you're reading...
හමුදාකරණය

උතුරේ ජනයා තවමත් පැල්පත්වල; ඔවුන්ගේ ඉඩම්වල ‘හමුදා නිවාඩු නිකේතන’

111

දහස් ගණනක් උතුරේ දෙමළ ජනයා තමන්ගේ ගේ දොර ඉඩකඩම් අහිමිව පැල්පත්වලට වී තෛයිපෝන්ගල් දිනය සමරන්නට වී ඇති මේ මොහොතේ හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර ඇති උතුරු දිග මුහුදුබඩ ප්‍රදේශයේ මයිලිඩ්ඩි සහ කන්කසන්තුරෙයි ප්‍රදේශයවල හමුදා නිවාඩු නිකේතන දෙකක පසුගිය ඉරිදා (13) දිනයේදී විවෘත කෙරුණි.

හමුදාවේ සියලුම නිලයන්හී සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට මෙම නිවාඩු නිකේතනයන්හී සිය නිවාඩු ගතකිරීමට පැමිණිය හැකි නමුත් එම අධිආරක්ෂිත කලාපයන් තුළ පිහිටා තිබූ තමන්ගේ නිවාස ව්‍යාපාරික ස්ථාන කිසිවක් වෙත පැමිණීමට උතුරේ දෙමළ ජනයාට අවසර නැත.

ශ්‍රී ලංකා යුධහමුදාපති ජගත් ඩයස් සහ උතුරු පළාත් හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ යන අය විසින් මෙම නිවාඩු නිකේතන විවෘත කළ බව හමුදා නිළ වෙබ් අඩවියේ දැක්වෙයි.

සේසත් ද පහත් රට බෙරඳ වාදනය කරමින් , බෞද්ධ භික්ෂූන්ගේ පිරිත් සත්ජායනා මැද මෙම හමුදා නිවාඩු නිකේතන විවෘත කිරීම සිදුකර ඇත.

සාමාන්‍ය දෙමළ ජනයාට අයිතිව තීබූ ඉඩකඩම් සියල්ල හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගත් අතර පසුව එම ප්‍රදේශය අධිආරක්ෂිත කලාප යනුවෙන් නම්කරන ලදී. මේවන විට එම ප්‍රදේශය පලෙයි සිට කන්තසන්තුරෙයි දක්වා හමුදා නගරයක් ගොඩගනමින් සිටින බව යාපනයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.

නැවත පදිංචි කිරීම

එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව යුද්ධයේ අවසාන කාල පරිච්චේදයේදී සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 100,000 ක් බවත් නැවත ඉදිකර ඇත්තේ එයින් 16,000පමණක් බවත් ටයිම්ස් සඟරාවේ දැක්වෙයි.

International Crisis Group මේ වසරේ නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ ” යුද්ධයෙන් පසුව නැවත සිය ගම්බිම්කරා නැවත පැමිණෙන දෙමළ ජනයාට නිවෙස් තනා ගැනීමට, කැම බීම සපයා ගැනීමට දැඩි අරගලයක් කිරීමට සිදුව තිබෙනවා. රැකියාවක් සොයාගැනීම ඉතා දුෂ්කර කටයුත්තක්. සිය ජීවිත ගොඩනගා ගැනීමට කිසිදු ආකාරයේ ආර්ථිකමය අවස්ථාවක් ඔවුන් හිමිවී නැත . එම ප්‍රදේශයන්ගේ වෛද්‍ය මධ්‍යස්ථාන කීපයක් සහ පාසල් කීපයක් පමණක් නැවත ගොඩනගා ඇත.” යනුවෙනි.

සාමාන්‍ය දෙමළ ජනයාට එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවූවද උතුරේ හමුදා සංචාරක කර්මාන්තය දිගින් දිගටම සිදුවෙමින් පවතී.

Source : Lankanewsweb | Photo Courtesy : Army.lk
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements