you're reading...
මානව හිමිකම්

යාපනය සරසවි සිසුන් වහා නිදහස් කරනු!

Sunil Jayasekara

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් වහාම නිදහස් කිරීමටත් උතුරේ මිලිටරි පාලනය ඉවත් කොට සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමටත් උතුරේ ඉඩම් කොල්ලය වහාම නතර කිරීමටත් ආණ්ඩුව පියවර ගත යුතු යැයි සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අත්අඩංගුවේ සිටින යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සිව් දෙනා වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කිරීමේ අන්තර්ජාල පෙත්සමකට අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි. සම අයිතිය ව්‍යාපාරය විසින් රාජගිරිය ‘සිංහ’ සමාජ ශාලාවේදී මෙම අන්තර්ජාල පෙත්සම විවෘත කරනු ලැබීය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර

ජනතාවගේ අදහස් පළ කිරීමට ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදී ඉතාම වැදගත්. පහනක් දැල්වීම කියන්නේත් අදහස් පළ කිරීමක්. එය අධිකරණය පවා පිළිගෙන තිබෙනවා. ඒ අයිතිය පිළිගත් අවස්ථාවක් තමයි, වත්මන් ජනාධිපතිවරයා ජනඝෝෂා නමින් කළ උද්ඝෝෂණයේදී බෙර නාද කළ පුද්ගලයකුට පොලිසියෙන් කළ පහරදීම පිළිබඳ පැවති නඩු විභාගය. මේ සිසුන් අත්අඩංගුවට ගෙන සිටින්නේ පහනක් දැල්වීම මගින් තමන්ගේ හැඟීම් ප‍්‍රකාශ කිරීමට උත්සාහ කළ නිසා. තුවක්කු නිහඬ වූ පමණින් සාමය ඇති වන්නේ නැහැ. සාමය සහ සහජීවනය ඇති වන්න නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර

‘අපි ආණ්ඩුවෙන් අහනවා, තමන්ගේ මිය ගිය ඥාතීන් සිහිපත් කර පහනක් දැල්වීමද ත‍්‍රස්තවාදය? එහෙමත් නැතනම්, ආයුද සන්නද්ධව විශ්වවිද්‍යාලය තුළට කඩා වැදිලා නිරායුද සිසුන්ට පහර දීලා තර්ජනය කිරීමද ත‍්‍රස්තවාදය? දැන් ආණ්ඩුව කියනවා, අත්අඩංගුවට ගත් යාපනයේ සිසුන් පුනරුත්ථාපනය කරන්න ඕන කියලා. පුනරුත්ථාපනය කරන්න ඕන ශිෂ්‍යයින් නොවෙයි. පුනරුත්ථාපනය කරන්න ඕන අය ඉන්නේ ආණ්ඩුවේ. ඝාතකයන්, ත‍්‍රස්තවාදීන්, ස්ත‍්‍රී දූෂකයින්, අපරාධකාරයින්, කුඩුකාරයින්, හොරු, සමාජ විරෝධී යැයි සම්මත සියලු ආකාරයේ විශමාචාර සිදු කරන්නන් ඉන්නේ පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ. ඒ අයයි පුනරුත්ථාපනය කරන්න ඕන.’’

යාපනය සරසවි සිසුන් නිදහස් කරනු - පෙත්සමට අත්සන් මෙතැන ක්ලික් කරන්න
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements