you're reading...
දේශපාලනය

නැගෙනහිර ප්‍රදේශීල ලේකම් කොට්ඨාශ ඒකාබද්ධ කිරීමේ උත්සාහයට දෙමළ සන්ධානයේ විරෝධය

Batti

මඩකලපුව,වාකරේ සහ කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, කෝරලයිපට්ටු මධ්‍යම සහ කෝරලයිපට්ටු බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සමඟ ඒකාබද්ධ කිරිමට රාජපක්ෂ රජ​ය ගෙන ඇති තීරණය සම්බන්ධව දෙමළ ජාතික සන්ධානය සිය විරෝධත්වය ප්‍රකාශ කර ඇත. එම සන්ධානය ප්‍රකාශ කර සිටින්නේ එම තීරණය සම්බන්ධව නැවත රජය කල්පනා කළ යුතුබවයි.

අවම තරමින් ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්ගෙන්වත් අදහස නොවිමසා රහසිගතව රහසිගතව සිදුකිරීමට යන මේ ක්‍රියාව හෙළාදකින බව දෙමළ සංධානයේ මඩකලපු කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පොන් සෙල්වරාසා මේ බව ප්‍රකාශ කර සිටියේය. ඊට අමතරව මෙම මාධ්‍ය හමුවට පි. අරියනේන්ද්‍රන්, නැගෙනහිර පලාත් සභා මන්ත්‍රි ආර්. තුරෙයිරත්නම්, කේ. තුරෙයිරාසසිංගම්, ඉන්දිර්කුමාර්, ප්‍රසන්න, එස් නඩරාජා, ජි.ක්‍රිෂ්ණපිල්ලයි යන දෙමළ දේශපාලඥයන්ද සහභාගී විය.

ජනතාවගේ කැමැත්ත අනිවාර්යයයෙන් ලබාගත යුතුයි

” මායිම් නිෂ්චය කිරීමට පෙර ජනතා නියෝජිතයින් සමගත් සාකචිඡා කලයුතු අතර, එම ප්‍රදේශයේ ජනතාවගේ කැමැත්තද ලබාගත යුතුය. එසේ නොකර හිතුමතේට තීරණ නොගත යුතු බව අප අවධාරණයක සිටිනවා. ”

යනුවෙන් පවසා සිටි දෙමළ සන්ධාන මන්ත්‍රී සෙල්වරාසා තවදුරටත් කරුණ දක්වමින් කියා සිටියේ එමෙන්ම මෙය දේශපාලඥයින් දෙදෙනෙකුගේ අනුමැතිය සහිතව රහසිගත අන්දමින් ක්‍රියාත්මක වී ඇති බව දැනගැනීමට ලැබී තිබෙන බවතා, මේ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන වි. මුරලිදරන් සහ පලාත් සභා මන්ත්‍රි එම්.එස්.එම් අමීර්අලි යන අය සමග පමණ සාකච්ඡා කර ඇති බවයි.

මෙම ප්‍රදේශවල බොහෝ දේශපාලකයින් සිටියදී මොවුන් දෙදෙනා සමඟ පමණක් සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇත. මෙලෙස ප්‍රදේශ ලේකම් කොට්ඨාශ හදිසියේ එක්කිරීමට උත්සහ කිරීම පිළිබඳ බලවත් සැකයක් ඇතිවී තිබෙන බවත්. මේ සම්බන්ධව අදාළ ප්‍රදේශයේ දේශපාලඥයන් සහ ජනතාව සමග සංවාදයක් මුලින්ම ආරම්භ කළයුතු බවත් අනිවාර්යයෙන්ම එම ප්‍රදේශයේ ජනයාගේ කැමැත්ත ලබාගත යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසීය.

මේ සම්බන්දයෙනක් සිය විරෝධය දැක්වෙන පෙත්සමක් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංන්ත්‍රීවරුන් සහ පලාත් සභා මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ස්වදේශ කටයුතු සහ පරිපාලන අමාත්‍යංශ ලේකම් කාර්යාලයට බාරදෙන ලදී.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements