාධරයෙක් පවසීය.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගෙන් අප සිදුකළ විමසීමකදී මන්ත්‍රීවරයා පවසා සිටියේ ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් කිලිනොච්චියේ පිහිටි තම කාර්යාලය වටලා පොලිතීන් මල්ලක පුපුරන තිබී හමුවූ​යේ යැයි පවසා එය රැගෙන ගිය බවයි. මන්ත්‍රීවරයා තවදුරටත් පවසා සිටියේ මෙය ඉතා සැළසුම් සහගතව සිදුකල ක්‍රියාවක් බවයි.

2008 වර්ෂයේදී මන්ත්‍රී සිවාජිලිංගම්ට එරෙහිව දියත් වූ හමුදා කුමන්ත්‍රණ

2008 වසරේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම් කේ සිවාජිලංගම්ගේ නිවසේ පුපුරන ද්‍රව්‍ය තබන ලෙස තමන්ට අණදුන් බවට ශ්‍රී ලංකා හමුදා නිළධාරියෙකු වන කැප්ටන් රවින්ද්‍ර ප්‍රියශාන්ත වඩුගේ බණ්ඩාර (38) කැනේඩියානු ආගමන විගමන බලධාරීන් ඉදිරියේ හෙළිදරව් කර කළ බවට කැනඩාවේ නැෂනල් පොස්ට් නැමති පුවත් පත වාර්තා කරසිටියේය.

” ඔවුන් මට කිව්වා මන්ත්‍රීවරයාගේ නිවසේ පුපුරන ද්‍රව්‍ය සහ ඩෙටනේටර් කීපයක් තබන ලෙස. සමහර විට එසේ කරන ලෙස මට කීවේ මන්ත්‍රීවරයාව චෝදනාවකට පටලවා ගැනීමේ අරමුණින් හෝ ඔහුව මරාදැමීමේ අරමුණින් වෙන්න පුළුවන්.” යනුවෙන් ඔහු කැනඩාවේ නැෂනල් පොස්ට් පුවත් පතට පවසා තිබුණි.

ඒ වගේම එම නි​යෝගය ආරක්ෂක අමාතංශයෙන් ලැබුණු බවට තමන්ගේ කර්නල්වරයා තමන්ට පවසූ බවත් ඔහු හෙළිදරව් කර සිටියේය.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර්පොන්නම්බලම් හට ප්‍රශ්ණකිරීම් සඳහා ත්‍රස්ථ විමර්ෂණ ඒකකයට පැමිණෙන ලෙස නියෝගකර ඇති අතර යාපනය සාමය හා ප්‍රථිසන්ධානය සඳහා වන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක පූජ්‍ය ප්‍රවීන් පියතුම්න්ව ඊයේ(11)අපාරාධ විමර්ෂණ මූලස්ථානය වෙත කැඳවමින් ප්‍රශ්ණ කරනු ලැබීය. පසුගිය සතියේදී එම කර්යාලයද ත්‍රස්ථ විමර්ෂණ ඒකකයේ සෝදිසි කිරීම් වලට ලක්විය.ණ ඒකකයේ සෝදිසි කිරීම් වලට ලක්විය.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements